සෝමවංශ ජවිපෙන් ඉවත්වීම හා ජනතා විමුක්ති පෙරමුණේ වර්ථමාන නායකත්වය

// // Leave a Comment




සොමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව නව දේශපාලන පක්ෂයක් සමගින් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන බවත් ඔහුගේ මෙම ඉවත්වීම ශ්‍රි ලංකාවේ ජාතික පුවත්පත් කිහිපයකම 17 වන දින ප්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුනි. ජනතා විමුක්ති පෙරමුණ දෙස අතිතය හා වර්ථමානය යන කාල පරාසයන් විමර්ෂණය කිරීමේදී ජවිපෙ යම් වර්ධනයක් පෙන්නුම් කලේ පසුගිය වසර කිහිපය තුල වීම විශේෂත්වයකි. මන්ද ජවිපේ නව නායකයා ලෙස ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතාගේ පත්වීමත් සමගිනි. අනුර කුමාර මහතාගේ කතා විලාසය මහජනතාව තුල තදින් ව්‍යාප්තව ගිය බව නොරහසකි. ඔහුගේ එම කථා විලාසය වැඩි වශයෙන් ව්‍යාප්ත වූයේ මෙරටේ තරුණ පරපුර හරහා වීම මෙහි ඇති තවත් සුවිශේෂි කරුණකි. මන්ද ඔහුගේ කථා විලාශයේ ඔහු විසින් මුදල් පරිහරනය වී ඇති ආකාරය සහ පසුගිය රජය (එජනිස) විවේචනය කරමින් කල කථා එකල මහත් ආන්දෝලනාත්මක සිද්ධියක් විය.


  මෙසේ පවතිද්දි ජවිපෙ වර්ධනය වන්නට පටන් ගත්තේද ජවිපෙ ගැන මිනිසුන් තුල අදහස් දේශපාලන අදහස් හුවමාරු වන්නට පටන් ගත්තේද මෙ අවධියේය. කාලය එසේ ගෙවී යද්දි ජවිපෙ අර්බුදය එලි දුටුවේ සෝමවංශ අමරසිංහ ජවිපෙන් ඉවත්වීමට ගත් තිරණයත් සමගිනි. මේ ජවිපේ හොඳම කාලයේ ආරම්භය වි තිබුනු අවදියක සෝමවංශගේ ඉවත්වීම ජවිපේ පිලිබඳ සිතනා මද්‍යස්ත පුද්ගලයන්ගේ ජන්ද පදනමේ ගැටලුවක් බවට පත්වීමේ ඉඩකඩ වැඩිය. මන්දයත් ජවිපේ පිලිබඳ සිතනා ධනවාදී ආකල්පය සෝමවංශගේ ඉවත්වීමත් සමගම විනාශවීමේ සම්භාවිතාව ඉහල යා හැකිනි.  තවද මෙරටේ  ආන්ඩු බොහෝවිටෙ තීරණය වන්නේ පාවෙන ඡන්ද හෙවත් මධ්‍යස්ත මතධාරී ඡන්ද වලින් බව මාගේ හැඟිමයි. එහිදි එජාපය සහ සන්ධානය එපාවූ ඡන්ද සියල්ලක්ම පෙර මැතිවරණයන්හී හෙළ උරුමය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්දානයට වැටුනද එය මෙවර ජවිපෙට වැටීමේ සමභාවිතාව ඉතාමත් ඉහළ මට්ටමක පැවතුනි. එහි ආසන්නතම උදාරහණය ලෙස ගතහොත් ජවිපේ ජන්ද පදනම පසුගිය උතුරුමැද පලාත් මැතිවරණයේදී දක්නට ලැබුනි එහිදි ජවිපෙ ඡන්ද ප්‍රතිශතය යම්තාක් මට්ටමක ඉහලට ගෙන එමට ජවිපෙ සමත්වූ අතර ඒ ජවිපෙ ජන්ද පදනම වැඩිකර ගැනීමේ ආරම්භය ලෙසද දැක්විය හැකිය.
  

