මහින්ද නව පෙරමුණකින් ඉදිරි මැතිවරණයට

මේ පසුගිය දිනවල මාධ්‍ය විටින් විට රත්කරපු පුවතකි මහින්ද වෙනම පෙරමුණකින් ඉල්ලන බව ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් විටින් විට මාධ්‍ය මගින් අනාවරණය කළත් මහින්ද තවම ඔව් වෙනම පෙරමුණකින් ඉල්ලනවා කියා කියුවේ නැත

මහින්දට කොන්ද පණ නැද්ද වෙනම පෙරමුණකින් ඉල්ලනවාද නැද්ද කියන්න

මිනිසුන් මෙහෙම අහන්නේ මහින්ද වෙනම ඉල්ලනවාද කියා මහින්දගෙන් ඇසු විට පිළිතුරු නොදි මග අරින නිසාවෙනි. කොහොම නමුත් මහින්දට දැන් මේ වෙන්න යන්නේ උලත් නැතිවී පිළත් නැතිවෙන වැඩකි.
මන්ද විමල්ලා මේ හදන්නේ මහින්දගේ පිටින් ගොස් ජාමේ බේරා ගැනීමකි. විමල්ලාට මේ ආත්මෙකට ස්වාධීනව තනියම ඉල්ලා දිනන්නට බැරිය. මහා ලොකුවට කයිවාරු ගැහුවාට ගියවර චන්දේ ඉල්ලුවේද මෛත්‍රීගේ නායකත්වය තිබෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්ය. තනියම පැවැත්මක් නැති විමල් ඇතුලු මන්ත්‍රීවරුන් දැන් මේ හදන්නේ මහින්ද පිටින් දමා වෙනම පෙරමුණක් නිර්මාණය කරමින් මහින්දව විකුණන් කන්නටය.
වෙනම පෙරමුණු හදන්නේ මොකටද දැන් ඒකාබදධ විපක්ෂය ඇතුලෙම පෙරමුණු කියක් තියෙනවාද ?

ඒක අහන්න වෙන්නේද විමල්ලාගෙන්මය විමල්, ගම්මන්පිල තවම හිතන්නේ මහින්ද පිටින් ගොස් වැඩකරගන්නටය. ඔවුන්ට අනුව ඒකාබද්ධ විපක්ෂයේ මාර්කට්කරන්න ඇත්තේද මහින්ද පමණි. ඇත්තටම දැන් වෙනම පෙරමුණු හැදීමේ වුවමනාව ඇත්තේද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අනෙකුත් පත්ෂ මන්ත්‍රීවරුන්ටය. දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේය, විමල් ජාතික නිදහස් පෙරමුණේය, ගම්මන්පිල පිවිතුරු හෙළ උරැමයේය මොවුන් ගෙන් පිට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට වෙනම පෙරමුණු හැදීමට වුවමනාවක් තිබෙනවා කියා හිතන්නටද බැරිය පසුගිය දිනක ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කුමාර වෙල්ගම කියුවේ එහෙම පක්ෂ හදන්නට වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවය.

විමල් මේ හදන්නේ වෙනම පෙරමුණක් හදලා එයාගේ පක්ෂයේ සාමාජිකයන් වැඩි කරගන්ද ?

ඉදිරියේදී මෙහෙම අහන්නට වේදැයි දැන්ම කියන්න හදිසි විය යුතු නැත කොහොම වෙතත් විමල්ලාට ගම්මන්පිලලාට මහින්ද කනේ පාරක් ගැහුවේ පසුගිය දිනකදී අභයාරාමේදී පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවකදීය එනම් මහින්ද මෛත්‍රී - රනිල්ගේ ව්‍යවස්ථාවට පූර්ණ සහය දෙන බව ප්‍රකාශ කිරීමත් සමගය. මන්ද ඒකාබද්ධ විපක්ෂය කියුවේ ආණ්ඩුව ව්‍යවස්ථා භූතයෙක් මවනවා යනුවෙනි එහෙත් මහින්ද කීවේ මේ ව්‍යවස්ථාවට අපි පූර්ණ සහය දිය යුතුයි යන්නය.

