බුදු දහම ඇත්තටම අනතුරේද?

// // Leave a Comment

   මේ දිනවල මුහුණු පොතේ වැඩි වශයෙන් දක්නට ලැබෙන දෙයක් නම් බුදු දහම විනාශවීමේ අවධානමක් ඇති බවත් මුස්ලිම් ආගමිකයන් සහ රජය මෙයට වගකිය යුතු බවටත් පැතිරෙන පුවත් සම්බන්දව මෙසේ හෙලිදරව් කරනුයේ මෙහි සැබැ තතු සැවොම දැනගත යුතු නිසා යැයි ද සිතමිනි.

 පළමුවන කාරණය නම් මේ වන විට බුදු දහම පිළිඹඳ ප්‍රශ්ණ ගණනාවක් නිර්මාණය වෙමින් පවතිනුයේ විවිධ හේතු කාරනා නිසාය මන්ද භික්ෂුන් දේශපාලණික වශයෙන් බෙදී වෙන්වීම නිකායන් අනුව බෙදී වෙන්වීම සහ තවෙකෙකු බණ දේශනා කර ජනප්‍රියත්වයට පත් වූ විට එම භික්ෂුවට දෝෂාරෝපණය කිරීම යන හේතු කාරණා පළමු කාරණයයි මෙහිදී හොඳම නිදසුනක් වන්නේ අප කවුරුත් දන්නා පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ නමින් ප්‍රසිද්ධ අත්තරගම ප්‍රඥාලංකාර හිමියන්ගේ බණ දේශනාවෙන් පසු උන්වහන්සේ ගේ ප්‍රසිද්ධියත් සමග උන්වහන්සේට එරහෙිව ගිහියන් භික්ෂූන් ඇතුළු බොහෝ පිරිසක් විරුද්ධ වූයේ උන්වහන්සේ අසභ්‍ය ලෙස බණ දේශණා කරන බව හුවා දක්වමින් වුවද මා සිතනුයේ උන් වහන්සේ කුමන ආකාරයෙන් දේශණා කලද එම ධර්ම දෙශනාවෙහි උගත යුතු දේ බොහොමයක් තැබෙන බැව් මා හට හැඟී ගිය නිසාවෙනි අනෙකුත් භික්ෂුන්ට එසේ ධර්ම දේශනා කල නොහැකි නිසා උන්වහන්සේ භික්ෂුවක් නොවේ යැයි කිමට තරම් සමාජය පහත් මට්ටමක පැවතීම කණගාටුවට කරුණක් විය.


    පිටකොටුවේ පොඩි හාමුදුරුවෝ  

  ඒසේම වර්ථමානය වන විට මුස්ලිම් ආක්‍රමණ වැඩි වීමක් දක්නට ලැබෙන අතර ඒ සඳහා  මින් ඉහත විශාල ලෙස මුහුණු පොතේ හඬ නැගූ මාහට අත්වූ ඉරණම පිළිඹඳ මා මෙහිදී සිහිපත් නොකෙරුනද වර්තමානයේදීද මා ඒ පිලීඹදව හඬනගනුයේ ඔවුන්ගේ පහත් ක්‍රියා මා කිසි ලෙසකින් වත් අනුමත නොකිරීම සහ මෙය බුදුන්ගේ දේශය මෙන්ම බෞද්ධ රටක් වන නිසාවෙන් බවද කිය යුතුය.
  අප බුදු දහම රැක ගැනීමට නම් කල යුත්තේ කුමක්ද ? යන පැනයට මා විසින් මෙසේ පිළිතුරු දෙනුයේ මෙකි තර්කය විවිදයට ලක් කිරීමට තර්ක කිරීමට අනෙකාට ඇති අයිතිය පූර්ණ වශයෙන් මෙහිදී හිමි කර දෙමිනි මන්ද අප ප්‍රජාතන්තුවාදී රටක් වන නිසාවෙන් ඕනෑම අයෙකුට මාහා තර්ක කල හැකිය 