මේ සියලු කරුණු කරණාත් සමග සොමවංශගේ ඉවත්වීම ජවිපෙට කෙසේ බලපාන්නේදැයි විමසීම වටි මන්ද ජවිපෙ මේ පැමිණ ඇත්තේ තීරණාත්මක සන්ධිස්තානයකය. කෙසේ නමුත් සෝමවංශගේ ඉවත්වීම ජවිපෙට විශාල පීඩනයක් එල්ල කිරීමට නම් සෝමවංශගේ නව පෙරමුණ ජවිපෙට වඩා පුළුල් ලෙස ශක්තිමත් විය යුතු බව නොරහසකි නමුත් දැනට සෝමවංශගේ මෙම ඉවත්වීම පක්ෂයට එතරම් බලපෑමක් නොවන අතර ජවිපෙ පාක්ෂිකයා සිටින්නෙ ජවිපෙ නායකයන් සමග නොව ජවිපෙ යව පක්ෂයක් සමගය. තවද ජවිපේ සන්නිවේදන මාධ්‍ය අනෙක් කිසිම පක්ෂයක සන්නිවේෙදන මාධයන්ට වඩා පුළුල් සහ තියුණු මාධයකි මන්ද ලංකාවේ සැම නගරයකම එක රැයකින් තමන්ගේ ප්‍රචාරන ව්‍යාපරය මෙහෙයවීමත් ඒ සඳහා වන පොස්ටර් ඇලවීමත් සමග තමන්ගේ ප්‍රචාරණය ප්‍රභල මට්ටමක තබා ගන්නට ජවිපෙ සමත්විය. මේ ප්‍රභලත්වය හා සමාන කිරීමට ලංකාවේ මෙතෙක් කිසිදු දේශපාලණ කණ්ඩායමකටවත් නොහැකිවීම මෙහි ප්‍රභල බව මනාවට පෙන්වනු ලබයි.
තවද සෝමවංශගේ නව දේශපාලන පක්ෂය ජවිපෙට විරුද්ධව යන පක්ෂයක් බව සිතීමට නම් දැනට නොහැකිය.


 ජවිපෙ විවේචනය කරමින් හා ජවිපෙ නායකයන් විවේචනය කරමින් ඔහු තමන්ගේ ගමන යාමට උත්සහ කරන අයුරුද සිතිය නොහැකිය මන්ද සෝමවංශගේ ආරම්භය, සහ මෙතෙක් ඔහුගේ පැවැත්ම, ජීවය වූයේ ජවිපෙය ජවිපෙ විනාශකර දමා සෝමවංශගේ පක්ෂය නිර්මාණය කරන්නට ඔහුට හැකියාවක් නැත. කෙසේ වුවත් ජවිපෙ අතීතය වරද්දා ගත්තේය ඔවුන්ට වැරදුන තැනද එතැනය ඒ අනුව වර්ථමානයේ ජවිපෙ ආන්ඩුවක් බිහිවීම සිහිනයක්ම වනු ඇත මන්ද මිනිසුන් බහුතරයක් වර්ථමානයට වඩා මේ කරුණේදී අතීතයට බියය. ඒ බිය දැන් මිනිස් සිතින් ඉවත්කිරීමටද බැරිය ජවිපෙ පාර්ලිමේන්තුවේ 3වන බලවේගය ලෙස සිටියද මේ වන විට ඔවුන්ට 3 වන බලවේගයවත් රැක ගැනීමට නොහැකි විය. ජවිපෙ ආරම්භවිය යුතු වන්නෙ මෙතැනිනි. මන්ද තමන්ගේ මහජන නියෝජිතයන් ගණන වැඩි කරගනිමින් පාර්ලිමේන්තුවේ 3වන බලවේගය බවට පත්වුව හොත් ජවිපෙ වර්ථමානය සුභවාදී වනු නොඅනුමානය.