විමලුයි ගම්මන්පිලයි ව්‍යවස්ථාවට විරුද්ද වෙද්දි ඇයි මහින්ද ව්‍යවස්ථාවට කැමති ?


මෙහෙම අහන්නේ මහින්ද ගේ කතාවෙන් පසු රටේ මිනිස්සුය කොහොම නමුත් ව්‍යවස්ථාවට විරුද්ධ මන්ත්‍රීනට මහින්ද ගැසූ කනේ පහරේ තරම කොපමණදැයි ඉදිරියේදී බලා ගන්නට හැකිය කොහොම විමල් මහා ලොකු කතා කියුවාට මැතිවරණයට ස්වාධීනය ඉල්ලන්න බයය. ඒ නිසා හැමදාම වාගේම මහින්ද ඉන්නතාක් විමල්ලා මහින්දගේ කරපිටින් යමින් තමන්ගේ අරමුණු ඉටුකරගන්න එක නවත්තන්නේද නැත. මහින්දට මේවා තේරෙන්නේද නැත එහෙම තේරෙන කාලේකට අපට කියන්නට ඇත්තේ අශ්වයා ගිය පසු ඉස්තාලේ වසා වැඩක් නැතකියා පමණි.
පසුගිය දින කිහිපයේ වැඩියෙන්ම කතා බහට ලක්වුනේ රජයේ වෛද්‍ය සංගමයය. ඔවුන්ගේ සංගමය පුවත් මවනා කතාකාරයෝ වුවාය. තමන්ගේ අයිතිවාසීකම් කප්පාදු කරමින් කටයුතු කරන ආන්ඩුවට එරෙහිව වර්ජනය කරන්න පටන් ගත්තේ අයවැයෙන් වාහන බලපත්‍රය අහෝසි කරන්නට රජය ගත් තීන්දුවත් සමගින්ය. ඒ අතින් බලන කල දැන් වෛද්‍ය වෘත්තියට වර්තමානයේ පැමිණෙන්නේ රෝගින් සුවපත් කරන්නට නොව වාහන බලපත්‍ර ගැනීමට දැයි අසන තරමට වෛද්‍ය සංගමය පුවත් මැවුවේය. මේ අතරම දැන් වෛද්‍යවරන් කියන්නේ සීපා ගිවිසුමක් ගැනය. සීපා ගිවිසුම ක්‍රියාත්මක කරන්නට රජය වෙර දරනවා යැයි දැන් පවසන වෛද්‍ය සංගමයට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පිලිතුරු දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඉහළ පුටුවල ඉන්නා පිරිසක් බොරු කියමින් තමන්ගේ සාමාජිකත්වයත්, රටත් රැවටීමට උත්සාහ ගන්නේ ඔවුන් තවමත් රාජපක්ෂ රෙජීමයේ වහලුන් නිසා බව පැහැදිලියි. මේ වහල් භාවයේ තරම කොතරම් ද කියනාව නම්, ඔවුන් රාජපක්ෂ රෙජීමය සීපා ගිවිසුම සකක් කරද්දි මේ වගන්ති කිසිවකටවක් විරුද්ද වුණේ නෑ. වෘත්තීය සේවාවන් සඳහා ඉන්දීය ජාතිකයන්ට අවසර ලබාදීමේ වගන්ති ඉවත් කරන්න කියා ඉල්ලා සිටියේ නෑ. අරගල කළේ නෑ. වර්ජන කළේ නෑ -- අගමැති රනිල් වික්‍රමසිංහ--



