සිහිනය දිගේ එන්න... (මේ ඔබේත් මගෙත් අපෙත් ජීවිතාවර්ජනයයි ) 01 කොටස

// // Leave a Comment

          මේ ජීවිතය හරි පුදුමාකාරයි ඒ පුදුමාකාර ජීවිතයේ අපි තවමත් ජීවත්වෙනවා ඒ ජීවත්වෙන හැම මොහොතක් පාසම හැම තත්පරයක් පාසාම අපි අපේ ජීවිත ගෙනයන්නේ කොහොමද කියලා අපි නිකමටවත් හිතුවේ නෑ නේද මේ ලියන්නේ ඒ හැම දෙයක්ම කැටි කරලා සරලව ඔබෙත් මගෙත් තරුණ මහළු අපි කාගෙත් පාපොච්චාරණය මේ එළිකිරීම ඇතුලේ ඔබේ ජීවිතයත් තියනවාද කියලා බලන්න කියවන්න අදහස් එවන්න තරුණ අපිට මේ ජීවිතය අලුත් කරන කාලයයි. ඒ නිසා සිහිනය දිගේ එන්න අපි හැමෝම පුරුදු වෙමු ඒ නිසාම අපි අපේ මම මගේ පාපොච්චාරණය පටන් ගමු මුල ඉඳන්ම මුල ඉඳන් කියුවේ අපි අපේ කුඩා කාලයේ ඉඳන්ම අහන්න බලන්න තමන්ගේ හිතට මොහොතක් සවන්දීලා මම මේ කියන දේ ඔබටත් අදාලයිද කියලා එහෙනම් අපි පටන් ගමු

          අපි පුංචි කාලේ අපිට හීන ගොඩාක් තිබුනා ඒ හීන අතුරින් පාසලේ එක දෙක වසරෙදි අපෙන් කවුරු හරි ඇහුවම පුතේ ඔයා ලොකු උනාම කවුරු වෙන්නද කැමති කියලා අපි ගොඩක් දෙනා කියුවේ දොස්තර කෙනෙක් වෙනවා ඉංජීනේරුවෙක් වෙනවා ගුරුවරයෙක් වෙනවා කියලා නේද ? ඒ හීන අතරේ මට තිබුනේ බස් රථ රියදුරෙක් වෙනවා කියන අනිත් හැමෝටම වඩා වෙනස් හීනයක් නමුත් අපි ඒ හීන මත්තෙම ඒ හීන සැබෑ කරගන්න ආවේ නෑ නේද ? මෙහෙම යද්දි අපි පාසලේ පන්ති මාරුවුනා අපි අවුරුද්දෙන් අවුරුද්ද ඉහළට ගියා මිතුරන් අඳුර ගත්තා එහෙම යද්දි තමයි අපේ වයසත් එක්ක අපි ආදරය කියන වෙනස් මාතෘකාවකට යන්නේ මුලදි අම්මා තාත්තාගේ ආදරයෙන් පොහොසත් වුනු අපි අට වසරේ ඉඳලා දෙමව්පිය ආදරයට එහා ගිය වෙනස් ආදරයක් හොයන්න පටන්ගන්නවා ඒකට අපි හැම කෙනාම බැලුවේ තමන්ට ලස්සන ගැහැණු ලමයෙක් , පිරිමි ලමයෙක් ඉන්නවද කියලා හැබැයි අපි පොඩි පන්තිවලදි ගැහැණු ලමයෙක් පිරිමි අපි ගාව ඉඳගන්නවටවත් පිරිමි ලමයෙක් ගැහැණු ලමයෙක් ගාව ඉඳගන්නවටවත් අපි කැමති උනේ නෑ නමුත් කාලයත් එක්ක් අපි ඒ දේට කැමති වුනා කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ අතින් අල්ලලා නැති අපි අතින් අල්ලන්න පෙළබුනා ඉස්සර තනියෙන් කාපු කෑම ඒක දැන් බෙදාගෙන කන්න පුරුදු වුනා මේ කාලය මැව් වෙනසක අරුමය නේද ? හැබැයි අපි ඒ ආදරය මත්තේ යනකොට අපිට අපේ අම්මගෙ තාත්තගේ ආදරය මදි කමක් වුනා නේද මොහොතක් සිතන්න. ඒ ඇයි ? ඒ අපි ආස කරන චරිතය අපේ කරගන්න අපි පෙලබුන ආශාව නිසා නේද ගෙදරින් පාසල් ආදරයට විරුද්ද වෙද්දි ගුරුවරු විරුද්ද වෙද්දි අපි අපේ ආදරය මත්තෙම එල්ලිලා හිටියා නේද ? ඒ තමයි අපේ පාසල් ආදරය ඒ ආදරය විඳිද්දි සමහරුන්ට තමන්ගේ අම්මා තාත්තා අමතක වුනා ඒ අයට වැරදුන තැන එතන



