සේප්පුවේ අභිරහස 01

// // Leave a Comment



පෙරදින රාත්‍රිෙයේ දිගු විඩාබර රාත්‍රියක් වූ තොම්සන් දෙපල මෙදින මධ්‍යහනක් වන තෙක් නිදා ගැනීමේ අටියෙන් සිටියද වෙලාව පෙරවරු 9.30 වන විට ඔවුන්ගේ දොරෙහි සීනුව නාද විය.
ට්‍රීංග්........ට්‍රීංග්.......
"සොම්සන් බලපන් කවුද අද නිදාගන්න තියන දවසේ ඇවිත් අපිට වද දිදි දොර බෙල් එක කඩන එකා "
" අනේ මන්ද තොම්සන් මූගේ ආච්චිට හාල් ගරන්න මූ දන්නේ නැද්ද අපි නිදාගෙන ඉන්නේ කියලා "
" උෟ දන්නවානම් මෙහෙම බෙල් එක ගහයිද බන් උබත් මේ උදේ මන්ද මෝල් කතා නොකිය බලපන්කෝ කවුද ඒ ගොන් වස්ස්සා කියලා මම මූන හෝදගෙන එනකන් උට පොඩ්ඩක් ඉඳගෙ ඉන්න කියපන් උදේම ආවනම් වැඩකුත් නැත්නම් ඊයේ ගෙනාපු ගිය සතියේ සිරිකත පත්තරේ ඇති ඒක බලන්න කියපන් "  යැයි තොම්සන් පවසද්දි සොම්සන් කාමරයේ සිට පිටතට පැමිණයේ උදයේ වද දෙන පුද්ගලයාට සිතින් බැන වදිමිනි.
" ගුඩ් මොර්නිං තොම්සන් මහතා මොකො මේ උදේ කලාබරයට පොල්ලෙන් ගහලා වගේ " අමුත්තා විමසීය.
" සමාවෙන්න මහත්මා මම සොම්සන් අනික උඹට පේන්නේ නැද්ද මම දැනුයි නැගිට්ටෙ කියලා උඹ මේ බෙල් එක තැලුවේ නැත්නම් අපි තවම නිදි"
" අහ්.... සොම්සන් මහත්මා මට වැරදීමක් උනේ සමාවෙන්න මම ආවේ වැදගත් කාරණයක් කතා කරන්න "
" හා හා ඇවිත් ඉඳගන්න තොම්සන් තාම මුහුණ හෝදනවා ඔබට ඔහු එනකන් ඊයෙ ගෙනාපු ගිය සතියේ සිරිකත පත්තරේ බලන්න කියුවා..."
" ඈ බන් මී වස්සෝ සිරිකත බලන්න මම ගෑනියෙක්ද ගෙනෙන් තරුණයා පත්තරයක්වත්"
" මහත්මා දැන් උඹ ආවේ පත්තර බලන්නද නැත්නම් උබේ ප්‍රශ්නේ විසඳගන්නද ඒ හින්ද පොඩ්ඩක් ඉන්න මතක ඇතිව ආයේ මෙහෙ උදේම එනවනම් ඔබ ඔය කියන පත්තරෙත් අරගෙනම ආවනම් හොඳයි එතකොට අපිටත් බලන්න පුලුවන් "
" මොකද මොකද මේ කලබලේ " කාමරයෙන් එලියට පැමිනි තොම්සන් දිගු පුටුවේ හිඳගන්නා ගමන් විමසුවේ උදේ පාන්දර පැමිණි අමුත්තා කවුදැයි බලමිනි
" තොම්සන් මහත්මා මම වරුණ නුගේගොඩ වීදුරු කඩේ අයිති මටයි මම ආව් මහත්මා මට මේ කිහිප දවසක් පටන් සිදුවන අද්භූත අදහා ගත නොහැකි සිදුවීමක් ගැන ඔබතුමන්ලා දැනුවත් කරලා මොකක් හරි පිලියමක් යොදා ගන්න පුලුවන්ද බලන්න "
" මොකක්ද මහත්මා ඔබට ඔය හැටි කරදර වන අදභූත කාරණය තොවිලයක්වත් නටන්න වෙන එකක් නම් අපි ඒවා බාරගන්නේ නෑ එහෙම නම් ඔබට ඔය මල්වත්ත පාර්ක් එගේ ගුනේ අයියා හමු වුනානම් හොඳයි ඔහු හොඳ තොවිල් කාරයා " යැයි තොම්සන් කියුවේ පුටුවෙන් නැගිටීමට සුදානම් වෙමිනි.