කතාව ඇත්තය. ඒ දවස්වල විරුද්ද වන්නට ඔය කියනා වෛද්‍ය සංගමයට කොන්ද පණ තිබුනේ නැත. මන්ද වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හිටියේ මහින්දගේ පැත්තේය. කඩේ ගියේ මහින්දටය. කියන්නේ මහින්ද ගැනමය කොහොම වෙතත් අගමැතිවරයාගේ මේ ප්‍රකාශයත් සමගින්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගිනි ගත්තේය. අගමැතිගේ ප්‍රකාශට විරුද්දව ජීනිවා යනවා කිවේය. දැවැන්ත වැඩවර්ජනයක් කරනවා කීවේය. අපි කාටවත් කඩේ යන්නේ නෑ කියා අතේ පැලවෙන බොරැ කිවේය. කෙසේ වෙතත් මාධ්‍ය හමුවක් පවත්වා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රකාශ කරමින් කියා සිටියේ කීවේ අපි මහින්දට කඩේ ගියෙත් නෑ, වික්‍රමසිංහලාට කඩේ යන්නෙත් නෑ කියාය සංගමයේ නිලධාරින් කඩේ නොගියාට සභාපති නම් මහින්දට ගෙඩි පිටින් කඩේ ගියේය. පසුගිය ජනපතිවරණයේදී මහින්දට සහය පල කරමින් වෛද්‍ය සංගම් එකමුතු හමුවකදී වෛද්‍ය පාදෙණිය කීවේ මෙහෙම කතාවකි.



දර්ෂනයක් ව්‍යර්ථ කරන්න කටයුතු කරන්නේ යම් කිසි විදිහකින් තමන්ට වෙච්ච
අඩුලුහුඬුකමක් හෝ එහෙමත් නැත්නම් වෛරයක් පිරිමහන්න කියන කාරණයේදී ඒක නිසා අපි හිතනවා වෛද්‍යවරු හැටියටත් රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් පිරිසක් හැටියටත් දර්ෂණයක් තුලින් පමණයි රටක් ඉදිරියට යන්නට පුලුවන් වෙන්නේ ඒ නිසා අපි ඔබතුමාට (මහින්ද රාජපක්ෂ) සහය පළකරනවා       - අනුරුද්ද පාදේණිය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය--




ඒ අනුව නම් බලන කල රජයේ වෛද්‍ය නිදධාරින්ගේ සංගමය කෙසේ වෙතත් එහි සභාපතිවරයා නම් මහින්දට කඩේ ගිය අයෙක් බව මනාව පැහැදිලි වනවාය. රනිල් වික්‍රමසිංහට අනුව නම් වෛද්‍ය පාදෙණිය මහින්දට සුපර් මාකට් ගියේය. ඒ කෙසේ වෙතත් කාලයක් පාදෙණිය හිටියේ අරලියගහ මන්දිරේමය ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වුයේ පොඩි මහින්දයනුවෙනි. ඒ තරම්ම මහින්දගේ කොපියක් බවට පත්වන්නට වෛද්‍ය පාදෙණිය සමත් වූවේය. කොහොම වෙතත් වෛද්‍ය පාදෙණියගේ මිතුරකු ඒ දවස්වල කීවේ මෙහෙම කතාවකි.

" ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය  කියලා."

මෙහෙම කතා තියෙද්දි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කීවේ අපි මහින්දට කඩේ ගියෙත් නෑ, වික්‍රමසිංහලාට කඩේ යන්නෙත් නෑ කියාය එහෙම වන්නට පුළුවන. කොහොම නමුත් අප දන්නා පරිදි දැන් වෛද්‍යවරුන් ඉස්සර වගේ නොවේය. ඉස්සර වෛද්‍යවරු දෙවිවරු කියා හැඳින්වුට දැන් එහෙම හඳුන්වන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්ණයකි. දැන් හැමදේම දේශපාලනික වී අවසානය. ඉදිරියට වන්නේද මෙයමය. රනිල් වික්‍රමසිංහට තියා මහින්ද රාජපක්ෂ වුවත් රට ගොඩගන්න බැරි වන්නේද මේ පිල් බෙදිල්ල නිසා වන්නට පුලුවන. පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතා කල ප්‍රකාශය නම් පට්ටය, පංකාදුය, එහෙත් ඒවා තේරැම් ගන්නට පිල් බෙදී ඉන්නා වෘත්තිය සමිතිවලට පුලුවන්දැයි ඇසිය යුත්තේද ඔවුන්ගෙන්මය.

