යහපාලනය ඇත්තටම යහපත්ද ?

// // Leave a Comment


මේ දිනවල බොහෝ අය අතරේ තිබෙනුයේ යහපාලනය කියු තරම් යහපත් නැති බව වුවද මේ සඳහන් කරනුයේ ඒ පිළිඹඳ කෙරෙන විමර්ශනීය අදහසකි.

මෙමත්‍රී ආන්ඩුව බලයට පත් වී දින සති මාස ගෙවී ගිය මේ කාලය තුල මෙම ආන්ඩුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී තරමක් සෑහිමකට පත්විය හැකිවුවද දුන් පොරොන්දු පිළිඹඳ තරමක අවුල් සහගත බවක් පෙනෙන්නට තිබේ මෙයින් පලමුව සඳහන් කල හොත් ඇමති මන්ඩලය වැඩිවීම පිලිඹඳ බොහෝ දෙනා අතර වාද විවාද සංවාද නිර්මාණය වන්නට විය. මෙහි සැබෑ කරණ නම් ඇමති මන්ඩයල වැඩිවීම අප තෙරුම් ගතයුතු යමක් ඇත එනම් මෙම ආන්ඩුවේ පනත් සහ වෙනත් කරුණු සඳහා පාර්ලිමේන්තුව තුලින් සම්මත විය යුතු නිසා ඇමති පිරිස වැඩි කිරිමට ආන්ඩුව ගත් ක්‍රියා පිලිවෙලක් බවය. තවද අනෙක් පසින් පසු ගිය දිනක සරසවි සිසුන් වෙත එල්ල කල ප්‍රහාරය තුලින් සමහරු හුවා දැක්වුයේ කලින් සරසවි සිසුන්ට ප්‍රහාරයක් එල්ල නොවු විලසින් වුවද ඒ පිලිබඳ මා පවසනුයේ සරසවි සිසුන්ට මොනවා දුන්නත් පලක් නැත යනුවෙනි මෙහිදී මා සියලු සිසුන් ඉලක්ක කර නොව මේ චොදනාව එල්ල කරනුයේ අන්තර් ශිෂ්‍ය බලමන්ඩලය වෙතය ඔවුන්ට කිසිදු පහසුකමක් දුන්ත් පලක් නොවන අතර කිසිම ආන්ඩුවක් පැමිනීමෙන්ද පලක් නැත ඒ ඔවුන්ගේ හැටිය.
  යහ පාලනයේ ක්‍රියා කාරකම් යම් කිසි මන්ද ගාමී ස්වරුපයක් ගෙන ඇති අතර හොරුන්ට දැඩි දඩුවම් දෙනවා කියු පාලකයන් බලයට පැමිනි පසු තවම හොරුන් ඇල්ලීමට නොහැකී වීම පුදුමයට කරුණකි මේ පිළිබඳ රාජිත සේනාරත්න අමාත්‍යවරයා පසුගිය දිනක පැවසුවේ තාම විමර්ශනය කරමින් පවතින බවත් ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන් කිසිවෙක් හොරුන් නොවන බවත්ය මේ අනුව ගත් කල අපට කිව හැක්කේ පාර්ලිමේන්තුව තුල සිටින කිසිදු මහජන නියෝජිතයෙකු කිසිදු හොරෙකු නොවන බවය. මන්ද තවම වන විමර්ෂනය කොතෙක් කාලයක් පවතීද යන්න නිෂ්චිතවම පැවසීමට නොහැකි හෙයිවි නමුත් ආන්ඩුවේ ක්‍රියා කලාපය දෙස විමර්ෂනාත්මකව බැලීමේදී එහි සාධනීය සහ සාධනීය නොන කරුණු රැසක් අන්තර්ගත ව ඇති බවය.