සේප්පුවේ අභිරහස 04 (අවසාන කොටස )

// // Leave a Comment



සොම්සන්ගේ මුහුණේ තිබුනේ බැරෑරුම් කමකි මන්ද තොම්සන් විසින් මෙම අභිරහස විසඳන අද හෙටම විසඳන බව කියු නමුත් තවම මේ සඳහා හෝඩුවාවක් ලබා ගැනීමට අපොහොසත් වීම ඔහුට තිබු ප්‍රහේලිකාව විය. කෙසේ නමුත් මේ සඳහා තොම්සන්ගෙන් විමසිය යුතු යැයි සිතූ සොම්සන් සැන්දැ සමයේ තේ පානය කරන අතර තුර තොම්සන් ගෙන් විමසන්න විය.

“තොම්සන් ඔබ කොහොමද මේ අභිරහස විසඳනවා කියුවේ මෙච්චර ඉක්මනට අපිට තවම මුකුත් සොයා ගන්න ලැබුනේ වත් නැහැනේ මේ දින කිහිපයට”

“නැහැ සොම්සන් අපිට කිසිවක් සොයා ගන්න නොහැකි වුනාට මට අද වරුණ මහත්මාගේ කාර්යාලයට ගිය පසු ඇතිවූ සැකයක් පදනම් කරගෙන තමයි මම මේ අභිරහස අද හෙටම විසඳනවා කියා ඔහුට පැවසුවේ”

“කුමක්ද තොම්සන් ඔබට සැක කරන්නට කරම් එහි සිදුවූ දේ ?”

“ඔබට මතකද වරණ මහත්මා අප දෙදෙනා මුනගැසෙන්න මෙම ස්ථානයට පැමිණි පසු ඔහු කීවා ඔහුගේ නිවසට නිතර යන එන අය නමත් ඔවුන් හැම වෙලාවකම ඔහුගේ නිවසට නොයන නිසා මෙම අභිරහස තරමක් අසීරු කටයුත්තක් වුනා නමුත් ඔබ දුටුවාද අද අපි ඔහුගේ කාර්යාලයට ගිය විට අප වරුණ මහත්මා ගැන විමසූ පුද්ගලයා”


“ඔව් තොම්සන් ඔබ ඔහුවද සැක කරන්නේ”

“නැහැ සොම්සන් මා එහිදී දුටුවා ඒ අසල තිබු දුරකතනයකින් යම් පුද්ගලයෙකු වරුණ මහත්මාගේ නිවසට අමතනවා ඒ අංකය සහ වරුණ මහත්මා එදා දුන් දුරකතන අංකය එකම බැව් මා කිහිපවරක් නිරීක්ෂනය කලා ඔහු මදක් විමසිල්ලෙන් සහ යම් බයකින් කතා කරන බවක් මා දුටු නිසා අපි පිටවන විට ඒ අසල කුඩා රොකාඩරයක් සවිකලා එහි දුරකත ඇමතුම් ගන්නා වාරයක් පාසා ඒ කතා සියල්ලම මෙහි සහහන් වෙනවා” යැයි කියු සොම්සන් කමා සවිකල උපකරණයේ ඡයාරූපය සොම්සන් වෙත පෙන්න ලදි
“ඔබ නම් විශිෂථයි තොම්සන් ඒත් අපි කොහොමද මෙහි සටහන් වූ සියලු දත්ත නැවත අප ලබා ගන්නේ අප නැවත එතැනට ගිහින් ඒ පිලිබඳ සෙවුවොත් ඔවුන් සැක සිතයි අප ගැන”

“නැහැ සොම්සන් ඒ මොකද මේ සවි කල උපකරණය ඉතා කුඩා එකක් වුවත් එම උපකරණයට හැකියාවක් තිබෙනවා ඒ ස්ථානයේ සිට මීටර් 10 ක් ඇතුලත සිදුවන කථා හොඳින් පටිගත කරන්නට අනෙක් කරුණ තමයි මා මෙය සවි කලේ එම දුරකතනය තිබෙන මේසය මත නොවේ එම මේසය අසල තිබෙන තිර රෙදි වල ඒ වගේම තමා මේ සවිකල උපකරණයේ දත්ත මාගේ ජංගම දුරකථනය මගින් සවනය කිරීමේ පහසුකම තිබෙනවා ඒ වගේම තමා මේ මාසය අවසන් වීඹට තව ඇත්තේ දින කිහිපයක් පමණයි ඒ නිසා ඒ මුදල් බැංකුගත කරන නිසා මේ කටයුත්ත අපට අද හෙටම විසඳන්න පුළුවනි සොම්සන්”

“හොඳයි තොම්සන් අපට එහෙනම් මේ කටයුත්ත ඉතා ඉක්මනින් විසඳන්න හැකියාව ලැබෙනවා ඉතින් සොම්සන් අපි කවදාද සේ අභිරහස විසඳන්නේ”

“අපි නිසැකවම තව දවස් දෙකකින් මේ අභිරහස විසඳනවා”

“ඒ කියන්නේ අපි අනිද්දා වෙනකොට මේ අභිරහස විසඳනවා ?”