ඡයාරූප උපුටා ගැනීම ලංකාදීප වෙබ් අඩවිය ඇසුරිණි.
සියළු සැප රාජ්‍ය සේවය පිණිසමද ?

පසුගිය දිනවල රාජ්‍ය සේවකයන් බොහෝමයක් තම අයිතිවාසිකම් ඉල්ලමින් මහමග උද්ඝෝෂණය කරනු දක්නට ලැබුණි. වෛද්‍යවරයා වාහන බලපත්‍රයටත්, අනෙකුන් විශ්‍රාම වැටුපටත්, ප්‍රවාහන අමාත්‍යාංශය බත්තරමුල්ලට ගෙනයාමට විරුද්දවත් සහ තවත් බොහෝමයක් හේතුන් මුල් කරගෙන උද්ඝෝෂණය කරනු දක්නට ලැබුනි මේ සිදුවිම් දකින්නට ලැබෙද්දි පෞද්ගලික අංශයේ සේවකයන්ට සිතෙනු ඇත්තේ "උන්ට ඔක්කොම දිලා අපිට ඇරියනම් හරි"  කියාය. මන්ද පෞද්ගලික අංශයේ සේවකයාට වාහන බලපත්‍රයක් නැත, විශ්‍රාම වැටුපක් නැත, අයවැයෙන් වැටුප් වැඩිවන්නේ ද නැත, අඩු වැටුපක් ලබන සේවකයෙකුට බැංකු ණයක් ගැනීමට ද නැත, අඩු මුදලට ලංගමේ යන්නටද නැත රාජ්‍ය සේවකයාට මේ සියල්ලම ඇත. 
" එහෙම පහසුකම් තියෙද්දිද මුන් මේ උද්ඝෝෂණ කරන්නේ "
 මෙහෙම අහන්නේ පෞද්ගලික අංශයය. මුන්ට නැති රජයේ උන්ට ඇති මේ වරප්‍රසාද අවභාවිතාව කරගන්න යන කාලකණ්නි රාජ්‍ය සේවකයා දැනගත යුතු වන්නේ උන්ට ඇති මුන්ට නැති මේ වරප්‍රසාද මුන්ටද ලබා දීමටය. 

          අනෙක් කරැණ වන්නේ මෙරටේ රාජ්‍ය සේවය ශක්තිමත් වන්නේ පෞද්ගලික සේවයක් නිසාය. සවස පහ පසුවන්නට මත්තෙන් ආයතනයෙන් පිටවන රාජ්‍ය සේවයේ ඇතැම්මුන්ට ඇති ඒ හොර වැඩය පෞද්ගලික අංශයේ සේවකයන්ට කරන්නට බැරිය. රාජ්‍ය සේවයේ උන්ට වඩා පෞද්ගලික සේවයේ මුන් සේවය කර රජයට වැඩි ආදායමක් ලබා දෙනු ඇත. මේ රටේ රාජ්‍ය ආයතන කොපමණ ගණනක් පෞද්ගලික අංශයේ සේවයෙන් ලැබෙන ආදායමෙන් ශක්තිමත් වෙනු ඇත්දැයි මේ උද්ඝෝෂණය කරන එකෙක්වත් නොදන්නවා විය යැකිය.

         තවද රජයේ උන් සිතන්නේ උන් පොරවල් කියාය රජයේ ආයතනයකට සේවයක් ලබා ගැනීමට ගියහොත් සිදුවන දේ ගැන අමුතුවෙන් කිය යුතු නැත පහසුවෙන් කරගන්නට නම් අල්ලසක් ලබා දෙන්නට සිදු වනු ඇත එහෙම එවුන් ම තමන්ට වරප්‍රසාද මේ අරගල කරන්නට යාම වෙනනම කථාවක් වනු ඇත මේ යන ගමන අවසානයේ ඉතුරුවන්නේ "සේවය ලබා ගන්න පැමිණෙන අයගෙන් ගාස්තුවක් අපට ලබා ගැනීමට ඉඩදියව්" යන්න අරගලයකින් විය හැකිදැයි නොවේදැයි සිතෙනු ඇත.
          
