මහින්ද සමග නැගිටින්නට වෙරදරන කම්බාහොරු

// // Leave a Comment
මේ දිනවල නම් මැතිවරණ වේදිකාව උනුසුම්ය කියන කතා නම් බොහොමය මේ අතර සමහරු රට හදන කතා මෙන්ම සමහරු ගොන් කතා ද කියති හිටපු ජනපති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීදධූර අපේක්ෂක මහින්ද රාජපක්ෂද මෙකි ගොන් කතා කියන පිරිස අතරේ ප්‍රමුඛයෙකි මන්ද මහින්ද දැන් කියන්නේම බොරු සහ කරන්නේද බොරුවය. ආසන්නම උදාහරණය රාජ්‍ය සේවක වැටුප රුපියල් 25,000 ක් කිරීමට කිවීමය එහිදි මහජනතාව විසින් ඇසිය යුත්තේ වසර කිහිපයක්ම මෙරටේ ජනපති වී ඇති මහන්ද රාජපක්ෂ එතෙක් කල් පොල් ගෑවාද යන්නය. අප සිතිය යුත්තේ මහිනද ජනපති වී සිටින අවදියේ නොකරනු ලැබූ 25,000 අගමැති වී කරයිද යනුවෙනි මෙරට පාර්ලීමේන්තුවට පත්වන බහුතරයක් දෙනා බලයට එන්නට පෙරාතුව කියන කතා තුල මහජනතාව සුරංගනා ලෝකයක්ම මවාදෙන අතර බලයට පැමිනි පසු සුරංගනා ලොව තියා සෙල්ලම් ගෙයක්වත් සාදන්නටද බැරිය. ඒ මෙරටේ දේශපාලනයේ යැටිය ඒ දේශපාලනයේ පොත්ත ගලවා ඇත්ත මතුකරන්නට හැක්කේ ජනතාවට වුවද මෙය නොකරන්නේද ජනතාවමය ඒ මෙරට බහුතර දේශපාකයන්ගේ මුදල් බලයට ජන හඬ යටපත් වී ඇති නිසාවෙනි මෙකි හේතු නිසාවෙන් මෙරට කිසිම දිනක ආර්ථික හෝ සාමාජීය සංවර්ධනයක් සිදු නොවන බවද මතක් කල යුතුය. අප කුඩා කල සමාජ අධ්‍යනය විශය තුලින් අප ඉගෙන ගත්තේ ශ්‍රිලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙසට ඒ අප කුඩා කාලයේදීය දැන් වසර ගණනාවක් ඉක්ම ගියත් අප රට තවමත් සංවර්ධණය වෙමින් පවතින රටකි එහෙත් අප විසින් දැන් තේරුම්ගත යුත්තේ ශ්‍රී ලංකාව සංවර්ධනය නොවන රටක් ලෙසය මන්ද යත් මෙරට අවුරුදු ගණනාවක් මුළුල්ලේ සංවර්ධනය වෙමින් පවතිනා අප රට කිසිදිනක සංවර්ධනය නොවන්නේ මෙරට වැඩකට නැති දේශපාකලයන්ගේ ආගමනයත් සමගය කෙසේ වුවත් මහින්ද දැන් ගමන් කරන්නේද එකී වැඩකට නැති දේශපාලකයන්ගේ ලැයිස්තුවට වීම ශෝචනීයය. මන්ද යත් මහින්ද මෙරටට වැඩක් කළ නායකයෙකි නමුත් ඔහුගේ කාලයේ හොරකම,දූෂනය මෙන්ම වංචාවද බහුලව සිදුවුනි එය මහින්ද විසින්ම පිලිගත් මෙන්ම කියු කතාවකි. 

