විල්පත්තු වන සංහාරය ගැන වැඩි යමක්...

// // Leave a Comment
පසුගිය සතියේ මෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ විල්පත්තු වන සංහාරය ගැන මීට පෙර ලිපියේ මා විසින් කරුණූ ඉදිරිපත් කරනු ලැබුවද නැවත වතාවක් ඒ සම්බන්දව ලිපියක් ලිවීමට මා හට සිතුනේ මෙම වන විනාශය තවමක් අවසන් වී නොමැති බවය මේ සමගම මෙම ලිපිය තුල මා විසින් එකී විල්පත්තු වාර්තා සහ ඡයාරූප පල ඉදිරිපත් කරන අතර ඒ සියලූම ඡයාරූප සහ වාර්තාවන් මාවෙත යොමු කල විල්පත්තු සුරකිමු මුහුණු පොත සඳහා මාගේ විශේෂ ස්තූතිය පුදකරමි.


විල්පත්තු වන විනාශය ආරම්භය

විල්පත්තු වන විනාශය සම්බන්දව සිදුවීම ආරම්භවන්නේ 2012 වර්ශයේ වුවද 2013 – 01- 15 දින එවකට කර්මාන්ත හා වානිජ කටයුතු පිලිබඳ ආමාත්‍ය රිෂාඩ් බදුයුදීන්, පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා  සහ පරිසර සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමග පැවති රැස්වීමකදී ගනු ලැබු තීරණයක් මත  අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තු පාලනය යටතේ ඇති ඉඩම් නිදහස් කර ගැනීම පිනිස එකී සාකච්ඡ්චා පවත්වා ඇති අතර එහිදී නැවත පදිංචි කිරීම් හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්ය සාදන බලකායේ අධ්‍යක්ෂකවරයා  විසින් 2012 – 11 22 වන දින ලිපියක් මගින් ඉල්ලා ඇති ඉඩම් පිළිබඳ කරනු මෙහිදී සාකච්ඡා කරන ලද බව දක්වා තිබේ.




එහිදී අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කරවීම සඳහා රජයේ කැළෑ ඉඩම් නිදහස් කරගැනීම පිනිස 2012 – 01 – 25 වන දින ලිපියක් මගින් මුහුදු බඩපත්තුව ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ ඉඩම් නොමැති මුස්ලිම් පවුල් 1455ක් නැවත පදිංචිකරවීම සඳහා එකී රජයේ කැළැ ඉඩම් අක්කර 850 ක් නිදහස් කරදෙන ලෙසය. එහිදී එකි ලිපියට පිලිතුරු මගින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා පැහැදිලි කර දෙනුයේ උතුර හා නැගෙනහිර පලාත්වල ඉඩම් බෙදාදීම අමාත්‍යමන්ඩලය විසින් තාවකාලිකව අත්හිටවනු ලැබු කාලසීමාවේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉඩම් බෙදා දීම ගැටළු සහගත බවත් ඒහේතුවෙන් රජයේ ඉඩම් බැහැර කිරීම සම්බන්දයෙන් මේ වනවිට (2012 වර්ශය) පනවා ඇති නීති හා රෙගුලාසි අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරණක් බවත් එකී ජනරාල්වරයා විසින් පැහැදිලි කර ඇත. වැඩිදුරටත් එකී පිලිතුරු ලිපිය මගින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් සඳහන් කරනුයේ උතුරු හා නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කරවීමේ කටයුතු මේ වන විට බොහෝ දුරට අවසන් වි  ඇති බැවින් එකී ඉඩම් බෙදා දෙනු ලබන්නේ කුමන පුද්ගලයන්ටද යන්නත් ඒ පිලිබඳ සවිස්තර වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබා දෙන ලෙසත් මුස්ලිම් පවුල් තොරා ගැනීමේදී 2008/04 චක්‍රලේඛයේ ඇති උපදෙස් අනුව කටයුතු කලේද යන්නත් තමා වෙත දන්වන ලෙසත්ය.

කෙසේ නමුත් මේ ක්‍රියාපිලිවෙල උල්ලංගනය කරමින් ප්‍රදේශීය ලේකම්වරයා කටයුතු කර ඇති ආකාරය  පැහැදිලිව දක්නට ලැබෙන අතර මේවන විට විල්පත්තු වන විනාශය නැවැත්වීම සඳහා විවිධ පරිසර සංවිධානද එක්වී ඇත.