“ඔව් සොම්සන් අපි අනිද්දා මේ අභිරහස විසඳනවා මා අනිද්දා කියුවේ අද සහ හෙට අපට මේ පටිගත කල දත්ත මගින් කවුද මේ මුදල් සොරකම් කරන්නේ කියා නිසැකවම දැනගන්න හැකියාව තිබෙන නිසා” යැයි සොම්සන් පැවසීය.

මෙසේ කාලය ගෙවී ගිය අතර කෙමෙන් කෙමෙන් මෙම රහස් පරීක්ෂකවරු දෙදෙනා තම අභිරහස විසඳන්නා වූ දිනය පැමිණියේය උදෑසන අවදී වු තොම්සන් වරුණ මහත්මාට දුරකතනයෙන් අමතා මෙසේ පැවසීය.

“සුබ උදෑසනක් වරුණ මහත්මා අප ඔබට සුබ පණිවිඩයකුත් රැගෙනයි අද මේ කතා කරන්නේ අප අද ඔබගේ මුදල් සොරකමේ සැකකරුවන් ඔබට හසුකර දෙනවා ඒ වගේම වරුණ මහත්මා අද අප එනතෙක් ඔබ ආයතනයේ කිසිදු සේවකයෙන් සහ ඔබ කාර්යාලයෙන් පිටත් විය නොහැකියි ඒ අපේ අණක් මන්ද අප මේ සැලසුම කිසිවෙකුට නොකියා ඉන්නට තීරණය කරා ඒ වගේම තමා ඔබ ආයතනයේ මුදල් අද බැංකුගත කරන කටයුත්ත අප එන තෙක් ප්‍රමාද කල යුතුයි. අප තව ස්වල්ප මොහොතකින් ඔබගේ සේවා ස්ථානයට පැමිණෙනවා”

“හොඳයි මහත්වරුණි ඔබ කියු අයුරින් මා ඔබගේ උපදෙස් පිලිපදින්නම් කවුද මහතමා මේ මුදල් සොරකම් කරන්නෙ ඔහු කවුද ?”

“ මා කියුවානේ වරුණ මහත්මා ඒ අපගේ කටයුත්තක් ඔබට දැන්ම මේ පිලිබඳ පැවසුවහොත් ඔබ අද දින බැංකුවේ තැන්පත් කරන්නට යන මුදල් ඔබට අහිමි ව යා හැකියි ඒ නිසා අප පැමිනෙන තෙක් මෙය රහසක්.”

“ හොඳමයි මහත්මා මා ඔබ කියු අයුරින් සියලු කටයුතු සිදු කරන්නම් ” යැයි පැවසූ වරුණ මහත්මා දුරකථනය තබා මොහොතක් කල්පනා කරන්නට විය.

“ සොම්සන් අපි දැන් පිටත් වෙමු නැතහොත් අපට කලට වේලාවට එතැනට යා නොහැකියි ” පැවසු තොම්සන් මහා මාර්ගයට පැමිණියේ සොම්සන් ට නැවතත් හදිසි කරමිනි.

කෙසේ නමුත් කාලය ගෙවී යාමෙන් අනතුරුව තොම්සන් දෙපල වරුණ මහත්මාගේ කාර්යාලය වෙත පැමින වරුණ මහත්මා මුනගැසී මෙලෙස පැවසීය.

“ වරුණ මහත්මා අපි දැන් ඔබේ අභිරහස විසඳන්නයි යන්නෙ කරුණාකර ඒ සඳහා අපට ඔබ නිතර නිවසට යන ඔබ කියු පුද්ගලයන් 5 දෙනා මෙහි කැඳවන්න ඒ වගේම තමයි ඔවුන් මෙතැනට පැමිණි පසු ඔබේ ගෙදර මෙහෙකාරියවත් මෙතැනට කැඳවන්න මතක ඇතුව ඇයට මේ වගක් නොහඟවා ඔබේ අවශ්‍යතාවක් වෙනුවෙන් පැමිණෙන්න යැයි දන්වන්න ” යැයි පැවසු තොම්සන් තම කලිසම් සාක්කුවේ තිබු කුඩා පටිගත කිරීමේ යන්ත්‍රය වරුණ මහත්මාගේ මේසය මත තැබුවේය.

මේ අතර කාර්යාල සේවකයන් 5 දෙනා සහ නිවසේ මෙහෙකාරිය පැමිණි පසු තම කතාව ආරම්භ කල තොම්සන් මහත්මා මෙලෙස පැවසීය
“ හොඳයි වරුණ මහත්මා දැන් සියලු පිරිසම මෙම ස්ථානයේ සිටින නිසා මා මේ අභිරස විසඳිමේ ක්‍රියාවලිය දැන් පවසන්නම් ඇත්තටම වරුණ මහත්මා ඔබේ මුදල් සේප්පුව අලුත් එකක් එහි මුර පදය ඔබට නිතර අමතක වන නිසා ඔබ එය කොල කැබැල්ලක ලියා තිබුනා නේද ? ”

“ ඔව් ඔබ හරි තොම්සන් මහත්මා ”