කෙසේ නමුත් දැන් මහින්ද එන්නට හදන්නේ අගමැති වී මෙරට සංවර්ධනය කරන්නට නම් අප විසින් කිව යුත්තේ මෙතුවත් කල් කුමක් කලේද යන්නය. එමෙන්ම මහින්දට වර්ථමානයේ රෙඳි ඇඳගෙන ජනතාවට පොරොන්දු දිය නොහැකිය. මහින්ද බලයට පැමිණියාට ප්‍රශ්නයක් නැත එහෙත් ඔවුගේ අනුගාමිකයන්ගේ ක්‍රියාකලාපයන් හොඳ නැත. මහින්දගේ චේතනා හොඳ වුවද විමල්ලාගේ මුතුහෙට්ටිලමලාගේ ක්‍රියා කලාපය හොඳ නැත මන්ද යත් අනුරාධපුර රැස්වීමේදී විමල් වීරවංශ ප්‍රසිද්ධියේ කීවේ අපට විරුද්ධ වී අනාගතය අඳුරු කරනොගන්නා ලෙසය. මුතුහෙට්ටිගම කීවේ මහින්ද ආන්ඩු ආ පසු පොලිස් නිලදාරීන් ස්ථාන මාරූවීම්වලට සුදානම් වී සිටින ලෙසය. මහා ලොකුවට දේශය දිනූ රණවිරුවන් ගැන කථා කරන්නාවූ විමල් පොලිස් නිළධාරීන්ද රණවිරුවන් බව අමතක කලේය. විමල්ගේ කටේ ඇත්තේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය නැමති වචනයය. එතැනින් එහාට විමල්ට කතා කරන්නට බැරිය විමල් පාසලක ප්‍රධාන ආරාධිතයා ලෙස ගොස් සාහිත්‍ය ගැන කතා කරන්නට ගොස් නා ගත්තේද කුමන්ත්‍රණ වචනය නොගැවුනු නිසාය. මේවන විට විමල්ගේ ඡන්ද සටන වෙනුවෙන් පුවත්පත් දැන්වීමවල සමස්ත වටිනාකම ලක්ෂ 50කට අධිකය. එක්තරා පුවත්පතකට පමණක්ම විමල් වීරවංශ ලක්ෂ 30ක දැන්වීම් ප්‍රචාරය කරන්නට ගෙවා ඇත. බුලත්විට කඩයක් වත් නොමැති වීරවංශට ලක්ෂ 50කට අධිකව මැතිවරණයට වියදම් කරන්නට මුදල් ඇත්තේ කොහෙන්ද යැයි පරීක්ෂන කළ යුතුය. මැතිවරණයට වියදම් කලාට කම් නැත හෙත් විමල්ගේ වෘත්තිය ලෙස ඔහු නාමයෝජනා පත්‍රයේද සටහන් කොට ඇත්තේ පූර්ණකාලීන දේශපාලනය ලෙසය ඒ තුලින්ම විමල් දේශපාලනයෙන් කෝටි ප්‍රකෝටි ගණන් ගසා කෑ බව ගම්‍යවී ඇත. එහෙයින් ම තේරුම ගත යුත්තේ මහින්දගේ චේතනා හොඳ වුවත් විමල්ලාගේ ක්‍රියාවන් හොඳනැත මහා ලොකුවට එජාපයේ මහ බැංකු බැඳුම්කර ගැන කතා කරන වීරවංශ තමන්ගේ වත්කම් ප්‍රචාරය කල යුතුය. නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉදිකරන ලද නිවාස තම පවුලේ පිරිසවෙත දුන් වීරවංශගේ වංචාව ගැන මොකුත් නොකියන වීරවංශ ජවිපෙ ඉන්නා කාලයේ මාවරමංඩියේ වැලේ වැල් නැති ව සිටියත් දැන් ඉන්නේ කෙසේදැයි අමුතුවෙන් සිතිය යුතු නැත. එහෙයින් මහින්දත් සමග නැගිටිනට වෙර දරන බහුතරයක් හොරුන් මේ කරන්නේ නැවත තමන්ගේ සාක්කු පුරවා ගැනීමේ කාර්යය බව අප විසින් සිතිය යුතුය‍. එහෙයින් මෙවර මැතිවරණයේදී ඡන්දය දිය යුත්තේ හොරකම මැරකම වංචාව නොමැති පිරිසකටය. කුමණ පක්ෂයක අපේක්ෂකයෙකු වුවද ඡන්දය ලබා දෙන අප ඡන්දය දිය යුත්තේ උගත් මෙන්ම රටට වැඩක් ඇති පුද්ගලයන්ට මිස තමා නඩත්තු වන දේශපාලකයන්ට නොවන බව මතක තබා ගත යුතුය. 


කියවලා පහතින් තියන තිසරගේ අඩවිය මුහුණු පොතටත් Like එකකින් සහයෝගයක් දෙන්න ඒ වගේම සැමගේම අදහස් එවන්න හැමෝටම ස්තූතියි