ලකාගේ කෙරුවාව....

// // Leave a Comment



අපේ සෙට් එකේ අංක එකේ බොරුකාරයා ලකාය. ලකාගේ බොරුවලට ගහන්න තරම් බොරුවක් කියන්නට අපේ සෙට් එකේ එකෙක්ටවත් නොහැකි වුනාට ලකාගේ බොරු ඇසිමටනම් අපිට හැකිය. ඒ ඔහු අපේ කනෙන් රිංගා මදිවට බටත් රිංගන්නට තරම් අරුම පුදුම හැකියාවක් ඔහුට උපපත්තියෙන්ම තිබෙන නිසාවෙනි. අපේ ඔපීසියේ ලකාගේ ප්‍රධානියා නාලක මහතාද අන්දා ලකා බොරු කී බව ඔහුද දනී ඒ කෙසේ නමුත් එසේ ඇන්දීමට යද්දී පසුගිය දිනක එය ඔහුගේ අතටම අසුවුනි. මෙසේ බොරු කීම ලකාලේ හැටිය. ගම්පහ අවුරුදු උත්සව සඳහා ලකා පැමිණියහොත් හොඳම බොරුව කීමේ තරඟය අවලංගු කිරීමට තරඟ සංවිධායකයෝ වර්ථමානයේ කටයුතු කරති. මන්ද ලකා බොරු කියා ප්‍රථමස්තානය ගෙන ඇති වාරගණනද ගණනය කිරීමට වත් නොහැකිය. ලකාගේ හොඳම යහළුවා සහ අපේ සෙට් එකේ සාමාජික සිදතයා අමතා මා කිවේ මා බෙලොගක් හැදු බවත් ලකාගේ බොරු කථා මා බොලොගට දැමීමට කටයුතු කරනු ඇති බවටත් වුවද සිදතයා මා අමතා කිවේ උගේ කියු බොරු දානවානම් මට බොලොග් එකක් නොව 10 ක් වත් සැදිය යුතු බවය. මෙයින් මේ කියමනෙන් ලකා නැමති මේ ජීවියාගේ බොරුකීමේ පළපුරුද්ද ගැන වෙන කිසිවක් කිමට නොහැකිය. මන්ද ලකාලේ චරිත සහතිකය ලියවා ගන්නට නම් ඔහු යායුත්තේ ග්‍රාමසේවක ගාවට නොව සිදතයා ගාවටය මන්ද සිදතයා තරම් ලකාගේ කැරැට්ටුව දන්නා වෙන එකෙක්වත් නැත.


මේ දිනක් අප සියලු දෙනා එක්වී සිටි අවස්ථාවක
 අපගේ ප්‍රවීන කැමරාකරු වන
ලකා විසින් ගන්නා ලද ඡයාරූපයකි මෙහි ලක් යනු කවුරුන්දැයි
 පසු කලෙක මා හඳුන්වා දෙමි

