පාර්ලිමේන්තුවේ තවත් වේලුනු සහ කුණු වූ වට්ටක්කා සහ පළතුරු තිබේද එසේ නම් අපකල යුත්තේ කුමක්ද ?

// // Leave a Comment


පසුගිය දිනක පාර්ලිමේන්තුවේ ඇතිවූ තත්වය මත මෙකී සටහන ලිවීමට සිතුණු අතර මේ සඳහා ප්‍රධාන හේතූ සාධකය වන්නේ පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී වාසුදේව නානායක්කාර සහ රනිල් වික්‍රමසිංහ යන දෙදෙනා අතර ඇතිවූ වාද විවාදය පදනම් කරගෙනය


ශ්‍රිලංකා පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තොරා පත්කර ගන්නේ අප විසිනි ශ්‍රි ලංකාවේ පවත්වන්නාවූ  මැතිවරණ සියල්ලක් සඳහා මහජන නියෝජිතයන් තොරා පත්කර ගැනීමේදී මහජනයා වන අප විසින් කළයුත්තේ කුමක්ද යන්න සමහරු දැන සිටියද නොදැන සිටියද සිදුවිය යුතු ක්‍රියා පටිපාටිය සිදු වීමේ සම්භාවිතාව නම් ඉතාම අඩුය මන්ද අප විසින් මහජන නියෝජිතයන් තොරා පත් කර ගැනීමේදී ප්‍රාදේශයට,ගමට, රටට සිදුවිය යුතු සේවාවන් කල හැකි නිවැරදි පුද්ගලයන් තොරා පත්කර ගන්නේ ඉතාමත් අඩුවෙනි ඒ වෙනුවට මහජනයා විසින් කරනුයේ මුදල් ඇති, රුව ඇති පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස තොරා පත්කර ගැනීමය අපට වැරදුන තැන මෙතැනය.  මේ වැරුද්ද නිවැරදි කර ගන්නේ කෙසේද යන්න සොයා බැලීම අප කාගේත් යුතුකමක් වන්නේය මන්ද අප විසින් තොරා ගත යුත්තේ අපට වැඩ ඇති පුද්ගලයන් නොව රටට වැඩ ඇති පුද්ගලයන්ය. පසුගිය දිනක ප්‍රවීන ගී පද රචකයෙකු සහ ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙහෙය වනු ලැබූ සත්‍යාගාරය වැඩසටහනට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේද වර්ථමානයේ පාර්ලිමේන්තුවේ ගුණාත්මකබව පහළ වැටී ඇති බවය. මෙසේ පාර්ලිමේන්තුවේ ගුණාත්මකබව පහල වැටී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ මහජන නියෝජිතයන්ගේ ගුණාත්මක බවේ ප්‍රශ්නයක් මිස පාර්ලිමේන්තුවේ මේස, පුටු, බිත්ති වල ගුණාත්මක බව නොවන බව තේරුම් ගැනීම අපගේ යුතුකමකි.


වර්ථමාන පාර්ලිමේන්තුවේද කල් ඉකුත්වූ, කුණුවූ වට්ටක්කා සහ පළතුරු ගණනාවක් ඇත මේ සැම එළබෙන මහ මැතිවරණයෙන් ඉවත්කර මෙරට පාර්ලිමේන්තුව නව සුවඳ හමන පාර්ලිමේන්තුවක් කිරීමේ බලය ඇත්තේ අපටය. එසේ නැතහොත් නැවත කුණුවූ වට්ටක්කා සහ පළතුරු ගෙන ආවොත් ගඳ ගස්සන්නේ පාර්ලිමේන්තුව පමණක් නොව සමස්ථ රටමය. මේ කරුණු සිහිපත් කරමින් තම මහජන නියෝජිතයන් තොරා පත්කර ගැනීමේ ඡන්ද අයිතිය භාවිතා කිරීම ඔබ මෙන්ම අප සැමගේ යුතුකමකි. වර්ථමාන පාර්ලිමේන්තුවේ උපේක්ෂා ස්වර්ණමාලී, මාලනී ෆොන්සේකා, ජේ.ආර්.පී සුරියප්පෙරුම, විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, ජී.එල් පීරිස්, කොකිලා හර්ෂනී යන අය මෙසේ කුණුවූ වට්ටක්කාය මේ නම් සඳහන් කලේ සුලු පිරිසකගේ පමණකි මෙහිදී  උපේක්ෂා ස්වර්ණමාලී, මාලනී ෆොන්සේකා, ජේ.ආර්.පී සුරියප්පෙරුම, වැන්නවුන් මහජනයාට කල දෙයක් නොමැත අඩුම තරමේ මහජනයා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කථා කලේවත් නැත උපේක්ෂා යූ. එන්. පී කාරයන්ගේ ඡන්ද ගෙන පාක්ෂිකයාටත් කොකා පෙන්නා අනෙක් පසට පැන්නේ මහජනයාට තිබෙන්නා වූ උදව් කිරීමේ වුවමනාවට නම් කම් නැත එහෙත් තව වෙනතුරු වතුර ටැංකියක්වත් මහජනයා වෙනුවෙන්  දුන්නේද නැත.