       රාජ්‍ය සෙවයට ලැබෙන්නාවූ මේ පහසුකම පෞද්ගලික අංශයට ලබා ගැනීමට හැකියාවක්ද නැත. වෘත්තිය සමිති ගොඩනංවාගන්න උත්සාහා කලහොත් සිදුවන්නේ පසුදින දිට සේවයට ආයුබොවන් කියන්නටය. ආයතනයත් සමග ගැටළු ඇතිකරගෙන වෙන ආයතනයකට යන්නට සේවා සහත්කයක් ගන්නට යාමේදී සිදුවන්නේ දහසක් කතා අහන්නටය එහෙම වුන්ගේ සේවය ගැන රාජ්‍ය සේවකා සිතිය යුතු එහෙම නැතුව මේ යන්නේ උන් තනිවම බුදුවන්නටය. තවද පෞද්ගලික සේවකයන් උත්ඝෝෂණයන්ට බිය වන්නේ තමන්ගේ රැකියාව නිසා බව දන්නේ දනිති. කෙදිනකහෝ සමස්ථ පෞද්ගලික අංශ සේවකයක් තමන්ගේ අයිතින් දිනා ගැනීමට වැඩ වර්ජන කල හොත් රජයට මෙන්ම පෞද්ගලික අංශයේ සේවක හිමිකාරිත්වයට බබා හම්බෙන්නේද එදාටය. මන්ද රාජ්‍ය සේවකයා රටේ ආර්ථිකයටලබාදෙන සොච්චමට වඩා වැඩි ආධායමක් පෞද්ගලික අංශයෙන් රටට ලැබෙන නිසාය. මේ හැම දේකින්ම අවසන් ප්‍රතිථලය වන්නේ පෞද්ගලික අංශයේ සේවකයා පීඩාවට පත්වීම නොවෙදැයි රජය මෙන්ම පටු අරමුණු වෙනුවෙන් අරගල කරන්නාවූ කාලකණ්නි රාජ්‍ය සේවකයාද දැනගත යුතුය.
දැනට ගාල්ල වරායේ නැංගුරම් දමා ඇති ඇවෙන්ට්ගාඩ් නෞකාව


2010 ජනවාරි8 වෙනිදායින් ලැබු දේශපාලන කරණමත් සමග ඇතිවු ජාතික ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ දින (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබුවේ මුදල් ඇමතිවරයා වූ රවී කරැණානායක විසිනි රවීගේ අයවැයට අනුව නම් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා රැසක මිල ගණන් පහත වැටී තිබුණි. මීට පෙර ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා මධ්‍ය කාළීන ආර්ථික ප්‍රතිපත්ති නෙවැම්බර් 05 වැනිදා පාරිලිමේන්තුවට ඉදිරිපත් කලේය. කෙසේ වෙතත් බැලූ කල අයවැයනම් පට්ටය, පංකාදුය කෙසේ වෙතත් පසුව නම් කෙසේ වෙයිදැයි අප දන්නේ ද නැත මේ කෙහොම වෙතත් අයවැයෙන් පසු ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වනවානම් ආණ්ඩුවේ පැවැත්ම හොඳය.

   මේ අතරම ආණ්ඩුවේ ඇතුලත අර්බුද විටින් විට කරළියට පැමිණෙන්නේ ඇවෙන්ට් ගාඩ් නැව හරහාය පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අල්ලස් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සටහන් කරමින් මාධ්‍යට පැවසුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ඉතිහාසයේ ප්‍රථම වරට ඇවන්ට් ගාඩ් සුරකින බවය ඒ අනුව බලන කල නම් මන්ත්‍රීන්ටත් වැඩිය ලොක්කෙක් බවට පත්ව ඇත්තේ ඇවෙන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිය. පැමිණිල්ල සටහන් කරමින් වැඩිදුරත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක පැවසුවේ සේනාධිපතිගේ සඟයා ගොඨාභය රාජපක්ෂ අවි ජාවාරම්වලට කප් ගහපු පොරක් මෙන්ම මිග් යානා ගනුදෙණුවෙන් කොටි ගණනින් මුදල් ඉපයු බවත් මේ සම්බන්ඳව ඔහුට ගල්කිස්ස 