කාලය මෙසේගෙවී යද්දි ලකා බොරු කීමට අමතරව තව නවතම වැඩක් ආරම්භ කරන ලද්දේ බොරු කියා අවුරුදු උත්සව වලින් දැන් ත්‍යාග ගැනීමට ගම්පහ ඔහු ඉන්නා අවට අවුරුදු උත්සව වල බොරුකීමේ තරඟය අවලංගු කිරීමට සංවිධායකයෝ කටයුතු කිරීමත් සමගය. ඔහු තමන් ලැබූ ත්‍යාග විකුණා කැමරාවක් ගත්තේ බොරු කියා පිඟන් කොප්ප සෙට් ඇතුලු එකී මෙකී වටිනා තෑගි රාශියක් ලැබීමේ භාග්‍ය ඔහුට අහිමී වී යාමත් සමගිනි. කෙසේ නමුත් අවුරුදු ගණනක් එකතු කල තෑගි සියල්ල විකුණා කැමරාවක් ගනු ලැබූ ලකා ඡයාරූප කලාවට බැස්සේ නිකම්මද නොවේ ඒ බුකියේ කැම්පේන් එකක්ද සමගිනි. එනම් ලකාගේ ඡයාරූප කලාව ආරම්භ වීමය. මුල් අවධියේදී ගස්, ගල්, මල් සහිත පාරිසරික දේ ඡයාරූපගත කර ක්‍රමයෙන් නිරූපනියන් ඡයාරූපගත කලේ ඔවුන්වද අන්දා ද යන්න අපි නොදන්නෙමු. කෙසේ නමුත් ලකාගේ බොරු මෙන් ලකාගේ ඡයාරූප කලාවද නැගලාම ගියේය. මුලින් බලෙන් අපේ ඡයාරූප ගැසු ලකාට දැන් අපේ ඡයාරූපයක් අපිට ගැනීමට ඔහුට කියනවානම් අඩුම මාස 3කට කලිනවත් කියා දින වෙන්කරගත යුතුය. ඒ තරම් පොර දැන් බිසීය. මෙසේ යද්දි මෙහු කී එක් බොරුවක් මෙසේ ලියැනුයේ ඉදිරීයේදී තිසරගේ අඩවිය තුල ලකාගේ පිටුව නමින් වෙනම පිටුවක් වෙන්කර දීමට මා කටයුතු කරන නිසාවෙනි මන්ද මගේ බොලොග කියවන්නන් ලකාගේ පිටුව කියවුවහොත් ඒ පිරිස බොලොගේම රිංගා මාහට නිතර ඇමතුම් දී ලකාගේ මීලඟ බොරුවකුත් දාපන් යැයි කියන තරමටම ලකාගේ බොරු රසවත් නිසාය.
කෙසේ නමුත් ලකා අප සමග සිටිනා වෙලාවකදී ඔහු කියන්නේ බොරුවක් බව අපට සිහිවන්නේ ඔහු එය කියා අවසන් වූ විටය එහි හොඳම උදාහරණය නම් දිනක් ලකා ඇතුළු පිරිසක් ඉබ්බෙක් මස් කිරීම සඳහා ඉබ්බා පසුපස පන්නා ගිය බව කීවේය මෙහි හොඳම දේ නම් ලකා ඇතුළු පිරිස ඉබ්බා ඇල්ලීමට ඌ පසුපස ගියානම් ඉබ්බා කොතරම් වේගෙකින් ගියාද කියා ඇසිය යුත්තේ ලකාගෙනි එක්කේ ලකා ඉබ්බා ඇල්ලීමට ඉබ්බාට තෙරුම් ගොස් ඌ ජෙට් ඇංජිමක්වත් සවිකරගෙන වත් යා යුතුය ඒ තරම් වේගයකින් ඉබ්බා ගොස් ඇත කෙසේ නමුත් ලකා ඉබ්බා ඇල්ලීමට යාමේදී ඉබ්බා වලකට වැටුනු බව පැවසුවේ මෙලෙසිනි.
" මචං දැන් ඔන්න ඉබ්බා අල්ලන්න යද්දිම ඌ වතුර වලකට වැටුනානේ "
" ඉතිං " ඒ අපේ සිදතාය.
" පොඩ්ටක් හිටපන් කොල් එකක් " යැයි කියු ලකා තම සාක්කුවෙන් තමන්ගේ ජංගම දුරකථනය රැගෙන තමාට අමතන්නා හා කථා කොට දුරකථනය විසන්දි වූ පසු
" ඉතිං බන් දැන් ඔන්න ඉත්තෑවා වලෙන් ගොඩ එනකොටම " යැයි පවසද්දීම
" යකෝ ඉබ්බා වතුරට වැටුනාම ආයේ ගොඩ එනකොට ඌ ඉත්තෑවෙක් වෙනවද " යැයි කියු පසු ලකාගේ බොරුව අපිට අසුවුනි.
ඒ ලකාගේ කෙරුවාවය. ලකා දැන් මෙය කියවනුද ඇති මා කෙසේ නමුත් ලකා ට මා මුහුණ දිය යුත්තේ ලබන සිකුරාදා දිනයේදීය. එතෙක් ලකාගේ තවත් බොරුවක් රැගෙන එමි තවද ලකාට කියා ෆොටෝ ගැසීමට අයෙක් සිටිනවා නම් මා උපදෙස් දෙකක් දෙමි.
1. ලකාව කථා කරගැනීමට නම් අඩුම මාස 3කට පමණ පෙර සිට දින වෙන්කරගත යුතුය
2. එසේ දින වෙන්කර වැඩේට එන්ටර් වූ පසු ලකා බොරු කියා කනෙන් රිංගීමට උත්සහා දරනු ඇති බැවින් කන් දෙක වසාගෙන සිටීම නුවණට හුරු ඇති බවය.