මහින්දගේ දේශපාලන ආගමනය සහ ලක්ෂ හැට දෙකේ මෛත්‍රිගේ මෛත්‍රිය

// // Leave a Comment

අද වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා නොදීමට ජනපතිවරයා ගත් තීන්දුවත් සමගම මෙරට දේශපාලන තුල විවිධ පුවත් මවන්නට මහින්ද රාජපක්ෂට හැකි වුවද මහින්දගේ කළගුණ සැලකීම මේ අවස්තාවේදී නැවත මතක් කරදීමට සිදුවන්නේ ඔහු විසින් මැදමුලන හිදී 01 දා කරන ලද ප්‍රකාශයක් පදනම් කරගනිමිනි.

ඒ කෙසේ නමුත් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ පවතින වාතාවරණය අනුව එ.ජා.ප යටවත් එ.ජ.නි.ස ට වත් පැහැදිලි ජයග්‍රහණයක් පෙනෙන තෙක් මානයක දක්නට නොමැත කොස් නමුත් එජාපයට මේ මැතිවරණයෙන් ජය ගන්න නම් ආසන මට්ටමෙන් බිම්මට්ටමින් මැතිවරණයට වෙහෙසක් දැරිය යුතුය නව ඡන්ද එක්කර ගන්නට වෙර දැරිය යුතුය. මහින්ද පැමිණියා කියා සන්ධානයටත් එසේය. කෙසේ නමුත් මෙවර මැතිවරණයෙන් ජවිපේ ජන්ද පදනම වැඩිවන බවනම් පැවසිය යුතුය මන්ද යත් ජවිපේ වර්ථමාන නායකත්වය කෙරේ මහජනතාව වෙත පැහැදීමක් දක්නට ලැබේ කෙසේ හෝ එ.ජා.පය සහ සන්ධානය එපා වූ ඡන්දදායකයන් විකල්පයක් ලෙස ජවිපෙට කතිරය ගැසීමට දැන් පුරුදුව සිටී මේ හේතුවෙන් එහි ඡන්ද පදනම වැඩිවේයැයි පැවසිය හැකිය.

 කෙසේ නුමුත් මහින්ද එක් දෙයක් තේරුම්ගත යුතුය මන්ද යත් මහින්ද මෙන් මෛත්‍රි මහින්දට වෛර කරේ නැත ඒ වෙනුවට මෛත්‍රී මහින්දට මෛත්‍රී කරන්නට විය මන්ද යත් පසුගිය මහින්ද සමයේ හිටපු ජනපතිනියක වූ චන්ද්‍රිකාට කල දේ අප දැක ඇත. ශ්‍රිලනිප කාර්යාලයේ හෝ සම්මේලනයන් තුල වත් චන්ද්‍රිකාගේ ඡයාරූපයක්වත් පෙන්වීමට මහින්ද කටයුතු කලේ නැත. ඒ වෙනුවට මෛත්‍රි තමන්ගේ පක්ෂ කාර්යාලයේ මහින්දගේ පුවරුද සවිකිරීමට තරම් කාරුණික විය එහෙයින් මහින්ද මෛත්‍රී කවුරුදැයි නිවැරදිව තේරුම් ගතයුතුය.
මේ අතරම විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුලු මහින්ද පාර්ෂවය මහින්දව නැවත ගෙන එන්නට මේ වෙර දරන්නේ සැබෑවටම රට ගොඩනැගීමට නොව තමන් ගොඩ ඒමට බව සිහි තබා ගත යුතුය. මන්ද යත් විමල්ලා ඔටුනු හදා ගෙන වෙනම පක්ෂයක් ගෙනැවි තමන් තනිව ඡන්දය ඉල්ලනවා කියුවොත් විමල්ට වෙන්නේ ගෙදර ඉන්නටය විමල්ලාට ඇති ඡන්ද පදනමක් නැත කට තිබූ පමණින් කියුවාට විමල්ලාට ඡන්දය දෙන්න තරම් බහුතර මිනිසුන් මෝඩයන් නොවෙති. ගම්මන්පිලටද එසේය ගම්මන් පිලගේ පිවිතුරු හෙල උරුමයේ පිවිතුරු බව ඇත්තේ කොතැනදැයි කියා ඇසිය යුත්තේ ගම්මන්පිලගෙන්ම පමණි අනෙක් කරුණ නම් ගම්මන්පිලගේ පක්ෂයේ සියලු තනතුරු හි අයිතිකාරයා ගම්මන්පිලය වෙන තනතුරු දෙන්න ගම්මන්පිලගේ පක්ෂයේ කෙනෙක් නැත සරලව කියුව හොත් ගම්මන්පිලගේ පක්ෂයේ ඇත්තේ ගම්මන්පිල පමණි. මේ අයට ගොඩයා හැක්කේ මහින්දගේ කුරහන් සාටකේ එල්ලී පමණක් බව තේරී ඇති නිසා මහින්ද අගමැති කරවන්නට වෙර දරන බව මතක තබා ගත යුතුය.


අනෙක් කරුණ නම් යහපාලනයෙන් වූයේ දේෂපාලන පලිගැනීම් යැයි කියන උදවිය මහින්දගේ පාලන කාලයේ ඉන්නට ඇත්තේ අයිස්ලන්තයේ විය හැකිය මන්ද යත් මෙරට හිටපු හමුදාපතිවරයෙකු වන සරත් ෆොන්සේකා මහතා සිරගත කොට ප්‍රජා අයිතිය අහෝසි කල හැටි අපි දැක්කෙමු එ අයුරින් මෛත්‍රීටම මහින්දව බොරු චෝදනා ඉදිරිපත් කර සිරගත කොට ප්‍රජා අයිතිය අහෝසි කල හැකිකම තිබුනත් මෛත්‍රි එසේ කලේ නැත එහෙයින් යහපාලනේ තරම තේරුම් ගත යුතුය. කෙසේ වෙතත් යහපාලනය කියු තරම් යහපත් නම් වුයේ නැති බවත් තේරුම් ගත යුතුය. මන්ද යත් කියු දේ කලත් සමහර දේ ජනතාවට එතරම් දැනුනේ නැත දැනෙන්නට කලා නම් කියු දේ එසේ නම් යහපාලනය යහපත් යැයි මිනිසුන්ගෙන් අසා දැන ගන්නට තිබුණි.