ඇවන්ට්ගාඩ් අධිපති
නිශ්ශංක සේනාධිපති

උසාවියේ නඩුවක්ද ඇති බවත්ය. එහෙත් තවමත් මේ සම්න්දයෙන් ආණ්ඩුවට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවේද යන්න ඇත්තේ විශාල ප්‍රශ්නයකි විජේදාස රාජපක්ෂ ඇවෙන්ට් ගාඩ් සුරකිද්දි රාජීත සේනාරත්න එය පතුරු ගැසුවේය රාජිතට මිලියන 500ක් දීමට සුදානම් වූ බවත් ඔහු එය ප්‍රතික්ශේප කල බවත් රාජිත සේනාරත්න පැවසු අතර එහි හඬපට මේ දිනවල අන්තර්ජාලයේද දක්නට ලැබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ අර්බුදය පැන නගින්නේ මේ හරහාය ඒ අනුව දැන් විජේදාස සහ රාජිත අතර ගැටුමක් නිර්මාණය වී ඇත.

 කෙසේ වෙතත් ගැටුම උත්සන්න වන විට ජනාධිපතිවරයා ඇවෙන්ට් ගාඩ් සම්බන්ද සියලු ගිවිසුම් අහෝසි කර ඇවෙන්ගාඩ් නාවික හමුදාවට පවරා ගන්නට කටයුතු කලේය. රටේ අගමැතිවරයා ජනාධිපතිවරයා ඇවෙන්ට්ගාඩ් නීතිවිරෝධි බව සඳහන් කලත් විජේදාස සහ තිලක් මාරපන ඇවෙන්ට්ගාඩ් හොදයි යන්න පැවසීම නම් සැකයකි. එසේ නම් සේනාධිපතිගෙන් මොවුන් දෙදෙනා මුදල් ලබා ගෙන ඇතද යනුවෙන් විමර්ෂනය කල යුතුය ඇවෙන්ට්ගාඩ් පරීක්ෂණ යට ගැසීමඋදෙසා ක්‍රියා කල ප්‍රධාන ඇමතිවරැන් දෙදෙනා ද වන මොවුන් පිළිබඳ ජනතාවට දැන් ඇත්තේ ද සැකයකි තිලක් මාරපන ඉල්ලා අස්වුනා මෙන් විජේදාසටද අස්වන ලෙස මේ වන විට ජනතා මතයක් නිර්මාණය වන්නට පටන් ගෙන ඇත අප ඇවෙන්ට්ගාඩ් නීති විරේධි කියන්නේද නැත නීත්‍යානූකූලද කියන්නේ නැත මෙරට ආන්ඩුවක්, ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ජනාධිපති කොමිසමක්, පොලීසියක් නීතියක්, අධිකරණයක් ඇතුලු මේ සම්බන්දව පරීක්ෂන පැවැත්විය හැකි ආයතන සහ පිරිස් සිටියදී මේ සම්බන්දව අප අදහස් දැක්වීම නොකල යුතුය. මොනයම් හේතුවකින්හෝ ඇවෙනට්ගාඩ් හොඳවූව හොත් ඒ සම්බන්දව අදහස් දැක්වූ අප නරකය. ඒ ලංකාවේ හැටිය. 

අහඹු ලෙස දුටු රුව සොයාගෙන
කාලයට ඉඩ දී තවත්
පසුව පෙම් කල ඔබට
ඒදා මෙන් අදත් සිටියා නම්
අපේ පෙම මහා... සයුරක්

විටෙක පෙම් බැඳි
විටෙක වෙන් වුන
සයුරු වෙරලේ තනිව හිඳිමින්
හිඳපු අපේ පෙම මට අනුව නම්
වියළුනු පෙම් කතාවක්...

