හොල්මන් ගුහාව ( දෙවන කොටස)

// // Leave a Comment
රහස් පරීක්ෂකවරු දෙදෙනා තම මිතුරාගේ නිවසට පැමැණි බවත් එහිදි මිතුරා විසින් ප්‍රදේශයේ පවතිව හොල්මන් පතලක් ගැන මිතුරන් දෙදෙනා දැනුවත් කල බවත් පෙර කථාවේ සඳහන් කල අතර එම කථාවේ ඉතිරි කොටස මේ සමග පලවේ. පෙර කොටස බැලීම සඳහා මෙතැන Click කරන්න

පෙර දින රාතියේ මදුවිතයෙන් සප්පායම් වූ රහස් පරීක්ෂකවරු දෙදෙනා දිනයේ අවදිවන විට බොහෝ සෙයින් දවල් වී තිබුනි මේ අතර තම මිතුන් දෙදෙනා අවදිවන තුරු පියල් උදෑසන ආහාරයද සූදානම් කොට මැණික් පතලේ සිදුවන්නාවූ අභිරහස් කටයුත්ත පිලිඹඳ තොරතුරුද රැස් කරගෙන තිබුනේ එම තොරතුරු පැවසීමෙන් මිතුරන් දෙදෙනාට මේ පිලිබඳ යම් හෝ අවබෝදයක් ලබා දිමේ අරමුණිනි මේ අතර අවදි වූ රහස් පරීක්ෂකවරු දෙපළ උදෑසන ආහාරය ගැනීමට සුදානම් වන අතර පියල් විසින් තමා දිනයේ රැස් කරගත්තා වූ තොරතුරු ගෙන හැර පෑවේය.

" දැන් පියල්  ඔය  හොල්මන් දැකපු පුද්ගලවයන් අපිට මුණගස්වන්න පුලුවන්ද "

" සත්තකින්ම ඔව් තොම්සන් මම ඔවුන්ව කියුවා කලා මේ අභිරහස විසඳන්න මා මිත්‍රයන් දෙදෙනෙක් පැමින සිටිනවා කියලා ඒ වගේම තමයි මේ ගැන කාටවත් කියන්න එපා කියලත් මම කියුවා එහෙම වුනොත් මේ ගැටළුව විසඳන්න අපිට අමාරු වෙනවා "

" ඉතාමත් හොඳයි එහෙම කියපු එක මොකද ඒක ගම පුරා කටින් කට යන්න පුලුවන් රහස්පරීක්ෂකවරු දෙදෙනෙක් ඇවිත් මේක විසඳන්න කියලා එහෙම වුනොත් ඒක අපිට ලොකු බාදාවක් ඔබ ඒ කියපු ඒකට මම බෙහෙවින් ම කැමතියි. දැන් මොනවාද ඔවුන් දැක්කයි කියන්නේ "

" මිනිසුන් දැකලා තියනවාලු පතලේ අවට සුදු පැහැති අද්භූත මිනිසෙක් මුහුණ විකෘති වුන ඉතින් මිනිසුන් බයවුන තරමට ඒ කවුද කියලා වත් බලලා නෑ ඒ වගේම මිනිස් ඇට සැකිළිවලට සමාන ඇටසැකිළි පසුදා උදෑසන තැනින් තැන තිබෙනවා පිරිසක් දැකලා තිබෙනවා "

" වෙන මොනවාද ? "

" තව අවට මිනිස්සුන්ගේ ගෙවල් වලට ගල් ගහනවාලු හරියටම රෑ 12 වෙද්දි ඒකත් වෙන්නේ විනාඩි 2 ක් ඇතුලතලු ඊට පස්සේ ගල් වදින්නේ නෑ කියනවා ඒ වගේම මිනිස්සු පන්දම් අරන් එලියට බැහැලා හොයන කොට ඒක පාරටම අර අත්භූත රූපය මතුවෙලා ආයේ නැති වෙනවා කියලා මිනිස්සු කියනවා මේ සිද්ධියත් එක්ක ගමේ මිනිස්සු ගොඩක් බය වෙලා තියන්නේ "

" හම්ම්.... මේ පාර නම් අපිට ඉතාමත් අමාරු ප්‍රශ්නයක් තමයි විසඳන්න වෙන්නේ තොම්සන්
ඒකනම් ඇත්ත සොම්සන් මටත් ඒකම හිතෙනවා පියල් අපිට දැන් ඒ පතල බලන්න යන්න පුලුවන්ද ? "

" දැන් ? "

" ඔව් ඇයි යන්න බැරිද ? "

" යන්න නම් පුළුවන් ඒත් ?"