“ ඔබේ ඇදුම් සියල්ලක්ම පාහේ සෝදන්නේ නිවසේ සිටින මේ මෙහෙකාරිය නේද ? මොකද මා මේ පිලිබඳ දැනගත්තේ ඔබ නිවස අවට සිට සොදිසි කිරීමෙන් ඒ වගේම තමයි ඔබ කියුවා ඔබ කාර්යාලයේ සේවකයන් 5 දෙනෙක් ඔබ නිවසට නිතර යවන බව මේ ඉන්නේ ඔවුන් 5 දෙනා ”

“ නමුත් ඔබ සේප්පුවේ රහස් අංකය සහිත කොල කැබැල්ල පසුව විනාශකලා එහි රහස් පදය ඔබ විසින් නමුත් ඔබ එහිදි ප්‍රමාද වූවා වැඩි මොකද ඔබ සේප්පුවේ රහස් පදය විනාශ කරන්නට මත්තෙන් එහි රහස් පදය ඔබ නිවසේ මෙහෙකාරියට හමුවුනා ඔබ සිතුවා කවුරුවත් මේ වගක් නොදන්නවා කියා නමුත් ඔබේ නිවසේ මෙහෙකාරිය තමයි මේ සොරකමේ ප්‍රධාන සැකකාරිය ”
“ නමුත් තොම්සන් මහත්මා ඇය මෙහි කිසි දිනක පැමි‍ණෙන්නනේ නැහැනේ ”

“ ඔව් වරුණ මහත්මා ඇය මෙහි එන්නේ නැ නමුත් ඇය බැලුවා ඔබ නිවසට යන එන සේවකයෙකු ලවා මෙය කරවා ගන්නට නමුත් ඇයට මෙය ලේසී වුනේ නැ ඇය එහිදි උපක්‍රමයක් ලෙස නිවසට එන සේවකයන් ලවා මිතුරු වන්නට සිතුවා ඇය ඔවුන් සමග හිතවත් වන්නට යෙදු උපක්‍රම මත තමයි ඇය මේ සොරකම කරන්නට පෙලෙබුනේ එහිදී ඇය සමග වඩාත් මිතුරු වුනේ මෙහි ඉන්න පස් දෙනාගෙන් චන්ද්‍රෙස්න. ඔහු තමයි මේ සොරකමේ අනිත් සැකකරු ඇය මොහුට මේ සියල්ල කියා තමයි මේ සොරකම කරන්නට පටන් ගෙන තිබුනේ ඔබ කාර්යාලයේ හවස් වරුවේ තමයි මේ සොරකම සිදු කරන්නේ එයට හේතුව කාර්යාලයේ සවස 6 න් පසු මෙහි කවුරුවන් නෑ චන්ද්‍රසේන තමයි මේ සියල්ල කරන්නේ එහිදි ඔහු නිතරම නිවසට නොයන නිසා ඔහු කාර්යාලයේ ඔහු සිටින ස්ථානයේ තිබෙන දුරකතනයෙන් නොමැතිව කාර්යාලයේ දොර අසල තිබෙන දුරකතනයෙන් තමයි ඔබගේ නිවසට ඇමතුම් ගන්නේ ඒ ගන්නෙත් උදෑසන 10 - 12.30 අතර ඒ වෙලාවට නිවසේ සිටින්නේ මැය විතරයි ඒ වගේම තමයි අපි සවිකලා ඔබගේ කාර්යාලයේ දොර අසල කුඩා පටිගත කිරිමේ යන්ත්‍රයක් එහි මේ සියල්ලක්ම සටහන් වෙලා තියනවා. ”

“ ඔබනම් සැබැ දක්ෂයෙක් තොම්සන් මහත්මා මට විසඳාගන්න බැරි වුනු ගොඩක් වද දුන් ප්‍රශ්ණය අද ඔබ විසඳුවා මා කලින් සිතුවේ මෙය මාගේ පවුලේ කෙනෙකු කරනවා කියා නමුත් මම කිසිවිටකත් විශ්වාස නොකල දෙදෙනෙක් මේ සොරකම කරනවා කියා දැනගත්තාම මට හිතා ගන්නවත් බැරි වුනා ”

“ හරි හරි වරුණ මහත්මා දැන් ඔබට පුලුවන් මොවුන්ට එරෙහිව ක්‍රියාමාර්ගය ගන්න අපි දැන් යනවා මොකද අද වත් වේලාසන නිවසට යා යුතුයි ”

“ මම දැන්ම මොවුන්ට එරෙහිව පොලිසි යනවා තොම්සන් මහත්මා ඉන්න මම ඔබ දෙපලට ප්‍රවාහන පහසුකම් ලබා දෙන්නම් මට මේ කරපු උදව්වට ඔබතුමන්ලාට බොහොම තුති ” යැයි පැවසූ වරුණ මහත්මා තොම්සන් සහ සොම්සන් දෙපල කැඳවා ගෙන යන ලදි.


අවසානයි තවත් රහස් පරීක්ෂක කතාවක් සමගින් ඉදිරියේදි හමුවෙමු...