පරිසර සංවිධාන විසින් විල්පත්තුවේ සිටවූ පැළ ගලවා දමයි

කෙසේ නමුත් පසු මේවනවිට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති විල්පත්තු වන විනාශය නතර කර දැමීම සඳහා ජනාධිපතිවරයා විසින් තහනම් නියෝගයක් පනවා තිබෙන අතර මේ සම්බන්දව උනන්දුවක් දක්වන පරිසර සංවිධාන විසින් පසුගිය 14 වැනිදා  විල්පත්තු
ජාතික සංඝ සම්මේලනයේ හිමිවරුන් සහ විවිධ පරිසර සංවිධාන විසින්
 පසුගියදා පැල රෝපණය කරන්නට සුදානම් වූ අයුරු
සංචාරයකින් පසු කල්ආරු වනයේ අලුතින්ම එලිකොට ඇති පෙදෙසේ විවිධ වර්ගයට අයත් පැල 20 සිටුවන ලැබූ අතර එහිදී එම ස්ථානයට පැමිණි ඒවතට මුසලි ප්‍රාදේශීය සභාපති එච්. එම්. යෙහියාබායි ඇතුලු මන්ත්‍රි පිරිසට ජාතික සංඝ සම්මේලනයේ හිමිනමක් සඳහන් කර ඇත්තේ යුතුකමක් ලෙස තමන් ඇතුලු පිරිස පැල සිටුවනු ලැබූ බවත් ඒවා රැකගෙන ඒවායේ සිසිලස ලබාගන්නා ලෙසත්ය. කෙසේ නමුත් අද වන විට එකි රෝපණය කරන ලද පැල ගලවා දමා ඇති බව 2015-05-20 දින ලංකාදීප පුවත්පතේ 15 වන පිටුවේ සඳහන් කරයි.
ලංකාදීප පුවත්පත
2015-05-20 වන දින අදාල පුවත පලකර තිබු අයුරු


අනාගත විල්පත්තුව



ශ්‍රි ලංකාවේ සුන්දර වනොද්‍යාන අතුරින් එකක් වන විල්පත්තු වන උයන පිලිබඳ මේ වන විට හඬනගන පරිසර සංවිධාන වෙත අපගේ විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය මන්ද මෙම විනාශය මුල් වරට සයිබර් අවකාශය තුලත් ඉන් පිටත් විවිධ මාධ්‍යක්‍රමයන් ඔස්යේ මහජනතාවට මුල්වරට අවැසි තොරතුරු ලබා දුන්නේ එකී පරිසර සංවිධාන හේතුවෙනි. මෙසේ කතා කරන විල්පත්තු වන සංහාරය නැවතීමට සහ එකි භූමියේ පදිංචි කරනු ලැබූ ජනතාව එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් තැනක පදිංචි කර විල්පත්තු වනයේ අහිමි ඉඩම් ප්‍රමාණය නැවත ස්භාවධර්මයට ලබාදිය හැකිය. මන්ද එසේ නොවුන හොත් එක් දවසකට එක් ගස බැගින් එක් මිනිසෙක් විනාශ කලහොත් නුදුරු අනාගතයේ විල්පත්තුව පිලිබඳ දැක ගැනීමට හැකිවන්නේත් එහි ජීවත්වූ සතා සිවුපාවන් දැකගැනීමට හැකි වන්නේත් අන්තර්ජාලය සහ විවිද මුද්‍රිත හෝ විද්‍යුත් මාද්‍ය තුලින් පමණි. ඒ හේතුවෙන්  අප විසින් මේ පිලිබඳ දැනුම්වත්වී අදාල බලදාරීන් දැනුවත් කිරීමට යම්දෙයක් කිරීම අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමකි.


පහත දැක්වෙනුයේ විල්පත්තු වන සංහාරය පිලිබඳ පැහැදිලි කිරීම සඳහා ගනුලැබූ ඡයාරූප කිහිපයකි. මේ සියලු ඡයාරූප සහ අදාල ලිපි ලේඛන මා වෙත ලබාදුන් විල්පත්තුව සුරකිමු මුහුණුපොතේ සමාජික සාමාජිකාවන් සියලු දෙනා හට මාගේ විශේෂ ස්තූතිය

විල්පත්තුව සුරකිමු මුහුනු පොත සඳහා මෙතැනින් 
පිවිසෙන්න :-  http://https//www.facebook.com/protectvilpattu