අනෙත් කරුන නම් සියලුම මුස්ලීම් ජාතිකයන් වැරදීකාරයන් නොවන බවද සිහිපත් කල යුතුය මන්ද මා ඒ පිලිඹඳ හොඳාකාරනම දන්නා අයෙකු වන නිසාවෙනි මන්ද මා සාපෙල ගණිතය සඳහා උපකාරක පන්තියක් ලෙස සහභාගී වූයේ මරදාන යාත්‍රා ආයතය සහ එහි ගණිත උපදේශක ලෙස සිිටියේ එම ආයතනයේ හිමිකරු වන Zuhoor නම් මුස්ලිම් ගුරුවරයෙක්ය එම පන්ති කාමරයේ  85% ක් පමණ සිටියේ මුස්ලීම් සිසුන් වන අතර 4 %ක් සිංහල සහ අනෙක් පිරිස දෙමළ සිසුන් විය. එහි ගුරුවරයා වන Zuhoor නම් ගුරුවරයා සියලු සිසුන්ට පොදු නියෝගයක් දී තිබුන අතර එම නියෝගය කඩ කළ ඔනෑම අයෙකු පන්තියෙන් පිටමං කිරීමටද ඔහු නොපැකිලිව කටයුතු කල ආකරාය මට අදටක් මතකය. එහුගේ නියෝගය වූයේ පන්ති කාමරයේ සියලු සිසුන් සිංහලෙන් කථා කලයුතු බවයි එයට හේතුව ලෙස ඔහු දැන්වුයේ මෙහි විවිධ ජාතීන් වලට අයත් සිසුන් පැමිනෙන නිසාත් පොදු භාෂාව ලෙස සිංහල කථා කල යුතු බවත්ය එම ගුරුවරයා සැබැ ගුරුවරයෙක් බව එහි ගිය සෑම අයෙකුටම වැටහෙනු ඇත.
   අනෙක් කරුන නම් සමහර මුස්ලිම් ජාතිකයන් අන්තවාදීන් බව මා අද වුවත් කියමිත මන්ද කූරගල, මුහුදු මහා විහාරයට අද වන විට අත්ව ඇති ඉරණම මේ බව කදිම නිදසුන් සපයනු ඇත. 

කූරගල විහාරය වැඩිදුර විස්තර සඳහා  උපුටා ගැනීම http://forum09.faithfreedom.org  (http://forum09.faithfreedom.org/viewtopic.php?f=7&t=7749)



මුහුදු මහා විහාරය

මේ සඳහා අප සියලු දෙනා මෙන්ම රජයද ඉදිරිපත් විය යුතු බව මාගේ අදහස වේ මන්ද රජයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙන්නේද  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආගම බුද්ධාගම යනුවෙන් වුවද මෙතෙක් පැවැති කිසිදු රජයකින් මේ සඳහා සැලකිය යුතු දායකත්වයක් නොලැබුනේ හුදෙක් මනාප ගොඩ වැඩි කරගැනීමේ ඡන්ද තියරිය නිසා බව මා ඉඳුරාම ප්‍රකාශ කරමි. තවද පොහොයකට පන්ලකට නොගිය සමහර සිංහලයන් බුදුදහම ගැන කථා කරන්නට ඉදිරිපත් වීම හොඳ වුවද  ඕනෑම පවතිව රජයක් විවේචනය කොට කථා කිරීම මා දකිනුයේ ඔවුන්ගේ හෙළුව වසා ගැනීමක් ලෙසය. මෙකි කරුණු හමුවේ අප කුමක් කල යුතුද බොදු බල සේනා, සිංහල රාවය සහ තවත් සංවිධාන කිහිපක් මේ වෙනුවෙන් පෙනි හිටියද මුල් කල ඔවුන්ගේ අරමුණු මත ක්‍රියාත්මක වුවේ නම් අද කූරගල, මුහුදු මහා විහාරයට සතුටු දායක පුවතක් අපට අසන්නට සිදු වනු ඇත එහෙත් එය ට තවමත් ප්‍රමාද විය යුතු නැතැයි ද මා සිතමි ලංකාවේ සියලූම භික්ෂුන් එක්මෙන්ම හිද මේ ශාසනය රැක ගැනීමේ මුළික ක්‍රියාවට කටයුතු කරන්නේ නම් අපට බුදු දහම පිලිඔඳව බිය විය යුතු නොවුනද වර්ථමානයේ පවතින  සහ සිදුවන සිදුවීම් පිළිඹඳ නම් ලංකාවේ බුදු දහම අනතුරකට අභාවයකට යන දිනය වැඩි ඇතක නොවන බවද පැවසිය යුතුය.