පාදඩ දේශපාකලයෙක් වෙනුවට ගුණවත් දේශපාලකයෙක් මේ ඡන්දෙන් වත් බිහිකරමු...

// // Leave a Comment

ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව අද (24දා) මධ්‍යම රාත්‍රියේ සිට විසුරවන බව බොහෝ මාද්‍ය මගින් හෙළිදරව් කර තිබුනි. කෙසේ හෝ පාර්ලිමේන්තුව විසුරවන ලද හොත් බලය ඇත්තේ අපටය මහජනතාවටය තමන්ගේ ඡන්දය ගෙන පාර්ලිමේන්තුවට ගොස් ජනතාවට කොකා පෙන්වූ සහ ජනතාවට තග දැමූ දේශපාලකයන් අතුගා දැමීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට දැන් මේ කාලය උදා වනු ඇත. කෙසේ නමුත් මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කර

න්නාවූ දේශපාලකයන් රැසක් අතුගා දැමීමට මහජනයා වන අප විසින් කටයුතු කල යුතුය නැතහොත් මෙවැනි අමනයන් නැවතත් පාර්ලිමේන්තුවට ගොස් ජනතාවට කොකා පෙන්වීම කරන දිනයද වැඩි ඈතක නොවන බවද සිහිපත්කර ගත යුතුය.
දේශපාලකයා යනු දේශය පාලනය කරන්නා වූද අද දේශපාලකයාට දේශය තබා තමාවත් පාලනය කරගත නොහැකි කොට්ඨාශයක් බවට පත්වී හමාරය මේ හේතුවෙන් අසරනව ඇත්තේ සැබැ වුවමනාවෙන් මහජනයා වෙනුවෙන් පාර්ලිමේන්තු පැමින ඇති මන්ත්‍රිවරුන්ටය. මන්ද යත් ඔවුන් සැබැ මහජන සේවාවක් කිරීමට පැමිණෙන කල්හී අනෙකා විසින් කකුලෙන් ඇද දැමීම හේතුවෙනි. මෙසේ කකුලෙන් ඇද දැමීම පසුගිය කාල වකවානු වල ඉතා හොඳින් පෙනෙන්නට වූ අතර මැතම ප්‍රභල සිදුවීම ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිකල මහින්දෝදය පාසල් විද්‍යාගාරවල මහින්දෝදය නම ඉවත් කිරීම ප්‍රභල වේ මෙහිදි මහින්ද රාජපක්ෂ නියම දේශපාලකයෙක් යැයි කිසිදිනක නොකියන අතර ඔහුගේ පාලන කාලය තුල මෙය මීට වඩා වැඩි වශයෙන් පැවතුනි. කෙසේ නමුත් මේ හොඳම කාලය ආරම්භ වී ඇති බව අප විසින් මනාව අවබෝධ කර ගත යුතුය.
වර්තමාන පාර්ලිමේන්තුවේ ගෙදර යැවිය යුතු පිරිසෙන් කොටසක් මෙසේ හෙලි කරමි එනම් විමල් වීරවංශ, වාසුදේව නානයක්කාර, උපේක්ෂා ස්වර්ණමාලී, මාලනී ෆොන්සේකා, ජේ.ආර්.පී සූරියප්පෙරුම, ජෝන් අමරතුංග,  යන අයට මෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහෝසි කල යුතුය. විමල් වීරවංශ පසුගිය ආන්ඩු සමයේදී මෙරට මහජනතාවට කල දෙයක් නැත කල එකම දේ නම් ප්‍රේමදාස ජනපතිවරයා විසින් ඉදි කරන ලද කොළඹ මහල් නිවාස විමල් වීරවංශ විසින් තීන්ත ආලේප කිරීම පමණක් සිදු කර ප්‍රේමදාසගේගේ සමරු ඵලක ගලවා විමල්ගේ ජනසෙවන සවිකර ගත් එකය අනෙක් කරුණ නම් විමල් හිටියේ මාවරමංඩියේය වැලේ වැල් නැතිව හිටපු විමල් අද යන්නේ ප්‍රභූ පැලැන්තියේ වාහනය මැතිවරණයට වියදම් කරන්නේ ලක්ෂ ගණනින්ය ඔහුට එසේ වියදම් කිරීමට මුදල් කෙසේ ගැබෙන්නේද යන්න ඔහු විසින් රටට හෙළි කල යුතුය, එ.ජා.ජ ඡන්ද මගින් පාර්ලිමේන්තුවට පැමින ඡන්දය දුන් ජනතාවට බබා පෙන්නා පබා වද මෙවර එලවා දැමිය යුතුය ගම්පහට කල එකම දේ ජනතාව ගොනාට අන්දා ටෙලියක රගපා ජනතාවටද කොකා පෑමය. වාසුදේව නානයක්කාර සහ ජෝන් අමරතුංග දැන් වයසක අංකල්ලාය. වාසුදේවට දැන් යන්නේ කොහේද මල්ලේ පොල්ය පාර්ලිමේන්තුව තමන්ගේ ගෙදර කරගෙනය කුණුහරුප කියා එදින පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණි පාසල් ලමුන් මෙන්ම ගුරුවරුන්ද අපහසුතාවට පත් කල පිස්සෙක්ය.

මෙවර මැතිවරණයෙන් පසුව අප විසින් ගෙන ආ යුත්තේ නවක තරුණ පිරිස්ය. කොටින්ම කියනවානම් කෙල්ලො කොල්ලෝය අනාගතේ අපේ අතේ කියුවාට තරුණ පිරිසට අනාගතයක් ඇත්තේ තරුණයන් ඉදිරියට ඒම තුලින්ය. කෙසේ නමුත් ඡන්ද බලය ඇත්තේ අපටය වඩු කුරුළු රංචුව එක්ව දැල ඔසවා තම මරණය ගලවා ගත් බව අප කුඩා කල අසා ඇත්තෙමු. මේ ඒ හා සමාන කාලයකි මහජනතාව වන අප එක්ව පක්ෂ පාට කෙසේ නමුත් වැදගත් අධ්‍යාපනයක් සහිත වැඩක් කල හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවුවහොත් අපද ගැලවෙන්නේ අදම පාදඩ සමාජ ක්‍රමයක් උදාකරන්නට වෙර දරන දේශපාලකයන්ගෙන් පමණක් නොව සමාජයට පිළිලයක් වූ සෑම කෙනෙක්ගෙන් බව අප තේරුම් ගතයුතුය.