" උඹ මේ මගුලක් කතා තරනවා තොම්සන් මහත්මා තොවිල් නටන්න ඔනේ නම් යකෝ මම මෙහේ එනවද මම ආවේ මම නැති අතරේ මගේ සේප්පුවෙන් මුදල් ගන්න එකා අල්ල ගන්න මිසක් තොවිල් නටන්න නෙමෙයි "  යැයි අමුත්තා පවසත්ම තොම්සන් සහ සොම්සන් වහා ඒ අභිරහස විසඳන්නට නොපැකිලිව ඉදිරිපත් වූයේ අතමිට සරුකරගත හැකි තවත් කාර්යක් පැමිණ ඇති බව දැන ගැනීමෙනි.
" හරි හරි වරුණ මහත්මා අපි පොඩි විහිලුවක් කලේ මොකක්ද ඔබේ ඔය ප්‍රශ්නේ අපිට හරි විස්තරයක් ඉදිරිපත් කරන්න "  ඒ සොම්සන්ය.
" මේකයි මහත්මාවරුනි මේ ලඟකදි ඉඳලා මගේ කාමරේ සේප්පුවෙන් මුදල් අඩු වෙනවා මට තේරෙනවා මම මේ ගැන සෙවුවා ඒත් මට මේක විසඳගන්න බැරිවුනා එකි මම ඔබ දෙපළ මුනගැසෙන්න මේ උදේම මෙහේ සපැමිණියේ. "
" දැන් ඔය සේප්පුව තියන්නේ කොහේද ඔබේ කාර්යාලයේමද ? ඒකට කාටද යන්න පුලුවන් කාටද ඒ සේප්පුව භාවිතා කරන්න පුලුවන්"
" ඔව් තොම්සන් මහත්මා කාර්යාලයේ මගේ කාමරයේම තමයි ඒවගේම තොම්සන් මහත්මා ඒක භාවිතා කරන්න පුලුවන් මටයි මගේ බිරිඳටයි, පුතාටයි විතරයි අපි තුන්දෙනා විතරයි මේක ගැන දන්නේ "
" බිරිඳ සහ දරුවා මේ ගැන කුමක්ද දරන අදහස වරුණ මහත්මා "
" ඔවුන්ටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියන්නේ මගේ කාර්යාලයේ සේවය කරනවා
25 දෙනෙක් ඔවුන්ගෙන් කෙනෙක්වත් මේකට සැක කරන්නත් මට කිසිම හේතුවක් තවම ඇතිවෙලත් නෑ "
" එතකොට ඔබේ නිවසේ කවුරු කවුරුද ඉන්නේ "
" නිවසේ වැඩකරන්න මෙහෙකාරියක් ඉන්නවා තව මගේ බිරිඳගේ මව සහ පියා මාගේ නිවසේ ඉන්නවා තොම්නන් මහත්මා.."
" හරි වරුණ මහත්මා අපිට කියන්න බලන්න ඔබේ ගෙදරට නිතරම යන එන අය සහ ඔබේ පිටපිටාව "
" මෙහෙමයි තොම්සන් මහත්මා මම කාර්යාලයේ සේවය කරන සේවකයන් අතුරින් 5 දෙනෙක් විතරයි මම මම අවශ්‍ය වෙලාවට කුමක් හෝ දෙයකට මම මාගේ නිවසට යවන්නේ
ඔවුන්ගේ නම් මොනවද වරුණ මහත්මා.. "
" තොම්සන් මහත්මා ඒ අය සම්පත්, මේනක, පියුමාල්, කුමාරසේන, චන්ද්‍රසේන "
" මේ අය අතරින් වැඩිපුරම ඔබගේ නිවසට යන්නේ කවුද ? "
" මේ අය අතරින් වැඩි පුරම යන්නේ පියුමාල් මොකද ඔහු මට හිතවත් පුද්ගලයෙක් "
" හම්.... ඒකත් එහෙමද හොඳයි වරුණ මහත්මා අපි මේ ගැන සොයා බලන්නම් දැන් ඔබ යන්න මතක ඇතුව ඔබගේ ලිපිනය සහ දුරකතන අංකය අප වෙත ලබා දී යන්න"
" හොඳයි තොම්සන් මහත්මා මම දැන් යන්නම් කියූ පරිදි මේ තියන්නේ මගේ දුරකතන අංකය සහ ලිපිනය අඩංගු කාඩ්පතක් මට මේ අබිරහස විසදා දෙයි කියා මා විශ්වාස කරනවා "

මතු සම්බන්දයි............