හොල්මන් ගුහාව පස්වන කොටස

// // Leave a Comment
පසුදා උදෑසන අවදිවූ රහස් පරීක්ෂක දෙපල ඇතුලුව මිතුරන් තිදෙනා අභිරහස් පතලේ අභිරහස විසඳන්නට වූ සැලසුම් සකස් කලේය කෙසේ නමුත් මේ අවස්තවේ තොම්සන් විසින් ඉදිරිපත් කල සැලසුම් සොම්සන් තමන් දෙපලගේ මිතුරා වූ පියල් වෙත පැහැදිලි කලේය. අවසානයේ රහස් පරීක්ෂක දෙපල විසින් තම මිතුරා හට දැන්වූයේ මේ කටයුත්ත තුන්දෙනකුගෙන් සමන්විත වන මිතුරු කල්ලියට කළ නොහැකි බවත් මේ සඳහා තිදෙනාට අමතරව තවත් පිරිසක් එක්රැස් කල ගත යුතු බවත්ය කෙසේ නමුත් රැස් කරගන්නා පිරිස තොරා ගත යුතු අන්දම පිලිබඳව තොම්සන් විසින් මිතුරු පියල්වෙත පැහැදිලි කලේය.


" පියල් මේ අභිරහස විසඳන්න මේකට සැලසුම් හදලා  නම් අපි තුන්දෙනාට විතරක් බැහැ  අපිට තව පිරිසක් එකතු කරගන්නට වෙනවා මොකද මේ වැඩේ අපි හිතන තරම් සරල දෙයක් නම් නෙමේ "

" මාත් එකම තමයි කියන්නෙ... " සොම්සන් හඬ අවදි කරමින් පැවසීය.

" හරි මටත් මෙකේ බැරෑරුම් කම තේරේනවා කොහොම වුනත් අපි කොහොමද මේ වැඩේට පිට මිනිසුන් සම්බන්ද කරගන්නේ මොකද ගමේ මිනිස්සුත් ගොඩ දෙනෙක් මේ සිදුවීමත් එක්කම බයෙන් ඉන්නේ ඔයාලත් දන්නවානේ දැන් පහුගිය සති දෙක තුනට මේ ගමේ තොවිල් නම් කීයක් කලාද ? "

" ඔව් ඒකනම් එහෙම තමයි අපි මේකට සම්බන්ද කරගන්න ඔනේ තරුණ පිරිසක් මොකද ඔවුන්ට දරා ගැනීමේ හැකියාක් තියනවා ඒ වගේම තමයි තරුණ කලේ කියන්නේ ටිකක් ආවේගශීලි කාලයක් ඉතින් අපිට මේ වැඩේට තරුණයන් සම්බන්ද කරගැනීම මම නම් හිතන්නේ අපේ වැඩේ තවත් ලේසියෙන් කරගන්න පුලුවන් වෙන ඒක තමයි" යැයි තොම්සන් පැවසීය.

" හරි දැන් කොහොමද අපි තරුණයන් සම්බන්ද කරගන්නේ ගමේ හැම තරුණයෙක්ම මේ හොල්මන් අල්ලන්න එයි කියලා මම විශ්වාස කරන්නේ නෑ "

" ඒකට මට සැලසුමක් තියනවා පියල් අපි අද ගම වටේම යමු ගිහින් අපිට හමුවන තරුණ පිරිසත් එක්ක අපි කතා කරමු මේ අභිරහස විසඳන්නට කැමැත්තක් දක්වන තරුණයන් පිරිස අපි එකතු කරගෙන අපේ සැලසුම් ක්‍රියාත්මක කරලා අපිට පුලුවන් මේ අභීරහස විසඳන්න" යැයි සොම්සන් පැවසීය.

" ඔව් සොම්සන් මාත් ඒ අදහසට එකඟයි මොකද අපිට කරන්න තියන්නේ ඒ සැලැස්ම විතරයි මෙතුවක් කල් අපි අභිරහස් විසඳුවේ තනියම නමුත් මේ වැඩේට විතරක් අපිට පිරිසක් ඔන වෙනවා හරියට ත්‍රස්තවාදීන් විනාශ කරන්නට හමුදා කණ්ඩායමකට නායකත්වය දෙනවා වගේ වැඩක් මේක වැරදුනොත් ඉවරයි. "

" ඔව් දැන් අපි කරන්න ඔනේ මුලින්ම අපේ කණ්ඩායම රැස් කරගන්න එක ඉට පසුව තමයි අපි අපේ සැලසුම් මොනවාද කියලා අපි නිවැරදිව සකස් කරගන්න වෙන්නේ අපි දැන් යමු ප්‍රදේශය පුරාම ඇවිදින්න ගිහින් අපිට සහය වෙන්න පුලුවන් අය කවුද ඉන්නේ කියලා හොයාගෙන එමු " යැයි කියු තොම්සන් සොම්සන් සහ පියල් ද කැටුව නිවසින් පිටත් විය.