 එසේම පාර්ලිමේන්තුව තුලට ආගමික නායකයන් ගෙන්වීමද නතර කල යුතුය. මෙහිදී ආගමික නායකයන් ගෙන්වීම යනුවෙන් අදහස් කරනුයේ මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුවට පැමිණිමයි. මෙරටේ ක්‍රිස්තියානී, මුස්ලිම් සහ හින්දු ආගමික නායකයන් කිසිවෙක් දෙශපාලනයට පැමිණ මහජන නියෝජිතයෙකු වශයෙන් පත්ව නොමැති නමුත් බෞද්ධ භික්ෂුන් නම් පාර්ලිමේන්තුවට පැමින ඇත ඒ ධර්ම රාජ්‍යක් ඇති කිරීම වෙනුවෙනි එහෙත් අද වන තුරු ඇතිවූ ධර්ම රාජ්‍යක් නම් නැත. ඒසේ ධර්ම රාජ්‍යක් ඇති වූයේ නම් යාපනයේ පාසල් සිසුවියක් දූෂණය කර මරා දමන්නේද  නැත, පුත්තලමේ පළමු වසරේ ඉගෙනුම ලබන කුඩා දැරියක් පැහැර ගන්නේද නැත, මහ දවල් රන් බඩු සොරකම් කරන්නේද නැත, මිනිස් ඝාතන සිදු වන්නේද නැත. එහෙත් අද නිර්මාණය වී ඇත්තේ අධර්මිෂථ රාජ්‍යකි එකී රාජ්‍යක මෙකී අකටයුතුකම් සිදුවනුය. මේ සිදුවීම් තුල වක්‍රකාරව දේශපාලනීක පරිසරය වගකිය යුතු බව තර්ක කල හැක මෙරටේ නියම මහජන නියෝජිතයන් වේ නම් මෙකී සිදුවීම් වලට ඉඩක් නොමැත. අප ආපසු අතීතයට අපගේ මනස යොමු කළ හොත් එදවස තිබූ සාමාජීය පරිසරයක් අද නොමැත අද ඇත්තේ අපිරිසිදු සාමාජීය පරිසරයකි මෙකී පරිසරය තුල පිරිසිදු දරුවෙක් හදා ගැනීම නම් අතීෂ්‍ය දුෂ්කර කටයුත්තකි. ලංකාවට වර්ථමානයේ සිදුව ඇත්තේ ලංකාවේ නීති රාමුවෙහි ඇති සිදුරු විශාල වීමට නීති විශාරදයෝද එය පිළිගන්නා කරුණකි.


මහජන නියෝජිතයාගේ සිට පහල නියෝජිතයා දක්වා සිදුකරන සොරකම් මැරකම් වලට දඬුවම් දෙන්නට පාලනාදීකරයට කොන්ද පන නැත මහින්දට වැරදුනු තැනද මෙයය. හිටපු ජනපති මහින්ද පසුගිය දිනක කියා සිටියේ ඇමතිවරු කරන ලද හොරකම් බලුකම් වලට දඬුවම් නොදී ඔවුන් ආරක්ෂා කිරීම නිසා ඔහුට වැරදුන බවය. එසේ නම් ඔහු තේරුම් ගත යුත්තේ දැන් ඔහු පසු පස එන එකී හොරුන්ව නැවතත් ආරක්ෂා කරනවාද යන්නය මහින්දගේ මෙම ප්‍රකාශය වර්ථමාන ජනපති මෛත්‍රීට ද පොදුය. හොරකම් බලුකම් දැන නිහඬ පිලිවෙතක් අනුගමනය කළ හොත් මෛත්‍රීටද වන්නේ මහින්දට උන දේමය. ජනවාරී 08 වැනි දින මෙරට නායකත්වය වෙනස් කොට මෛත්‍රී නායකත්වයට ගෙන ආවාක් මෙන් එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී රටට, ගමට, ප්‍රදේශටය සමාජයට වැදගත් පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට කාළය පැමිණ ඇති බව අප මතක තබා ගත යුතුය. අපට හිමි එකී ඡන්ද බලය භාවිතා කොට වැඩක් ඇති වැඩක් ගත හැකි  උගත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවිය යුතුය. එසේ වුව හොත් මෙරට සුරපුරයක් කිරීමට ගත වන්නේ ඉතා අඩු කාලයක් බවද සිහිපත් කර ගතයුතුය.