         කොහෙමින් කොහොම හරි අපි ලොකු වුනා පාසලෙන් යන්න වුනා ඊලඟට අපිට තිබුනේ ලොකුම ප්‍රශ්නය රැකියාවක් කරන එක සාපෙල අසමත් වුනු ගොඩක් දෙනා හමුදාවට ගියා ඒ කාලේ යුද්දෙත් තිබුනා සමහරු ගාමන්ට් එකකට ගියා මේ අතරේ අපි උසස් පෙල කරලා ජොබ් හොයනවා සමහරු කැම්පස් ගියා සමහරු කැම්පස් යන්න බැරි හින්දා ලකුණු මදි නිසා බාහිර උපාධි කලා මේ හැම එකක්ම කරලා අපි අන්තිමට නවතින්නේ රැකියාවක් හොයාගෙන හැබැයි අපි ඒ රැකියාව කරන්න පටන් ගනිද්දි සාපෙල අසමත් වෙලා ඒ දවස්වලම රැකියා කරපු අය අපිට වඩා හොඳ තැනකට ඇවිත් හිටියා මේ අතරේ අපි පාසලේ පටන් ගත්තු ඒ ආදරය සමහර අය ඒ විදිහටම තියා ගත්තා තවත් සමහරුන්ගේ ආදරය බොඳවෙලා ගියා අපි කෙල්ලෙක්ගෙ පස්සෙන් වත් කෙල්ලෙක් කොල්ලෙක්ගේ පස්සෙන්වත් යන්න අලුත් ආදරයක් හොයන්න අපි දැන් පෙලබෙනවා ඒ ආදරයත් එක්ක යද්දි ප්‍රශ්ණ මතුවෙලා ආදරය බොඳවෙලා යද්දි අපිට දැනෙන දුකත් එක්ක අපිට මුලු ලෝකේටම ඇහෙන්න කෑගහලා අඬන්න ඔන වුනා තනියෙන් කල්පනා කරා හැබැයි ඒ දාලා ගිය ආදරය අයේ අපිට අවේ නැති වුනාට අපිට තිබුන දුක අපිව දාලා ගියේ නෑ නේද මේ හැම දේම අතරේ තමන්ගේ අම්මගේ තාත්තාගේ ආදරය අපිව දාලා ගියේ නෑ මොන ප්‍රශ්නේ ආවත් එයාලා අපිත් එක්ක හිටියා නමුත් අපිට ඒක නොතේරුනා තාත්තා අපිට එයාගේ ආදරය පෙන්නුවේ නෑ නමුත් එයා අපි දිහා බැලුවා අපි ජීවත් වෙන්නේ කොහොමද කියලා එයා බැලුවා අපිට ඒක පෙනුනේ නෑ දැනුනේ නෑ මේක තමයි තාත්තාගේ ආදරය නමුත් අපි ඒ ආදරය දිහා බැලුවේ නෑ අපි හිතුවේ එයා අපිට ආදරේ නෑ කියලා එහෙම නේද ?





