හොල්මන් ගුහාව

// // Leave a Comment


දිගු විවේකය ගතකරනු වස් තොම්සන් සහ සොම්සන් තම පාසල් මිතුරෙකු වන රත්නපුර පිහිටි පියල්ගේ
නිවසට යාමට තීරණය කල රහස් පරීක්ෂක දෙපල තමන්ගේ මිතුරා අමතා පිටත්වූයේ තම නිවාඩු කාලය ඉතාමත් ප්‍රීතියෙන් යුතුව ගත කිරීමට දෙදෙනාටම ඇති උනන්දුව උදෙසාය. ඒ සඳහා පිටකොටුවට පැමිණ රත්නපුර බලා දිවෙන බසයක නැග තම ගමන් ආරම්භය සනිටුහන් කල මොවුන් දෙදෙනා පැය කිහිපයකට පසු රත්නපුර පිහිටි තම මිතුරාගේ නිවසට සේන්දු විය. මේ අතරම මෙම පැමිණීම සම්බන්දව බොහෝ සෙයින් සතුටට පත්ව සිටියේ රහස් පරීක්ෂකවරු දෙදෙනාගේ මිතුරා වූ පියල්ය එයට ප්‍රධාන හේතු දෙකක් ඔහු සතුවිය එනම් තම මිතුරන් දෙදෙනා නැවත හමුවන්නේ අවුරුද්දකට ආසන්න කාලයකට පසුව මෙන්නම රත්නපුර ප්‍රදේශය තුල ඇති ගැටලුවක් විසදීමට මේතුලින් හැකියාව ලැබීමත් යන හේතු නිසාය. තොම්සන් දෙපල සාදරයෙන් පිලිගත් ඔහු ආගිය තොරතුරු හුවමාරු කරගනු ලැබුවේ මෙය තිදෙනාටම මහත් ප්‍රීතිමත් අවස්තාවක් වූ හෙයිනි.


“ කොහොමද මචං අලුත් තොරතුරු අපි ගොඩ දවසකින් රත්නපුරයට ආවේ දැන් හරි දියුණුයි නේ මේ පැත්ත”


" නැතුව නැතුව ආස්චර්යයි යහපාලනයයි එකතුවුනාම හොරු නැති වෙනවා රට සංවර්ධනය වෙනවා එකේ ප්‍රතිපලේ තමයි රත්නපුරේ "


" රෙද්ද තමයි " සොම්සන් මිමුණුවේය.


" ඒක නෙමේ මචංලා උඹලා ආපු එකේ මට ලොකු වැදගත් වැඩක් තියනවා කරගන්න ඒක මට විතරක් නෙමේ අපේ මුළු ප්‍රදේශයටම වැදගත් වෙන වැඩක් "  ඒ පියල්ගේ හඬය.


" ඒ මොකක්ද බං ඒ "  සොම්සන් මහත් කුතුහලයෙන් යුතුව පියල්ගෙන් විමසුවේ ප්‍රදේශයට වැදගත් වන්නා වූ වැදගත් වැඩේ කුමක්ද යන්න දැන ගැනීමේ අටියෙනි.


" මේකයි මචං අපේ පැත්තේ තියනවා පොඩි පතලක් ඒකේ කලිං මැණික් ගැරුවා දැන් ඒ පතල ඒ අය අත ඇරලා ගිහින් තියන්නෙ හේතුව එකේ හොල්මන් ඉන්නවා කියලා ගොඩ දෙනෙකේ දැකලා තියනවා ඒ වගේම ඒ පතල අවට ප්‍රදේශය ගොඩක් පාලුවට ගිහින් තියන්නේ මේ හොල්මන් කතාන්දරය නිසා දැන් ඒක කැලෑවක් වෙලා " පියල් කථාවේ මූලාරම්භය තොම්සන් වෙත ගෙනහැර පෑවේය. "

" බං අපි දැන් මෙහෙට ආවේ උබේ හොල්මන් හොයන්නද නැත්නම් අපේ නිවාඩුව ගතකරන්නද කියපන් " යැයි තොම්සන් පියල්ගෙන් පෙරලා ප්‍රශ්න කලේය


" එහෙම කියන්න එපා බං මේක අපි හැමෝටම මේකේ ජීවත්වීමේ ප්‍රශ්නයක් වෙලා තියන්නේ දැන් ඒ අවට ගොඩදෙනෙක් තමන්ගේගෙවල් අත ඇරලා ගිහින් ඒ ගෙවල් දැන් පාලුවට ගිහින් තියන්නේ අපි මේකට මොකක් හරි කරන්න ඕන "


" ඉතින් බං දැන් ඔය කියන හොල්මන් කවුද දැක්කේ දැකපු කෙනෙක් ඉන්නවද අනික බං හොල්මං කියලා දෙයක් නෑ ඹ්වා මිනිස්සුන්ගේ මනස්ගාත මිනිසුන්ගේ හිතේ ඇඳෙන රූප විතරයි "යැයි සොම්සන් පවසා සිටි අතර



" ඒක මාත් දන්නවා ඒ මාත් හොල්මං විශ්වාස කරන්නේ නෑ කියලා උඹ දන්නවනේ ඒත් මේ හොල්මන් ඉන්නවා කියලා එක්කෙනෙක් දෙන්නෙක් කියුවනම් කමක් නෑ ගොඩ දෙනෙක් කියනවා අනික දැකපු අයත් ගොඩක් ඉන්නවා මේ ප්‍රශ්නේ තනියෙන් විසඳන්න බැරි නිසා තමයි මම උඹලා දෙන්නටත් මේකට මැදිහත් වෙන්න කියුවේ උඹලා ප්‍රසිද්ධ රහස් පරීක්ෂකවරු දෙන්නෙක් ඉතිං උඹලට මේක විසඳන එක මහලොක දෙයක් නෙමෙයිනේ "


" හම්ම්..... උඹ කියනවානම් අපි මේ ගැන බලන්නම් මොකක්ද මේ හොල්මන් ගුහාවේ හොල්මන් කරන්නේ කියලා දැන් උඹ අපිවත් හොල්මන් කරා මේක කියවලා අඩුම තරමේ ප්ලේන් ටී එකක් වත තවම ආවේනෑ බොන්න දැන් ඇවිත් පැයක් වුනා කන්න බිස්කට්ටුවක්වත් නෑ දන්නවා නම් එනකොට අරගෙන එනවා "  යැයි සොම්සන් පැවසුවේ තරමක් විඩාගතියෙන් යුක්තවය.


" පුහ්... ප්ලේන් ටී මොකටද බං මම උඹලා දෙන්නා එනවා කියුවාම හොඳ විස්කි බෝතල් 2ක් ලෑස්ති කලා ප්ලේන් ටී වගේද බං විස්කී "

" විස්කී..... " තොම්සන් නිධානයක් පහලවූවාක් මෙන් දෑස් විශාක කොට බැලූවේ විස්කියක් බිවු කාලයක් මතක නැති හෙයිනි


" ඔව්...ඔව්.... විස්කී තමයි රෑටම බොමු දැන් උඹලට බොන්න කූල් බීම වීදුරු දෙකක් දෙන්නම් අපි රෑටම සෙට් වෙමු " යැයි කී පියල් පුටුවෙන් නැගිට මුළුතැන්ගෙය දෙසට පියනැග්ගේය.

ඉදිරි දිනකදී යලිත් හමුවෙමු...

කියවලා තිසරගේ අඩවිය මුහුණු පොතටත් සහයෝගයක් දෙන්න හැමෝටම ස්තූතියි.....