උපවාස කිරීමට උගත්තෙමි..

// // Leave a Comment


විමල් ප්‍රධාන විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු උද්ඝෝෂන අප අසා හෝ දැක ඇත්තේ මේ පලමු වතාවට විය හැකිය. මොවුන්ගේ මේ ක්‍රියා පටිපාටිය මධ්‍යස්තව සිතනා මහජනතාවට අරුමයක් නොවුවේ මේ අවුරුදු සමයේ හොඳම හිනාව, විකට ඇඳුම් තරගය, හොඳම බොරුව මේ දිනවල අවුරුදු උත්සව වල අනිවාර්යයෙන්ම පවතින ක්‍රිඩාවක් නිසා මොවුන්ද මේ කරනුයේ එම ක්‍රිඩාව යැයි ද සිතිය හැකි බැවිනි මෙසේ පාර්ලිමේන්තුව තුල උත්ඝෝෂන කරන්නාවූ මෙම මහජන නියෝජිතයන් පසුගිය මොවුන්ගේ ආන්ඩු සමයේ සිටියේ කුමන රටේද යන්න මොහොතක් සිතිය යුතුය. මන්ද මෙරටේ මහජනතාව මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූ ජීවන අර්බුදය විසඳිමේ ලා මොවුන කිසිවක් කලේ හෝ කියුවේද නැත. එහෙත් ඔවුන්ගේ සුරංගනා කතාව වූ අපටත් තේරෙනවා බඩුමිල වැඩී නමුත් මේරට සංවර්ධනය කල යුතුයි යන කියමන පාදක කොට තමන්ගේ මඩිය තරකර ගත් මැති ඇමතිවරු සිටි බව අප මතක තබා ගතයුතුය.


මෙසේ පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කළ මන්ත්‍රීවරුන් සියලු දෙනාම පසුගිය ඔවුන්ගේ ආණ්ඩු සමයේ මෙරටේ සිදුවු ජනතාවට අයහපත් කිසිවෙකට මෙසේ පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය නොකළ අතර එක් පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීමට පැමිනෙන ලෙස දැන්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කිරීමට පුදුමයට කරුණකි. මොවුන් සිටින්නෙ මහජනයාට සෙත සැලසීමටද නැතහොත් ඔවුන්ගේ පුද්ගලික වාසි තකා පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණය කිරීමටද යන්න අප විසින් තේරුම්ගත යුතුය මේ මෙහොත වන විට කතානායක චමල් රජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නම් තමන් දැනුවත් කලයුතු බව දන්වා තිබේ මෙය එක්තරා ආකාරයකට යහපත් දෙයකි

තවද මෙම හිටපු ජනාදිපතිවරයා අල්ලස් කොමිසමට ගෙන යනවාට විරුද්දව වඩාත්ම බිය වී ඇත්තේද මෙම පිරිසය මෙය හරියට ලොකු හොරා නිතියට ගෙනයාමට පොඩි හොරු බිය වන්නා සේම මෙයද මෙසේ සිදුවීය. එසේම යහපාලන ආන්ඩුව හොරු ඇල්ලුවේ නැති බව කියමින් චෝදනා කරන්නේද මොවුන්මය. මෙය බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනට දෙන්නෙත් නෑ යන කියමනට සමාන වන්නේ යහපාලනයට කැගහන මොවුන් මොවුන්ගේ පාලනයේද වැරදි දැක එය නිවැරදි කරන්නට ඉදිරිපත් නොවී පසෙකට වී සිටිමත්ය. මෙරටේ කිසිම ආණ්ඩුවක් සර්ව සම්පූර්න ලෙස රටක් පාලනය කලේද නැත ඉදිරියටත් එය එසේමය නමුත් අප විසින් තෙරුම් ගත යුතු එක් දෙයක් ඇත එනම් අපට සුදුසු මහජන නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට හෝ එ සම්බන්ද අනෙක් ආයතනයන්ට පත්කිරීමත්ය.

මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවට තොරා පත්කර ගත යුත්තේ අප විසිනි. මහජන නියෝජිතයා යන පදයේ අරුත මනා වැටහීමකින් නොමැති මෙරටේ බහුතර ජනතාවක් තවමත් මෙසේ රැවටෙමින් කටයුතු කිරීම වර්තමානයේ වුවද දක්කට ලැබේ මහජනයා නියෝජනය කරන්නාවූ ජනතාව විසින් බහුතර ඡන්දයෙන් තොරා පත්කර ගන්නාවූ පුද්ගලයා මහජන නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුව පලාත්සභාව , ප්‍රාදේශීය සභාව නියෝජනය කලත් වර්තමානයේ මහජනයා තම නියෝජිතයා තොරා පත්කර ගනු ලබන්නේ එම නියෝජිතයාගේ මුදල් විසිකිරීමේ හැකියාව,ශක්‍යතාව මත පදනම් වීම මෙරටේ දේශපාලනයේ අභාගය උදාවීමේ කාර්යයකි මන්ද මුදලට විකිණෙන ජනතාවක් බිහිවීමේ කාර්ය ආරම්භ වී මෙරට සමාජීය ක්‍රමවේදය විනාශ වීමේ ක්‍රියා පිළිවෙල මෙතුල ඇති හෙයිනි

කෙසේ නමුත් මහින්දගේ අල්ලස් කොම්සම ප්‍රකාශ ලබා ගැනීමට සුදානම් බව දැන්වීමත් ඒ සඳහා ඔහුට එන ලෙසත් දැන්වූ පසු වඩාත් කලබල වූයේ කවුරුත් නොව විමල් වීරවංශය. මන්ද ඔහුගේ දේශපාලන ඉරණම තීරණය වී ඇත්තෙ හිටපු ජනාධිපතිවරයා සමගය. විමල්ට රෙඳි ඇදන් වර්ථමාන සන්දාන ආන්ඩුවේ අපේක්ෂකත්වය ඉල්ලිය නොහැකිය. එසේ වුව හොත් ඔහුට සිදුවනුයේ ඔහුගේ නිදහස් පෙරමුණ සමග පාරට බැස ස්වාදීනව තමන්ගේ ලකුණ යටතේ තරග කිරීමට වුවද මෙයින් ඔවුන්ගේ පක්ෂයේ ඉරණම තින්දු වෙයි. මන්ද ජනතා විමුක්ති පෙරමුණට සිටින ආධාරකරුවන් ප්‍රමාණයේ හරි අඩක්වත් විමල්ගේ පක්ෂයට නැත.