බදියුදීන් වනසන විල්පත්තු රක්ෂිතය

// // Leave a Comment


ශ්‍රිලංකාවේ වයඹ දිග මුහුදු තීරයේ පහත් බිම් වියලි කළාපයේ පිහිටා ඇති විල්පත්තු ජාතික වන උද්‍යානය ශ්‍රි ලංකාවේ පැරණිතම ජාතික වනොද්යානවලින් එකකි එහි ඇති සුන්දරත්මය එහි සංචාරය කල අයෙකු මනාව දන්නා අතර වනෝද්‍යානයක සිටිනා සතුන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් විවිධ සුන්දරත්ව දර්ශන තුලින් එහි යන එන සියලු දෙනාගේ සිත ගත සුවපත් කරන බව නොරහසකි. නමුත් කාලයාගේ ඇවැමෙන් අද වන විට විල්පත්තු ජාතික වන උද්‍යානයට අත්ව ඇති ඉරණම අවාසනාවන්ත තත්වයකි මන්ද ජාතික වනෝද්‍යානය විනාශ කර දමා එහි නිවාස සැදීමට කටයුතු කිරීම හේතුවෙන් මේ වන විට විල්පත්තුවට සිදුව ඇත්තේ මහත් ව්‍යවසනයකි. මෙහි ප්‍රධානම වගකිය යුත්තා වන්නේ රීෂාඩ් බදුයුදීන් නැමති ඇමතිවරයාය. ඔහු විසින් සිදුකරන මේ වන සංහාරය හේතුවෙන් එහි ජීවත්වන වන සතුන් විශාල ප්‍රමාණයකගේ ජීවිත විනාශ වීමේ දැඩි අවධානමක් මතුව ඇත. කෙසේ නමුත් මේ වනවිට විල්පත්තු ජාතික වන උද්‍යාන තුලින් ඇසෙන පරිසර අඳෝනවා හේතුවෙන් අද වන විට සමාජ ජාල අතර ප්‍රධාන මාතෘකාවක්ද වී ඇත. කෙසේ නමුත් එහි මේ වනවිට පදිංචි කර ඇති නිවාස සියල්ලක්ම මුස්ලිම් ජාතිකයන් වන අතර මෙය ජාති බේද පිලිබඳ ප්‍රශ්ණයක් නොව පරිසර පද්ධතිය පිලිබඳ ප්‍රශ්නයකි මන්ද සිංහල, දෙමල,මුස්ලිම් හෝ කවර ආගමක ජාතියක වුවද පිරිසක් විල්පත්තුව වැනි ජාතික වටිනාකමකින් යුත් වනොද්‍යානයක් විනාශ කර පදිංචි කරවීම නිවාස හැදිම අප කිසිවෙක් අනුමත නොකරනු ඇත.
 මෙකි විනාශය හමුවේ කිසිදු පාලකයෙක් මේ දෙස නොබලන්නේ ඇයිද යන්න මේ වන විට මේ වෙනුවෙන් හඬනගන බොහෝ දෙනාගේ ගැටළුවකි අනෙක් කරුණ නම් මෙය මේ වන විට දේශපාලණික වාසි තකා විපක්ෂය ( මහින්දවාදී පිරිස්) යහපාලනයට දමා ගසා අත සොදා ගැනීමේ නීච ක්‍රියාවක නියැලෙනු මේ වන විට දක්නට ඇත කෙසේ නමුත් මේ වන සංහාරය ආරම්භ වන්නේ අද ඊයේ නොව මහින්ද පාලන සමයේම බව ඒ පිරිස් වෙත පැවසීමට කැමැත්තෙමි. ඒ හේතුවෙන් මෙය දේශපාලනික වාසි තකා තම තමන්ගේ අපේක්ෂකයන් වෙනුවෙන් කඩේ යාමක් නොව මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ පක්ෂ ජාති ආගම් භේදයකින් තොරව සැමගේ ජාතික එකමුතුව බව අප කවුරුත් සිහි තබා ගත යුතුය.

