සිරසේ කෙරුවාව සහ රටේ මාධ්‍ය භාවිතය

// // Leave a Comment

පසුගිය දිනක (24දා) සිරස මාධ්‍ය නාලිකාවේ උනුසුම් පුවතක් ලෙස හුවා දක්වමින් සඳහන් කලේ දෙරණ මාධ්‍ය නාලිකාව මගින් තම වාර්තාකරුවන් සිර කරගෙන සිටින බවත් අදාල මාධ්‍යවේදීන්ට පහරදී ඇති බවත් සඳහන් කරමින් පළවූ ප්‍රවෘතිය සම්බන්දය මාගේ මතය මෙලෙස ඉදිරිපත් කරමි

සිරස මාධ්‍ය නාලිකාව යනු කලින් එනම් මීට පෙර මාධ්‍ය නාළිකාවක් වුවත් වර්තමානයේ ඔවුන් කරනුයේ තම ප්‍රතිවාදීන් විනාශ කර බලය ලබා ගැනීමේ කූට උපක්‍රමයකි මන්ද සිරස නරඹන බහුතරයක් දෙනාට එය වැටහෙන්නේ සිරසේ යන සිරසක් නැති ප්‍රවෘර්ති සහ වැඩසටහන් හෙතුවෙනි සිරස සහ දෙරණ සංසන්දනය කළ විට රූපවාහිනී මාධ්‍ය තුල අපක්ෂපාතී මාධ්‍ය කලාවක් ගෙන යන්නේ දෙරණ පමණී සමහරුන් මෙයට විරුද්ද වන්නේ සරත් අමුණුගම හිටපු අමාත්‍ය වරයාගේ සම්බන්ද කමක් මේ නාලිකාවට තිබෙනා බව හුවා දක්වමින් වුවද ඔවුන් කිසි දිනක එම අමාත්‍යවරයා හුවා දක්වමින් කටයුතු නොකල මාධ්‍ය නාළිකාවක් ලෙස මා දකින්නේ අනිතුත් මාධ්‍ය නාලිකා සමග සමාන සංසන්දනය කිරීමකිනි එනම් හිරු මාධ්‍ය නාලිකාව දුමින්ද සිල්වාත්, සිරස මරික්කාර් සහ නිලේන්ද්‍ර දේශප්‍රිය සහ ඔවුන් නියෝජනය කරන මන්ත්‍රිවරු (වාර්තාකරුවන් ලෙස හිඳ පසු කලෙක මන්ත්‍රිවරුන් වුන) සඳහාත් ස්වාදීන සහ ජාතික රූපවාහිනිය පවතින ආණ්ඩුවට පක්ෂව කටයුතු කරන මාධ්‍ය නාලිකාවන් වන අතර මෙකී මාධ්‍ය නාලීකා මත දෙරණ මාධ්‍ය නාලිකාව වෙනස් ආරක හැමටම පොදු සමානත්වය මත පදනම් ව කටයුතු කරන ස්වාදීන මාධ්‍ය නාලිකාවක් ලෙස කටයුතු කලේ මෙරටේ පොදු ජනතාවට වඩ වඩාත් ලංවෙමින් ඔවුන්ගේ විශ්වාසට පාත්‍ර වෙමිනි.
       එමෙන්ම අතීතයේ ප්‍රවෘති විකාශයන් අතර අපක්ෂපාතී ප්‍රවෘති විකාශනය කිරිමෙහි ලා සිරස ප්‍රමුකස්ථානය ගෙන සිටියද ඔවුන් පසුකලෙක එක්වරම ප්‍රේක්ෂකයාට එපාවන්නට හේතු වූයේ එවකට විපක්ෂ නායක සහ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ප්‍රවෘති විකාශය කිරීම සහ ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට සිරස එක්සත් ජාතික පක්ෂයේ විකල්ප මන්ත්‍රී කන්ඩායම සමග එක්ව ඒ සඳහා පදනම් විරහිත ප්‍රවෘති නිර්මානය කිරීමෙනි. මෙය වර්තමානයේ සිදුනෙවුනද ඔවුන් සැම විටම කටයුතු කරනුයේ අනෙකුත් මාධ්‍ය නාලිකා සමග මිත්‍රත්වයෙන් නොව ඔවුන් පරදා ප්‍රමුකස්ථානයට ඒමට පදනම් විරහිත ප්‍රවෘති නිර්මාණය කිරීම සහ විකාශනය කිරීම තුලින්ය මෙහි කදිම නිදසුන ඊයේ (24දා) දෙරණ මාධ්‍යට කඩාපැන සිදුකල ක්‍රියාවෙන් මනාව පැහැදිලි වනු ඇත. සිරසේ අතිවර්ජන ක්‍රියාවන දෙස හොඳින් නිරීක්ෂනය කල අයෙකුට එය වටහා ගත හැකිය ඊයේ දින දෙරණ මාධ්‍ය නාලිකායේ මුහුණු පොත තුලින කියැවුනෙ සිරසේ මාධ්‍ය භාවිතය පාදඩ මාධ්‍ය භාවිතයක් බව වුවද සිරසේ පාදඩ මාධ්‍ය භාවිතය ආරම්භ වූයේ අද ඊයේ නොවන බවද සිහිපත් කල යුතුය.
දෙරණ මාධ්‍ය නාලිකාව මගින් සිරසේ වාර්තාකරුවන් තම කැමරාවේ සටහන් කරගත් දර්ශන විකාශය කිරීමෙන් පසු එහි සිරසේ කෙරුවාව හොඳාකාරවම සටහන් වී තිබිණි මේ හේතුවෙන් නිසාදෝ සිරසේ රාත්‍රී 10 ප්‍රවෘති විකාශයේ මේ සම්බන්දව සටහන් නෙකර ලිස්සා යෑමේ ප්‍රතිපත්තිය අනුගමනය කරන ලද්දේ සරල භාෂාවෙන් කිවහොත් පටී රෝල් කරගත්තා යන කියමන මනාවට සනිටුහන් කරමිනි එසේම අවසන් වශයෙන් දක්වන්නෙ මෙවැනී සත්‍ය විකෘති කරමින් සහ පහත් විනදනයක් ලබන පහත් මාධ්‍ය භාවිතාවක් යොදා ගනු ලබන සියලු මාධ්‍ය පොදුවේ වර්ජනය කල යුතු බවය.