      මෙහෙම යද්දි අපි අපේ ආදරය වෙනුවෙන් අඬනවා වැළපෙනවා ඒ හැම දෙයක්ම කරලා බැරි වුන තැන සමහරු ජීවිතය නැති කරගන්නවා අපි අපේ ආදරය වෙනුවෙන් වැලපුනාට එයාලා වැලපෙන්නේ නෑ නමුත් හොඳ අයත් මේ අතරේ ඉන්නවා කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලලා එයා නිසා අපි ජීවත්වෙනවා කියලා හිතනවා මේ සත්‍ය කතාව අතරේ මටත් එහෙම උනා නේද කියලා දැන් ඔයා හිතනවා ඇති සමහර අයට මේකේ ලියලා තියන සමහර සිද්ධින් තමන්ගේ ජීවිතය දිහා බලලා මේ මේ සිද්ධීන් තමන්ට වුනා කියලා හිතනවා මේ අතරේ අපි අපේ ආදරයත් එක්ක ජීවත් වෙනවා මගෙත් ඔබෙත් ජීවිතව වෙනස් කරන්න කොල්ලෙක්ට කෙල්ලෙක් නිසා පුලුවන් වෙනවා කෙල්ලෙක්ට කොල්ලෙක් නිසා පුලුවන් වෙනවා පාසලේදී වැඩ නොකරපු පන්ති කට්ටි පැන්න අපි එයා නිසා ජීවත්වුනා පන්තියේ හිටියා හැමදාම පාසල් ගියා හැබැයි ඒ ඉගෙන ගන්න නෙමේ අපි එයාව බලන්න එහෙම නේද ? මේ හැමදේත් එක්ක එයා අපේ ජීවිත වෙනස් කලා මේ අතරම තවත් සමහර අයට නොලැබෙන ඒත් තමන්ගේ හිතේ ඉන්න සිහින කුමාරයෙක් කුමාරියක් ඉන්නවා එයා කවදාවත් අපිට ලැබෙන්නේ නෑ නමුත් අපි එයා නිසා අපේ ජීවිතය වෙනස් කරගත්තා එයාව ආදර්ශයට ගත්තා එහෙම අපි අපේ ජීවිතය හැඩගස්වගත්තා මේ ආදරය හරි අපූරු දෙයක් වෙන්නේ මේ නිසා කෙනෙකුට පුලුවන් තව කෙනෙක්ව ආදරයෙන් වෙනස්ම චරිතයක් කරන්න හැබැයි අපි පාසලේදි දැකපු ආදරය දැන් අපි ලොකු වෙලා රැකියා කරනකොට දකින ආදරයට වඩා ගොඩක් වෙනස් ඒ වෙනස ඔයාට දැනිලා තියනවා කියලා මම හිතනවා .


         අපි හැමෝගෙම ජීවිත ආලෝක කරන මේ ආදරයට අපි හදවතින්ම ආදරය කරනවා ඒ තරරේ මම දෙමව්පියන් ගැන මෙහෙම ලියන්න හිතුවේ මගේ ජීවිතයේ එක් කොටසක් මේය හින්දා මට මගේ තාත්තා ගැන පොඩි කාලේ තිබුනේ වෙනස් විදියක සිතිවිල්ලක් තාත්තා සහ පුතා අතර තිබුන සම්බන්දය ගොඩක් අඩුයි අපි පොඩි කාලේ හැමදේම කියුවේ අම්මට අපි තාත්තාට වඩා අම්මට ආදරය කලා හැබැයි ලොකු වෙනකොට මට තාත්තාව ඔන වුනා හැබැයි මගේ තාත්තා මට අහිමි වෙනකොට මට හිතුනේ ඇයි මට තාත්තට මෙච්චර ආදරය කරන්න බැරි වුනේ කියලා හේතුව තාත්තාත් එක්ක තිබුන සම්බන්දය මට ඕන වෙන්නේ දැන් මට තාත්තාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියන නිසා නමුත් දැන් මට ඒක අහිමියි මේ තමයි ජීවිතයේ හැටි අපි හැමෝටම තමන් ආදරය කරන චරිතය හැමදාටම ලඟ තියන් ඉන්න බෑ ජීවිතය අනිත්‍යයි. ඒක අපි තේරුම් ගන්න ඔනේ මේ එක් කොටසක් විතරයි තවත් කොටසක් අරගෙන ජීවිතය ගැන ලියන්න අයේ එන්නම් කියවලා තමන්ගේ අදහස් එවන්න මේ ජීවිතය අලුත් කරන්න කාලයයි අපේ වැරදි නිවැරදි කරගෙන අලුත් විදිහට ඉස්සරහට අපි යමු ඔයාලා හැම කෙනාගෙම අදහස් එවන්න අපි කථා කරමු ඉතින් අපි සිහිනය දිගේ පියමන් කරමු අපිට කවදා හරි වසන්තය එනවා සත්තයි.....

මම තිසර