සේප්පුවේ අභිරහස 03

// // Leave a Comment


පසුදින තම කාර්ය නිසි ලෙස සපුරා ගැනීම පිනිස තොම්සන් සහ තොම්සන් නුගේගොඩ බලා පිටත් වූ අතර නුගේගොඩ බස් නැවතුමේ සිට වරුණ මහත්මාට අයත් කාර්යාලට වෙත ගොස් ඒ අවට නිරීක්ෂණය කර නැවත කාර්යාලයට පැමින ඉදිරිපස වූ සේවකයෙකුගෙන් මෙසේ විමසීය‍


" පුතා අපිට වරුණ ගුණසේකර කියන ඔබ ආයතනයේ ප්‍රධානීයා මුනගැසීමට හැකිද ? "


තමාට පුතා යැයි ආමන්ත්‍රනය කරන්නාවූ මෙම පුද්ගලයන් දෙපල කවුරුන්දැයි හඳුනාගැනීමට නොහැකිවූ ඔහු ද ඔවුන්ගේ හිසේ සිට පාදන්තය තෙක් හෙඳින් බලා පෙරලා මෙසේ කිය

" ඔව් අංකල් 4 වෙනි මහලේ වම් අත තියන කාමරය තමා සර් ඉන්නෙ අංකල්ලට ලිෆ්ට්කේ යන්න පුලුවන් එතැනට "


" හරි පුතා ස්තුතියි ඔබට අපි තැන සොයාගන්නම් " යැයි පැවසූ සොම්සන් විදුලි සොපානය වෙත පිවිස හතරවන මහල දක්වා ගමන්කලේය.

" ඩක්.. ඩක්... ඩක්..."

" කවුද එන්න ඇතුලට‍  "


" මහත්වරුනි ඔබ දෙපල පැමිණියේ අප ආයතනයේ විදුරු භාන්ඩ පිළිබඳ මාහා කථා කිරිමට නම් එන්න ඇවිත් ඉඳගන්න කුමක්ද කාරනය මහත්වරුනි ඔබතුමන්ලා මිලදී ගන්නා භාන්ඩය කුමකද්ද යන්න මට පැවසිය හැකිද ? "

" යකෝ අපි ආවේ තොගේ බඩු ගන්න නෙමේ තොගේ හොරු අල්ලන්න අපි රහස් පරීක්ෂක දෙපල වන තොම්සන් සහ සොම්සන් "

" කිරි අප්පට ඇයි යකො කලින් කියුවේ නැත්තේ අනික මොකද මේ වෙස් මාරු කරගෙන අඳුරන්නත් අමාරුයිනේ "

" මී මින්නෝ අපිට කතා කරන්න තො දුන්නද අපි කාමරයේ දොර ඇරපු ගමන් තො ප්‍රයිවට් බස් එකක කොන්දොස්තර මිනිස්සු නග්ග ගන්න කියවනවා වගේ කියවගෙන යද්දි අපි උඹේ බණ අහගෙන ඉන්නව මිසක් වෙන මොනවා කරන්නද "  යැයි සොම්සන් කොපාෂ්ඨව කීය.

"  ආහ්... සමාවෙන්න මහත්මාවරුනි මට එක්වරම අඳුරන්නත් බැරි වුනා කෙසේ නමුත් ඔබ දෙපල මෙහි පැමිනීම මට සතුටක් ඉතින් මාගේ කාර්ය පිලිබඳ ඔබ දෙපලට කිසියම් වූ හොඩුවාවක් ලැබුනද මහත්වරුනි "

" ඊට කලින් වරුණ මහත්මා අපිට දැනගන්න පුලුවනිද ඔබේ මුදල් සේප්පුව කොහේද තබා ඇත්තේ සහ ඒ පිළිබඳ විස්තරයක් "

" ඔව් මහත්මාවරුනි අන්න අර පේන කාමරයතුල තමා එය පිහිටා තිබෙන්නේ " යැයි පැවසූ වරුණ මහත්මා ඒ දෙසට රහස් පරීක්ෂක දෙපලද කැඳවාගෙන යනු ලැබිය.

" සොම්සන් මට මාගේ උත්තල කාචය මොහොතකට මට ලබා චිය හැකිය ? "

තොම්සන් තමාගේ උත්තල කාචයෙන් සේප්පුව සහ ඒ අවට පරික්ෂාකර මෙසේ පැවසීය

" හොඳයි වරුණ අපි දැන් මෙතැනින් පිට වෙලා යනවා කිසිවෙකුටත් මේ පිළිබඳ කිසිවක් පැවසීමට වත් දැනගැනීමටවත් ඉඩ තියන්න එපා අපි මේ ප්‍රශ්නේ ගැන හොඳිනි නිරීක්ෂණය කර අපි අපේ නිගමන සඳහා පැමිණ කවුද ඔබගේ මුදල් සොරා ගන්නේ කියා නිවැරදිවම අපි සොයා දෙන්නම් එතෙක් අප ආ බව හෝ මේ කිසිවක් පිළිබඳ කටක් හොලවනවා නෙමේ තෙරුනාද ? "

" හොඳමයි තොම්සන් මහත්මා මම ඔබ කියු ආකාරයට වැඩකරන්නම් "

" ආහ් එක නෙමේ අපේ ගාස්තුවෙන් අඩු කරගන්නකන් අපි දෙන්නට අද රු 500/- ක් දියන් බන් මේ දවස් වල ආර්ථිකය හරි දරුණුයි කොටස් වෙළඳපලත් කඩා‍ගෙන වැටුනානේ ඉතින් අප දෙදෙනාටත් එහි බලපෑම තදින් දැනුනා "

" ඈ.. බොල මහත්වරුනි ඔබ දෙදෙනා කොටස් වෙළඳපලේ කොටස්කාරයොද "

" උඹට එකතා වැඩක් නැනේ දියන්කෝ මචං අපිට පරක්කුවෙනවා 138 දැන්ම ගියොත් වේලාසන ගෙදර යන්න පුලුවන් "

" හා හා ඔහොම හිටියනන් " කියු වරුණ මහත්මා තම කලිසමෙන් රුපියල් 500ක් ගෙන තොම්සන් වෙත ලබා දුනි

මේ අතර බස් රථයේදී සොම්සන් තොම්සන් අමතා මේ සොරකම විසඳන ආකාරය පිලිබඳ කතිකා කරන ලදි


" තොම්සන් අපි කොහොමඳ මේ අභිරහස විසඳා දෙන්නේ "

" ඒක ගැන බිය විය යුතුනෑ සොම්සන් අපි මේ අභිරහස අද හෙටම විසඳනවා මා මේ මොහොතේ ඒ පිලිබඳ විමර්ෂනය කර අවසන් මම ඔබට පසුවට ඒ සියලු විස්තර පවසන්නම් යන ගමන් චූටි අයියගේ කඩෙන් දවල්ට කන්න රයිස් 2ක් දාගෙන යමන් " යැයි පැවසූ තොම්සන් කොටුවෙන් බහින තෙක් බස්රථයේම නින්දකට වැටුනි.


සේප්පුවේ අභිරහස තොම්සන් සහ සොම්සන් විසඳයිද ? ඔවුන්ට කුමක් සිදුවෙයිද ? අවසන් කතාවත් සමග ලබන සතියේ හමුවෙමු...