හොල්මන් ගුහාව (සිව්වන කොටස)

// // Leave a Comment
සොම්සන් සස තොම්සන් රත්නපුර පිහිටි තම මිතුරෙකු වූ පියල්ගේ නිවසට ගිය අතර එහිදි
අභිරහස් පතළක සිදුවන අභිරහස් සිදුවීම් කිහිපයක තොරතුරු වාර්තා වීමත් ඔවුන් පතල නිරීක්ෂනය කිරීමෙන් පසු ඒ අවට තිබු මිනිස් සිරුරක ඇටසැකිලි කොටසක් හමුවූ බවත් පෙර කතාවන් හී සඳහන් කල අතර එහි පෙර කොටස බැලීම සඳහා මෙතැන Clickකරන්න

මිනිස් සිරුරක ඇටසැකිලි කොටසක් හමුවූ පසු තොම්සන් විසින් ඒ පිලිබඳ අනෙකුත් මිතුරන් දෙදෙනා දැනුවත් කල අතර තොම්සන් ඉදිරියට කුමක් කල යුතුද යන්න හෙළි කලේය.

" අපිට මෙතැනදි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා මොකද මේ ඇටසැකිලි කැබැල්ලත් එක්ක මෙතැන  මිනිස් ඝාතකාගාරයක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරි වෙන දෙයක්ද කියලා අපිටහොයන්න වෙනවා මේ දවස්වල රත්නපුර පැත්තේ වෙන මිනිස් ඝාතනත් එකක් මේ පතලත් එකට සම්බන්දද කියලා අපිට හොයන්න වෙනවා "

හ්ම්.... තොම්සන් අපි මොකද දැන් කරන්නේ අපි මොකක්ද මේ අභිරහස විසඳන්න කරන අපේ වැඩපිලිවෙල පියල් හඬ අවදිකරමින් පැවසුවේ තරමක් බියගැන්වූ මුහුණකිනි.
මට හිතෙනවා තොම්සන් අපි මේකට ඉක්මන් වෙන්නේ නැතිව පතල අවට ඉන්න මිනිස්සුත් එක්ක ටිකක් කතා කරන්න අපිට ඒ හරහා යම් දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා "

" ඔව් සොම්සන් අපි අනිවාර්යයෙන් ඒක කරන්න ඕනේ අපිට මේ තියන සාධක මතම නිගමනයකට එන්න අමාරුයි අපි අවට මිනිස්සුත් එක්ක හිතවක් වෙන්න වෙනවා හැබැයි ඒ කිසිම අවස්ථාවකදීවත් අපි මේ අභිරහස විසඳන්න හදනවා කියන එක ඒ මිනිස්සුන්ට තේරෙන්න නරකයි අපි කොළඹ නිවාඩුවක් ගතකරන්න මෙහෙට ආවා නිදහස් හින්දා ටිකක් ඇවිදින්න ආවා කියන කාරනය අපි එක්ක කතා කරන හැම කෙනෙක්ටම ඒත්තු ගන්වන්න ඔනේ නැත්නම් අපිට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා "

" අපි මොකක්ද ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මේකට ? "

" ඔව් පියල් ඊට කලින් ඔබ බයවෙලා ඉන්න පාටක් පේනවා අපිට ඔබේ බය සාධාරණයි මොකද ඔබ මෙ පලාතේ ජීවත්වෙන කෙනෙක් නිසා හැබැයි අපි එක්ක ඉන්නකන් ඔයාට බයවෙන්න දෙයක් නෑ අපි මේ අභිරහස විසඳලාම තමයි ආයේ යන්නේ අපි කරන්න ඔනේ මෙච්චරයි අපි හෙට උදේම යමු ඒ පතල අවට තියන ගෙවල් වලට පාරෙදි අපිට හම්බෙන හැම කෙනෙක්ගෙන්ම අපි හිතවත් වෙලා හිමින් සීරුවේ අපිට වැදගත් වන තොරතුරක් ගන්න පුලුවන්ද කියලා බලමු ඒ එක්කම අපි පතල අවට හෙටත් නිරීක්ෂණය කරමු මම හිතනවා අපිට හෙටත් මොකක් හරි වැදගත් දෙයක් දැනගන්න දැකගන්න ලැබෙයි කියලා ඒ වාගේම හෙටින් පස්සේ තමයි අපි මේකට පූර්ණව මැදිහත්වෙලා වැඩකරන්න ඔනේ "

" මෙකක්ද අපි පූර්නව මැදිහත්වෙනවා කියුවේ පියල්ගේ හඬ අවදි කලේය. "

" මෙහෙමයි අපි හෙට තුන්දෙනාම එකට ගිහින් පතල අවටදි බෙදිලා තනිතනියෙක් යන්න ඔනේ අපි හැම කෙනෙක්ම පැය දෙකක් තනි තනිව ඇවිදිමු අපිට පතල පැත්තට යනකොට තියන ලොකු අඹ ගහ ගාවදී අයෙත් මුනගැහෙමු. "

" හම්ම්.. හොඳයි එහෙනම් අපි දැන් කාලා නාලා ඉමු රෑ වුනත් එක්කනේ වේලාසන නිදාගෙන හෙට උදේම ඇහැරෙමු " සොම්සන් දිගු හුස්මක් ගෙන ජනෙල් කවුලුව දෙස නෙත් යොමුකරමින් පැවසීය


" ඔව් එහෙනම් අපි දැන් යමු වේලාසනම නිදාගත්තාම වේලාසනම අපිට හෙට අපේ වැඩ ආරම්භ කරන්න පුළුවන් " කියු තොම්සන් ඇටසැකිලි කැබැල්ල පරිස්සමින් රෙදිකඩක ඔතා කාමරයට රැගෙන ගියේය......

ඉදිරි දිනකදී යලිත් හමුවෙමු...

කියවලා තිසරගේ අඩවිය මුහුණු පොතටත් සහයෝගයක් දෙන්න හැමෝටම ස්තූතියි.....