මඩින් නැතුව ගොඩින් එන්න

// // Leave a Comment


මේ දිනවල මුහුණු පොතේ සන්ධානයට ඡන්දය දෙන ලෙසත් නැතහොත් කොටි නැවත නැගී සිටින බවටත් මේ දිනවල ලන්ඩන් හිදී කොටි උත්සව පැවැති අයුරුත් දැක්වෙන ඡයාරූප පල කරමින් අහිංසක මානසික වින්දනයක් ලබන්නාවූ සන්ධාන පාක්ෂිකයන් ගෙන් ඉල්ලීමට ඇත්තේ මඩින් නැතුව ගොඩින් එන්නා ලෙසය. මන්ද යත් මහින්ද නැති වුවහොත් කෙටි නැවතත් හිස ඔසවනවා යැයි කියන මොවුන්ගේ මේ විහිළු කතාන්දරය පෙර පරිදිම මෙවරත් මොවුන් ගෙන එන්නේ කිසිදු සංස්කරණයක් නොකොට වීම අතිශය විහිළු සහගත බවින් යුක්තය.

මෙරට කොටි නැවත නැගිටිනවා යැයි කියමින් මහින්දවාදීන් මේ කරන්නේ මෙරට යුද හමුදාව ලැබූ අති විශිෂිෂඨ යුද ජයග්‍රයහණය හෑල්ලුවට ලක්කිරීමකි. කෙසේ නමුත් මා දකිනා ලෙස නම් කොටි සාමාජිකයන්ටවත් නොමැති තරම් කොටි අමාරුවක් මහින්දවාදීන්ට ඇත්තේය. උදේ හවස කොටි කොටි කියමින් මෙරට මිනිසුන් ගොනාට අන්දන්නට වෙර දරන්නේ ඇයිද යන්න විශාල ප්‍රශ්නයකි.

එසේ නම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ 2010 වර්ෂයේ සරත් ෆොන්සේකා සහ මහින්ද රාජපක්ෂ අතර පැවති මැතිවරණ තරගයෙන් මහින්ද ජනපති වූයේ උතුරු පලාතේ එනම් යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර වැනි අතිෂය දෙමල ජනගහනයක් සිටින ප්‍රදේශ තුලින් මහින්ද රාජපක්ෂට වාර්තාගත ඡන්ද සංඛයාවක් ලබා දෙමිනි එහිදි දෙමල සන්ධානය සෘජුවම මහින්දට උදව් කලේය. එසේ ජය ගත් පසු මෙරට කිසිදු මහින්ද විරෝදී අයෙකු කොටි ඡන්ද තුලින් මහින්ද දිනුවා කියා ප්‍රචාරය නොකලේය. එහෙත් 2015 ජනවාරි 8 මෛත්‍රී - මහින්ද තරගයෙන් මෛත්‍රී දිනු පසු මහින්ද වාදීහු සියලු දෙමල ජනතාව කොටි සාමාජිකයන් කලේය. එසේ නම් ඇසිය යුත්තේ 2010 කොටි ඡන්ද නොවූ උතුරේ ඡන්ද 2015 දී කොටී ඡන්ද වූයේ කෙසේද කියාය. අනෙක් කරුණ නම් මහින්දවාදීහූ ඡන්දය ජයගන්නේ මතෘ භූමිය බේරා ගනිමු යැයි කියමින් මෙරට උගසට තබාය.

කෙසේ නමුත් එජාපය කොටින්ට උදව් කරනවා යැයි කියන බහුතරයකගෙන් මා අසනුයේ එසේනම් රනිල් කොටින්ට උදව් කරනවා නම් මහින්ද රනිල්ට විරුද්දව නීතිය ක්‍රියයාත්මක නොකලේ මන්ද යන්නයි. 2005 රනිල් මහින්ද තරගයෙන් යාපනය ඇතුලු උතුරු ප්‍රදේශ ඡන්ද කිසිවක් රනිල්ට ලැබුනේද නැත්තේ ඇයිද යන්නයි. මන්ද යත් කොටි සංවිධානය එහිදී ඡන්දය භාවිත කරන්නට තහනම් කලේය. එහිදි රනිල් වෙනුවෙන් එක් ඡන්දයක් යාපනයෙන් ලැබුනු අතර එම ඡන්දය දුන් පුද්ගලයාගේද පසු දින අත කපා දින කිහිපයකින් ඝාතනය කරන්නට කොටි සාමාජිකයන් කටයුතු කලේය. කෙසේ නමුත් හමුදාව විසින් සංවත්සරයකදී නිකුත් කරන ලද පොතක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වෙනුවෙන් සුභාශිංශන පුද කලේ දිගු දුර මෙහෙයුම් බලකාය නිර්මාණය කිරීමත් ඒ පිලිබඳ ‍පුද්ගලිකවම සොයා බැලූ බව කියමිනි . නමුත් මේ සියල්ලක්ම එසාවත් නැති දැක්කත් නොදැක්කා මෙන් සිටින මහින්දවාදීන් රනිල් කොටින්ට උදව් කරනවා යැයි කියති. එසේ නම් කරුණා අම්මාන් පිල්ලයාන් කේපී ඇතුලු ප්‍රභල කොටි සාමාජිකයන් පසුගිය සමයේ සිටියේ මහින්දගේ තුරුලේය. අරන්තලා භික්ෂු ඝාතනයේ ප්‍රධාන මෙහෙයුම්කරු වන කරුණා අම්මාන්ට මහින්දවාදීහු කිසිවක් නොකියන්නේ ඇයිදැයි මා ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරමි.

කෙසේ නමුත් අවසන් වශයෙන් ඔවුන් තේරුම් ගතයුතු දෙයක් ඇත මහින්දව නැවත අගමැති කරන්නට වෙර දරන විමල් වීරවංශ ගැන අමුතුවෙන් සඳහන් කල යුතු නැත අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යැයි මොර දිදි ඇමරිකාවට බනින වීරවංශ නිවාඩු ගත කරන්න යන්නේ ඇමරිකාවටය. විමල් දේශපාලනයට පැමිණයේ කෙසේද දැන් ඉන්නේ කෙසේද යන්න දන්නෝ දනිති. විමල්ලා මේ කරන්නේ මහින්දව අගමැති කරවන්නට වඩා තම දේශපාලන පැවැත්ම තරවුරු කරගැනීමක්ය. විමල්ගේ කොස්කොල ඔටුන්නෙන් ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට තරගකල හොත් විමල්ට වෙන්නේ රෙඳි නැතුව ගෙදර යන්නටය. එය වසා ගැනීමට කොටි ඉස්සර කරගෙන කොටි විකුණමින් කරන්නා වූ මේ අරගලය නැවැත්විය යුතුය. මහින්ද දේශපාලනයට පැමිණියාට අපට කම් නැත නමුත් මෙරට මිනිසුත් බොරුවෙන් , වංචාවෙන්, අන්දවා තම පැවැත්ම තහවුරු කරගන්නා කාලකණ්නි දේශපාලනය නම් නැවැත්විය යුතුය. සියලු මහින්දවාදීන්ට කියන්නට ඇත්තේ මඩින් නැතුව ගොඩින් එන ලෙසය.




(හුදෙක් දේශපාලණ කඩේ යෑමක් නොව දැනුණ දේ ලිවීමකි...)