මේ අතර රහස් පරීක්ෂක දෙපල සහ මිතුරු පියල් දහවල වන විට තරුණයන් සිව්දෙනෙකු කැටුව නැවත පියල්ගේ නිවස වෙත පැමිණි අතර තොම්සන් විසින් කරන්නාවූ සැලසුම් තරුණ පිරිස අතර පැහැදිලි කරදෙන්නට විය.

" අපි ඉස්සෙල්ලාම කරන්න ඔනේ මොකක්ද මේක ඇතුලේ වෙන්නේ කියලා මොකද ගමේ හැම තැනම දැන් දන්න කාරණය තමයි මෙ අභිරහස් පතල ඇතුලේ හොල්මන් ඉන්නවා කියන එක නමුත් ඇත්තම කාරණය තමයි හොල්මන් කියලා දෙයක් නෑ කියන එක අපේ සෙලවෙන මනස විසින් අපි අපි විසින්ම හොල්මන් නිර්මාණය කරගන්න එකයි වෙන්නේ ඒ නිසා අපි මෙතැන වෙන්නේ මොකක්ද කියන එක් පැහැදිලිව සොයන්න වෙනවා "

" ඔව් ඒ වගේම තමයි අපි මෙතැනදි කණ්ඩායමක් විදිහට වැඩ කරන්න ඔනේ දැන් මෙතන හතර දෙනෙක් ඉන්නවා අපි තුන් දෙනත් එක්ක මුලු එකතුව හතයි අපි කණ්ඩායම් දෙකකට බෙදිලා මේ ගැන හොයන්න ඔනේ" යැයි සොම්සන් හඬ අවදි කරමින් පැවසීය.

" ඔව් හැබැයි අපි දැන් යන්නේ මේ පතලේ අභීරහස විසඳන්න කියලා ගමේ කිසිම කෙනෙක් දැනගන්න ඉඩතියන්න එපා ඒක හැම කෙනාම හොඳට මතක තබා ගතයුතු දෙයක් මොකද ඒක ගමේ පිරිස දැන ගත්තොත් එක අපේ මේ අභීරහස විසඳන්න තියන ලොකුම බාධාවත් වෙනවා ඒක නිසා මේ දේ අපි හත්දෙනා විතරක් දැනන් හිටියාම හොඳටම ඇති. දැන් එතකොට මාත් එක්ක තව දෙන්නෙක් එන්න සොම්සන් ඉතුරු පිරිස ඔයාට බාරයි"  තොම්සන් පැවසීය.

" දැන් මොකක්ද අපේ සැලැස්ම.... ? " පියල් නිහඬව අසා සිටිමින් හඬ අවදි කරමින් පැවසීය.

" සැලැස්ම තොම්සන් පැහැදිලි කරන්න මොකද මට වඩා ගේම් ගහන්න තොම්සන්ට පුලුවන් " යැයි සොම්සන් මද හිනාවක් පාමින්ම කීවේය

" හි හිහි.. ඔව් පියල් මේකයි අපේ සැලසුම අපි දැන් ඔබ කියුවා වගේම කණ්ඩායම් විදියට බෙදිලා පතල අවට රකින්න ඔනේ එතන මම දැක්කා විශාල අඹ ගහක් තියනවා ඒ අඹ ගහට දෙන්නෙක් නගින්න ඔනේ එතකොට අනිත් පිරිස ඉන්න ඔනේ ඒ අවට වටේ රැඳිලා ඉන්න ඔනේ හැබැයි කිසිම කෙනෙක්ට පෙනෙන්නේ නැති වෙන්න විතරයි ඉන්න ඔනේ අපි හැම කෙනෙක්ටම වෙන්න ඔන වෙලාවට අපි පනිවිඩයක් එවනවා ඒ අනුව අපි කටයුතු කරන්න ඔනේ එතකොට අපිට ඉක්මනින්ම අභිරහස විසඳන්න පුලුවන් එහෙනම් අපි දැන්ම යමු"

" දැන්ම ඇයි දැන්ම තාම දවල්නේ තවම තුනයි විසිපහයි වෙලාව ඇයි දැන්ම ? " ඒ පියල්ය

" මේකයි පියල් අපි දැන්ම ගිහින් ඉන්න දැන් හදාගෙන සූදානම් වෙලා හිටියාම හරි නැත්නම් අපිට රෑට ගිහින් මේ වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා.."

" හොඳයි අපි එහෙනම් යමු යැයි කියු පියල් ඇතුලු පිරිස රහස් පරීක්ෂකවරු දෙදෙනා සමගින් පිටත් වන්නට විය'

අවසන් කොටසින් ලබන සතියේ හමුවෙමු...

කියවලා තිසරගේ අඩවිය මුහුණු පොතටත් සහයෝගයක් දෙන්න හැමෝටම ස්තූතියි.....