 විල්පත්තුවේ ජීවත්වෙන සතා සිව්පාවාටද මේමොහොතේ අවශ්‍ය වන්නේ උක්ත සඳහන් කල පොදු කාරණාව වන විල්පත්තු රැක ගැනීමයි. අප අපගේ හදවත තුලිව මොහොතක් එබී බැලුවහොත් මේ වන සංහාරය හේතුවෙන් අපිට අපේ මතු පරපුරට පෙන්වීමට සිදුවන්නේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ සෑබැ භූමිය නොව අන්තර්ජාලය හෝ වෙනයම් මාධ්‍යකින් සොයා ගත් රූප රාමු පමණක් වීම කණගාටුවට කරුණකි. එනිසා අප විසින් සිදුකල යුත්තේ විල්පත්තු වන සංහාරයට විරුද්ධව අපගේ එකමුතුකම පෙන්වා මේ මහා ව්‍යවසනය හැකි ඉක්මනින් නතර කිරීමය.




කෙසේ නමුත් මේ පිළිබද රිෂාඩ් බදුයුදීන් නම් වු ඇමතිවරයා පසුගිය දිනක මාධ්‍ය මගින් පවසන ලද්දේ තමා විසින් විල්පත්තුව විනාශ කල බව පෙන්වුව හොත් හෝ තමා එහි ජනයා පදිංචි කල බව පෙන්වුවහොත් තමා තම ඇමතිදූරයෙන් ඉල්ලා අස්වන බවය නමුත් විල්පත්තුවේ පදිංචි මෙකි අනවසර පදිංචිකරුවන් පවසන්නේ තමාට ඉඩම් ලබාදුන්නේ අදාල ඇමතිවරයා වන බවය මේ පිලිබඳ සවිස්තර වාර්තාවක් අද දින ( මැයි 07) දින හිරැ ප්‍රධාන පුවත් ඔස්සේ පලවිය.  මේ අතර හොර රහසේම මෙකි අනවසර පදිංචිකරුවන් පදිංචි කරවා මේ ඇමතිවරයා බලාපොරොත්තු වන්නේ විල්පත්තුව ඉතිහාසයෙන් අතුගා දැමීමට නම් එය නැවතීමට අප කටයුතු කල යුතුය පහත දක්වා ඇත්තේ ගූගල් එර්ත් විසින් විල්පත්තු වන සංහාරය විදහා දැක්වෙන ඡයාරූපයකි




මෙසේ විල්පත්තු ජාතික වන උයන විනාශ කරන්නට ඉඩදී අප තවත් බලා හිඳින්නේ දැයි සිතීම පාඨක ඔබට භාර කරමි කෙසේ නමුත් මේ වන විට විල්පත්තු වන සංහාරයට විරුද්ධව Facebook පිටුවකුද ආරම්භ වී ඇති අතර මේ වන විට එහි පාඨක සංඛ්‍යාවද විශාල වශයෙන් ඉහල යව බව දැකගන්නට ලැබුනි ඒ තුලින් හෝ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනා විසින් සිතිය යුතු එක් පොදු කරුණ වන්නේ අපගේ ජාතික වන උයන මෙසේ අකාලයේ මියැදෙන්නට ඉඩදී බලා හිඳිමුද යන්නය. විදේශ විනිමයක් මෙරටට උපයා දෙමින් මෙරටේ ආධායමට එක් අංශයකින් හෝ දායක වන විල්පත්තු වන උයන රැක ගැනීම ඔබෙත් අපෙත් ජාතික යුතුකමති මෙරටේ ජාතික පක්ෂියා, ජාතික , ජාතික වෘක්ෂය ඇතුලු ජාතිකත්වට තුඩු දෙන මෙකී සම්පත් විනාශ කරමින් කරන්නා වූ මේ ආක්‍රමණයට හැකි පමණින් විරුද්ධ වී ඔබත් මමත් මේ ජාතික වන උයන රැක ගැනීමට පෙළඹෙමු.


ඉතින් එන්න එක් වන්න බදියුදීන් වනසන අපේ උරුමය රැක ගන්න මේ ඔබෙත් මගෙත් අපෙත් හෙට දවසේ අනාගතයේත් ඇති ප්‍රභලම අභියෝගයයි. අපේ ජාතික උරුමය වනසමින් ගෙන යන වන සංහාරය නවතා අහිංසක සතුන් රැක ගැනීමටත්, අපගේ රටේ සුන්දරත්වය රැක ගැනීමටත් කාලයයි මේ ඔබෙත් මගෙත් අපෙත් වටිනා කාලයයි එය මග හැරීමට ඉඩ නොදී අපි අපගේ වගකීම ඉටු කරමු