සේප්පුවේ අභිරහස 02

// // Leave a Comment

සේප්පුවේ අභිරහස 02

" සොම්සන් මේ පාර අපිට තියන්නේ ඉතාමත් බැරෑරුම් වැඩක් වරුණ මහත්මාගේ සේප්පුවේ මුදල් නැතිවෙන එක ගැන අපි පූර්ණ විමර්ෂණයක් සිදුකල යුතුයි අපි කෙසේ හෝ මේ හොරා අල්ලා ගත යුතුයි නැති වුන හොත් සොම්සන් අපිට ලබන මාසේ ඉඳලා වෙන තැනක් සොයා ගැනීමට සිදුවෙයි. "
" ඇයි තොම්සන් අපි වෙන තැනත් හොයා ගන්නේ අපි වරුණ මහත්මාට වත් සොරාටවත් බිය විය යුතු නැනේ "
" උඹ මගුලක් කතා කරනවා යකො උන් දෙන්නට බය නැතිවුනාට අපි උඩහ ගෙදර සුමනා අක්කට බයයි මම ඊයෙත් යන්තම් ෂේප් කරලා ආවේ මාසේ කුලිය පොලියත් එකකම ලබන මාසේ දෙනවායි කියලා අපි දැන් ගිය මාසේ කුළිය තවම දුන්නේ නැ "
" ඒක තමයි තොම්සන් අපි දැන් මොකද කරන්නේ"
" හම්.... මම පොඩ්ඩක් නුගේගොඩට ගිහින් එන්නම දැන් වරුන මහත්මාට නොදැනෙන්න මම ඔහුගේ ආයතනය සහ නිවස අවට සොදිසි මෙහෙයුමක් දියත් කරලා එන්නම් සොම්සන්ට පුලුවන්නේ මම එනකන් කෑමට යමක් සුදානම් කරන්න ඊයේ රෑට කෑව මාලු හොද්දත් ඇති එකත් රත් කරගත්තනම් හොඳයි...ආ සොම්සන් මට රුපියල් 100 ක් දියන්කෝ බස් එකක යන්න 138 යන්න ගියාමත් එපා වෙනවානේ "  යැයි කියු තොම්සන් නිවසින් පිටවූයේ වරුණ මහත්මාට නොදැනෙන්න තම කාර්ය ඉටු කර ගැනීම පිණිසය.
සැම්සන් දහවල් ආහාරය පිස සාලයේ වූ දිගු පුටුවෙහි දිගාවී සිරිකත කියවන අතර තුර යමෙකු දොරට තඩිබාන හඬ ඇසුනි.
" යකො දොරට තඩිබාන්නේ මොකාද උදේම ඇවිත් කොහෙද යන එකෙක් අපිව ඇහැරෙව්වා දැන් මේ උඹ එනවද පත්තරෙන්වත් කෙල්ලෙක් බලන්න හදන වෙලාවේ ඒකටත් කෙලින්න ඔතන ඉඳගෙන ආපු කරණය කියපන් "
" යකො මීමින්නෝ මැටි හරකෝ මම තොම්සන් ඇරපිය මයිනො දොර "
" ආහ් තොම්සන් ඉතින් ඇයි කථා කරන්න එපැයි දොරකඩන්න හදන්නේ " යැයි පැසසූ සොම්සන් වහා පුටුවෙන් නැගිට ඉදිරිපස දොර වීවෘත කලේය.
" උඹ මගුලක් කතා කරනවා මම ගියා වරුණ මහත්මාගේ කාර්යාලයට සහ නිවස අසලට සොම්සන් අපි හිතන තරම් ලේසිපහසු කාර්යයක් නෙමෙයි අපිට මේවර විසඳන්න වෙලා තියන්නේ ටිකක් බැරෑරුම් කාර්යක් මේක "
" ඇයි තොම්සන් මොකක්ද අපිට තියන බැරෑරුම්කම අපි හොඳ රහස් පරීක්ෂකවරු බව ඔබට අමතක වුනාද ? "
" නැහැ සොම්සන් එහෙම කිසි දෙයක් නෙමේ වරුණ මහත්මාගේ සේප්පුවෙන් මුදල් අතුරුදන්වන හේතුව සොයන්න අපිට ඒ අවට නිතරම ගැවසෙන්න වෙනවා මම ඔහුගේ කාර්යාලයේ සිට නිවසට යන අයත් කාර්යාලයෙන් නිතරම පිටතට පැමිණෙන අය ගැනත් මම නිරීක්ෂණය කලා නමුත් කිසිම හෝඩුවාවක් ලබාගැනීමට මට අද දවසේ හැකියාවක් ලැබුනේ නෑ අප දෙදෙනාම හෙට උදේම මේ සඳහා පිටත්ව යා යුතුයි. අප හැකි ඉක්මණින් මේ සොරුන් පිලිබඳ තොරතුරු සොයාගත යුතු වෙනවා සොම්සන් "
" හම්.... එකත් එහෙම තමයි සුමනා අක්කාගේ මේමාසේ කුළිය දුන්නේ නැත්නම් අපිට මරදානේ පාලම යට තමයි ඉන්න වෙන්නේ සුමනා අක්කා අදත් ඇවිත් ගොරවන්න හැදුවා මම යන්තම් සිරිකත පත්තරේ තිබුන කෑම හදන හැටි තියන පත්තරපිටුව දීලා තමයි යන්තම් ෂේප් වුනේ "
" ඈහ්.... උඹ එක දුන්නද ? යකෝ එකේ තිබුන අඹ අච්චාරු හදන විදිය බලලා මම පිටකොටුවෙන් අඹගෙඩි 3කුත් අරන් ආවා මේ බලපන් " යැයි කියමින් තොම්සන් තම අතෙහි වූ අඹ ගෙඩි 3 සොම්සන්ට පෙන්නන්නට විය.
" දැන් මොනා කරන්නද බන් අන්න බත් උයලා ඇති ඊයේ ගෙනාපු මාලු හොදි එකත් රත් කරලා එක දාගෙන කාලා උඹ ඔය අඹ ගෙඩි 3 අතුරුපසට කාපන් "  යැයි කියු සොම්සන් දොර වසා නැවතත් කෙල්ලෙක් බැලීමේ අරමුණින් සිරිකත බලන්නට විය.

මතු සම්බන්දයි...