" ඇයි ඒත් ? "

" නෑ අපි යන්න ඔනේ කාටවත් මේ ගැන සැක නොහිතන විදිහට මොකද එහෙම වුනොත් අපිට විශාල ප්‍රශ්ණ ගොඩකට මුහුණ දෙන්න වෙනවා "

" ඔව් පියල් ඒකට උත්තරය තියන්නෙත් ඔයා අතේම තමයි ඔයාගෙන් අහන හැම කෙනෙක්ටම කියන්න අපි පාසල් යාලුවෝ වටේ පිටේ ටිකක් ඇවිදින්න ඒකක් ආවා කියලා එතකොට කවුරුත් සැකහිතන්නේ නෑ අපි ගැන "

" ඔව් අපි එහෙම කරමු එහෙනම් අපි යමු දැන්ම රෑ වෙන්න කලින් අපිට අදාල තැන බලාගන්න පුලුවන් "
එසේ පැවසූ පියල් තම මිතුරන් දෙදෙනා ද කැටුව අභිරහස් පතල තිබෙනා ප්‍රදේශ වෙත ගමන් කරනු ලැබුවේ මේ පිලිබඳ කිසියම් වූ තොරතුරක් සොයා ගැනීමේ අටියෙනි

අදාල පතල වෙත පැමිනි මිතුරන් තිදෙනා අවට වඩාත් සොදිසි කරනු ලැබූ අතර ඒ අතරම පුද්ගලයෙක් පැමිණ සිටිනු දැක පියල් ඔහු හඳුනා ගත්තේය

" තොම්සන් මේ අපේ ගමේම කෙනෙක් මෙයා නන්දසිරි ඉන්නේ මේ කන්දෙන් උඩහා "

" ඒහෙමයි කවුද මේ මහත්වරු දෙදෙනා මීට කලින් නම් දැකලා නෑ මේ පැත්තේ ඇවිත් ඉන්නවා "

" ඔව් නන්දසිරි මේ මගේ පාසල් මිතුරන් දෙදෙනෙක් නිවාඩුවක් ගත කරන්න හිතාගෙන අපේ ගෙදරට ආවා ඉතින් ගෙදරටම කොටු වෙලා ඉන්නේ නැතිව දෙන්නව එක්කන් මම ආවා ටිකක් ඇවිදින්න "

" මහත්මයලා කොහෙද "

" අපි කොළඹ "

" ආහ් කොළඹ ඉඳලාද මේ ඇවිත් ඉන්නේ අපි ඉතින් එහේ වැඩිපුර යැවෙන්නේ නෑ දැන් මාස 8 කට උඩදි ගියා එතකොට මේ මහත්මයලා කොහෙද වැඩ කරන්නේ "

" ආ.. මේ අපි දෙන්නම එකම තැනක වැඩ කරන්නේ වාහන ගෙන්නන සමාගමක ඉන්නේ නිවාඩුවකට මේ පැත්තේ ආවා "

" හොඳයි මහත්වරුනි නමුත් ඒක දෙයක් කියන්න තියනවා "

" මොකක්ද ? "

" ඔයාලා ඉන්න මේ තැන හරී අත්භූත දේවල් වෙනවා ගම්මු කියන්නේ හොල්මන් ඉන්නවා කියලා මේ වටේ ගෙවල්වල  කවුරුත් දැන් නෑ මහතවරුත් පරිස්ම් වුනොත් හොඳයි "

" හොල්මන්..... අපි කලින් ඒ ගැන දන්නේ නෑ නේ "

" කමක් නෑ මහත්මයා පරිස්සම් වෙන්න වැඩිය කලුවර වෙනකන් ඉන්න එපා මම යනවා " යැයි කියු නන්දසිරි පිටත් වීමට සූදානම් විය'

" දැනුවත් කලාට ස්තූතියි ඔබට අපි මේ වගක් දන්නේ නෑ දන්නවා නම් එන්නෙත් නෑ " කියු සොම්සන් අසල පතල දෙස බැලුවේය.

ඉදිරි දිනකදී යලිත් හමුවෙමු...

කියවලා තිසරගේ අඩවිය මුහුණු පොතටත් සහයෝගයක් දෙන්න හැමෝටම ස්තූතියි.....