ඒදා මෙන් නොව මතු මතුත්
නොවෙනස්ම වන පෙම් කතාවක්
වන්න තිබුනා වෙන් නොවුනු විට
එදා මෙන් අද, හෙට දිනත්...

සොයා විත් පෙම් සිහින සිතුවම්
පාට ගා අප හෙට දිනත්
අතීතය දිගහැරුම අවැසිද
නූතනය වෙත ලං වුවත්...

නතර වුණ තැන නැවත ඇවිදින්
අරඹන්නට අප පෙම් කවක්
මාද සමගින් සයුරු වෙරළට
යම්ද කළු සුදු කුමරිය ඔබත්...
 

අහස කළුවර වෙනකොටම මම දන්නවා
ඒ වහින්න තමයි කියලා
වැස්සට නොතමෙන්න හිතාගෙන මුවා වුණ මම
මහ වැස්සට මැදිව පුංචි කුඩයක් යටින් එන ඔබව දැක්කේ
හරියට මේ වැහි අඳුර දුරු කරන්න ආපු සුරඟනක් වගේ
නොහිතුවා වගේම වැස්සට මැදිව ආපු ඔබ
මගේ ලඟින්ම රැඳෙද්දි වැස්සට නොතෙමුනු මම
ඔබේ කුඩෙන් එන දිය පහරට තෙමුනා...
ඒ දිහා බලන් ඉඳපු ඔබ මා දෙස බලා සිනාසුනා
මට තවම මතකයි

අපේ ආදර කතාව ඇරඹුම
එතැනින් සටහන් වෙද්දි මම
එදා ඉඳන්ම වැස්සට ආදරය කලා ...
වහින හැම මොහොතකදීම මම
ඒ වැස්සට ආදරය කලා
ඔබට වගේම මට ඔබව හිමිකරදුන්
මේ වැස්ස මගේ ජීවිතය වුණා
එදා ඔබ විතරක් තනිවුනු ඒ පුංචි කුඩයට
අපි දෙන්නාම යන හින්දාම
දැන් තනියක් නැතිවෙන්න ඇති

ඔබව මුණ ගැසෙන හැම දිනකම
මම අහස දිහා බලාගෙන වහින්න ප්‍රාර්ථනා කෙරුවේ
ඒ වැස්සට ඔබත් එක්ක ඔබේ ඔය
පුංචි කුඩෙන්  යන්න මට තිබුන ආශාවට විතරමයි

කාලයත් එක්කම මේ වැස්ස මට හරස් වුනේ
ඇයි කියන්න මට නොරෙත්රුනාට
මට වඩා ඔබට තේරැම් ඇති යැයි මම හිතනවා
ආදරණීය අතීත සැමරුම් බොහොමයක් එක්ක
මම තවමත් එදා වැස්සට නැවතුන තැන අදත් ඉද්දි
ඔබ එදා මා නැහැවූ ඒ පුංචි කුඩෙන් තව අයෙක්ට
සෙවන දෙද්දි කුඩයක් නැතිව
මම අද මේ වැස්සට තෙමෙනවා

මේ වැස්ස ඔබ මා එක් කලා සේම වෙන්කෙරූ බවද මම දන්නවා
එදා මම ආදරය කරපු මේ වැස්සට අද මම ශාප කරනවා ...


මනමාල හිත් අහසේ
ලියවෙච්ච පෙම් සිහිනේ
සිටියාද එක් කොනක
මගේ හිතට වද දෙන්න...

මැදියමේ එක් රැයක
හැඬුවාට මේ දෑස
පසුදාට හිනැහෙන්නේ
ඔබේ දෑස දැකගන්න...

හැමදාම හිනැහෙච්ච
ඔබේ මුහුණ දුටුවාම
හඬන මේ මගේ දෑස
නුදුටුවාද ඔබ තාම...

කවි ගීත ලියවෙච්ච
මැදියමේ රැය එක්ක
හිටියාම ඇතිය මට
බිඳුනු හිත සනසගන්න