විනෝද චාරිකා ගොස් කෝසා ලැප් ගත්තේ මෙසේය

// // Leave a Comment



අපේ set එකේ අනෙක් සාමාජිකයා කෝසාය කෝසාගේ කතා බොහොමයකි. ඔහු අනෙකාට ලනු දීමේ ශූරයෙකි මෙහිදී ශූරයෙකි යැයි කියුවාට අනෙකුත් වැඩ වලදි මොහුගේ ශූරතාවය ඇත්තේ කටේය. එතරම් කොසා හොඳය. කෙසේ නමුත් ලඟකදී කොසා නවතම ව්‍යාපාරයක් ආරම්භ කල අතර එහි උපදේශන සේවාව ලබාගෙන ඇත්තේ ගමේ කුලඟන සමිතියේ භාන්ඩාගාරිකගෙනි එනම් කොසාගේ අලුත්ම ජොබ් එක වනුයේ මුදල් එකතු කිරීමය. එයද ආවාට ගියාට නොව අලුත ක්‍රමයක් යටතේ කිරීම නිසා කෝසා ගැන කිසිවෙක් සැක නොසිතුවාට වැඩේ මාට්ටු වූයේ නුවරඑළියේ ට්‍රිප් එක සුදානම් කර ගියපසුවය. වර්ථමානයේ වුවද මුදල් සම්බන්ද කරණකදී කෝසා මුල් වනුයේ තවත් ගේමක් අදින්නට බව මා පූර්ණ වශයෙන් දැනුවත් වී ඇති අතර ඒ සඳහා මා දැන් වැට බඳිමින් ඉන්නට තීරණය කළෙමි.



මෙහි කථානායිකාවන් මෙන්ම කථානායකයන්ද සිටින අතර නැනියා‍, මනුවා, බව්වා, මේ අතර ප්‍රධානය. මන්ද කෝසා අන්දන්නේ මොවුන්මමය කෙසේ නමුත් නුවරඑලි යාමට කෝසා මුදල් එකතු කලේ වැඩි පරිස්සමට කියා කිවාට ඔහු එය ඔනාවට වඩා පරිස්සම් කලේය ඒ සුපිරි නවාතැනක් සොයා දෙන අයුරින් මුදල් එකතු කල අඩු පහසුකම් ඇති තැනක් සොයා දුන් බව ගිය පිරිස කියති කෙසේ වුවද කෝසාගේ ගමේ කුළඟන සමිතියේ ක්‍රමය මනාවට යොදා ගනිමින් නුවරඑලි ගොස් පැමිණ දවස් 3ක් යන්නට මත්තෙන්ම ඔහු අලුතෙන්ම Laptop එකක් මිලදී ගත්තේය. ඒ ගැන මුලදී කාහටත් නොතේරුනාට පසුව විනෝද චාරිකාවේ රස මුසු තැන් ගමන් වියදම් ගැන කතා කිරීමේදී මෙකි කෙරුවාව හෙළිවිය මන්ද මුලදී විනොද චාරිකාව යාමට මුදල් නෑ කියු කෝසා එක්වරම ලැපක් ගැනීම කාහටත් පුදුමය දනවන කරුණක් විය. මෙහිදී මුල්ම යුධ ප්‍රකාශ කලේ මනුවාය මන්ද මනුවාව අන්දවා කෝසා නුවරඑළි යාමට මුදල් ගත්බව කෝසා පසුකලෙක මා වෙත වැමැරුවේ මෙයින් බේරීම පිණිසය. නැනියා සහ බව්වා අන්දවා එහිදී කෑමට මුදල් ගත්බවත් තමාට කිසිදු මුදලක් වියදම් නොවූබවත් කෝසා වැඩිදුරටත් පැවසුවේ ඉදිරියටත් මෙවුන් තුන්දෙනා අන්දා ට්‍රිප් යන බවය. කෙසේ නමුත් කෝසා මේ මෑතකදී Nokia Lumia 625 ජංගම දුරකථනයක් මිලදී ගත්තේ ගමේ පිරිස සමග ත්‍රිකුණාමලයේ ගොස් බව දැන් දැන් එලිවන්නට විය. ඒ ගමේ කුලඟන සමිතියටත් වැඩේ දීලාය. කෙසේ නමුත් මේ දිනවල බහුල වශයෙන් අල්ලස් හා පැමිණිලි කොමිසමට ගොස් පැමිණිලි කරනුයේ මුදල් අයතා භාවිතය ගැනය. මාද තීරණය කලේ කෝසාට විරුද්ධව අල්ලස් හා පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් ඉදිරියේ දැමීමටය එහි සාක්ෂිකරුවන් ලෙද නැනියා, මනුවා සහ බව්වා නම් කරමි.