හොල්මන් ගුහාව (තෙවන කොටස)

// // Leave a Comment
පතල නරඹන්නට ගිය මිතුරන් තිදෙදෙනා ගැන පසුගිය ලිපියේ සඳහන් කල අයුරුත් එහිදි පුද්ගලයෙකු පැමිණ පතල අවට විස්තරයක් දුන බවත් පසුගිය කොටසේ සඳහන් කල අතර එම කොටස නැවත බැලීම සඳහා මෙතැන Click කරන්න

මේ අතර නිවසට පැමිණි පියල් සහ මිතුරන් තිදෙනා මේ පිළිබඳ කථා කරන්නට විය

" පියල් මේ සීන් එක ගොඩක් බරපතල එකක් අපිට එකවරටම නිගමනයකට එන්න අමාරුයි නමුත් අපි තුන්දෙනාම දන්න පොදු දෙයක් තියනවා ඒ තමයි හොල්මන් නෑ කියන එක නමුත් දැන් අපි ගිය තැන ඇටසැකිලි කැබැල්ලක් තියලා මම අරන් ආවා මේ තියන්නේ ඒක " යැයි පැවසූ තොම්සන් තම සාක්කුවේ ඇති ඇටසැකිලි කැබැල්ල රැගෙන මේසය මත තැබීය.

" හොඳයි තොම්සන් අපි මේක මිනිස් ඇට සැකිල්ලක්ද නැත්නම් සතෙකුගේ ඇටසැකිල්ලක්ද කියලා විමර්ෂණය කරන්නට වෙනවා නමුත් මටත් කියන්න එක දෙයක් තියනවා ඒ තමයි ඒ පතලේ තවම වැඩ වෙනවා කියලා.. "

" මොනවා තවම වැඩ වෙනවා ......... නමුත් ඒක වෙන්නේ කොහොමද පතලේ හිමිකරුත් මේකට බයවෙලා ප්‍රදේශය අත හැරලා ගියානේ..... "

" සොම්සන් ඔබ කොහොමද එහෙම කියන්නේ අපිට ඒ ගැන කියන්න සාධකේ මොකක්ද ? "

" තොම්සන් , පියල් අපි තුන්දෙනාම එතන ඉන්න කොට අර නන්දසිරි කියලා පුද්ගලයෙක් ඇවිත් අපිට පතල ඇතුලේ හොල්මන් තියනවා කියන කොට මම නිකන් බයෙන් වගේ පතල දිහා බැලුවා එතකොට මට පෙනුනා ඒකේ කඹයක් තියනවා ඒක අලුත් කඹයක් අත ඇරලා දාපු පතලක කොහොමද අලුත් කඹයක් තියන්නේ මම ඒ නිසයි කියුවේ තාම මේකේ වැඩ වෙනවා කියලා හැබැයි සමහර විට මගේ නිගමනය වැරදි වෙන්නත් පුලුවන් අපි තවම මේ ගැන් පූර්ණ නිගමනයකට ආවේ නැහැනේ.... " යැයි සොම්සන් පැවසූ අතර මෙම කියමනත් සමගම පියල් දැඩි කල්පනාවකට වැටුණි.

" අලුත් කඹයක් අලුත් කඹයක් කොහොමද පරණ පතලක තියන්නේ මම දැක්කේ නෑ නේ නමුත් ඒ අවට ප්‍රදේශය කැලයක් ගානට වැටිලා මිනිස් පුලුටක් වත් ඇවිත් නැති සේයාවක් තමයි මම එතන දැක්කේ නමුත් සොම්සන් ඔබ ඔය කියන විදිහට පතල ඇතුලේ කඹයක් තිබුනනම් ඒක කොහොමද එතන තියන්නේ ..... "
පියල් හඬ අවදි කරමින් පැවසීය.

" සොම්සන් මට කියන්න දෙයක් තියනවා "

" මොකක්ද තොම්සන් "

" මේ ඇට සැකිල්ල මිනිස් සිරුරක ඇටසැකිල්ලක් අපිට මේකත් එක්ක එක නිගමනයකට එන්න අමාරුයි කොහොමද මිනිස් ඇටසැකිල්ලක කොටසක් එතන තියන්නේ මේකත් එක්ක අපිට ප්‍රශ්න දෙකකට උත්තර හොයන්න වෙනවා එකක් කොහෙන්ද මිනිස් ඇටසැකිල්ලක් අනෙක මේ පතල ඇතුලේ පැහැරගෙන ඇවිත් මිනී මරණ තැනක් ද කියන එකත් මම එහෙම කියන්නේ සොම්සන් ඔයා කියුව කඹයත් ඇටසැකිල්ලත් අතර මැදි වෙලා දුන්න නිගමනයක් නිසා "


" මොනවා මිනිස් සිරුරක ඇටසැකිල්ලක් ඉතින් දැන් අපි මොකද කරන්නේ.............. "

ඉදිරි දිනකදී යලිත් හමුවෙමු...

කියවලා තිසරගේ අඩවිය මුහුණු පොතටත් සහයෝගයක් දෙන්න හැමෝටම ස්තූතියි.....