ලකාගේ කෙරුවාව දැක ලකා මා අමතයි...

// // Leave a Comment

ලකා ගේ කෙරුවාව (බැලුවේ නැත්නම් මෙතැනින් බලන්න) නමින් මා ඊයේ දිනයේ (20 දා ) බ්ලොගේ ලියමින් කිවේ ලකා කට ඇරියොත් බොරු කියන බවත් ඔහු හේතුවෙන් ගම්පහ අවුරුදු උත්සවවල බොරු කීමේ තරගය ඔහු පැමිණි විගස අවලංගු කිරීමට සංවිධායකයන් කටයුතු කිරීමට යන බවත්ය. බ්ලොගේ ලියා අවසන් වූ පසු මා අපේ සාමාජික පිරිස අමතා කිවේ ලකාගේ කෙරුවාව ප්‍රසිද්ධ කල බවත් එය බලන ලෙසත්ය ඊයේ දවස වන විය ලකාගේ කෙරුවාව කියවු පිරිස මාගේ අනෙකුත් නිර්මාන කියවු පිරිසට වඩා වැඩිය එනම් මෙතෙක් ලියැවු නිර්මාන අතරින් වැඩිම පිරිසක් කියවූ නිර්මානය ලෙස ලකාගේ කෙරුවාව ඒ තරම් ප්‍රසිද්ධ විය කෙසේ නමුත් ලකාටද මෙය පැවුසු පසු ඔහු ඊයේ දිනම මාහා සංවාද සටහනකටද එක්විය එහිදි ඔහු පැවසුවේ තමාව දැන්ම නොපෙන්නන් ලෙසය මෙය ඉඳුරාම ඔහු ප්‍රකාශ කරන ලද්දේ නැතහොත් ඔහුට ගම්පහ තියා ලංකාවේ කිසිම තැනක අවුරුදු උත්සව සඳහා ඔහුට බොරු කීමේ තරඟ ඉසව් සඳහා ඉදිරිපත් වීමට නොහැකි වන බව තේරුම්ගොස් තිබු නිසාවෙනි





තවද තව තවත් බොරු මා වෙත එවන බවත් එයද ලියන ලෙසත් කියමින් වැඩිදුරටත් ඔහු පැවසුවේ කවදාද නැවත ලියන්නේ කියාය මෙයින් මට තෙරුම් ගියේ ලකා කෙසේ හෝ බොරු කියා රටම අන්දන්නට ගන්නා මේ වැයම පිලිබඳවය ලකා සිටිය යුත්තේ අපේ ඔපීසියේ නොව මෙරටේ පාර්ලිමේන්තුවේය මුල් අවධියේ සිටම පාර්ලිමේන්තු පැමිණියහොත් ලකා මේ වන විටද ශ්‍රී ලංකාවේ අතිගරු ජනාදීපතිවී හමාරය. මහින්ද මාමිට වඩා ලකාට ඒ හැකියාව සහජයෙන්ප තිබුනි. කෙසේ නමුත් ලකා ජනාදිපති නොවුනේ එක්කෝ අපේ වාසනාවකට මෙන්ම රටේ වාසනාවකටද විය හැකිය. එසේ පැමිණියහොත් අපිට ඔහු ලකා නොව ලකා සෑර් ය එහෙයින් ලකා ජනාධිපති නොවු එක හොඳය මේ සටහන බලා ලකා ලබන වසරේ පැවැත්වීමට තිබෙන ප්‍රාදේශිය සභා මැතිවරනයට ඉදිරිපත් වුවහොත් ගමට අවාසනාවක් මෙන්ම ඔහුට වාසනාවක් වන්නට ඒකාන්යෙන්ම පුලුවන.

ඒ කෙසේ නමුත් මා දැන් කල්පනා කරනුයේ වැඩිම පිරිසක් කියවූ ලකාගේ කෙරුවාව නිසා මාගේ බ්ලොග තිසරගේ අඩවිය නොව ලකාගේ අඩවිය ලෙස වෙනස් කල යුතුද යන්නය.