ලකාගේ ජනප්‍රියතාව සහ කොසා ගේ කුමණ්ත්‍රණ තුලින ප්‍රථමස්තානයට පැමිනීම

// // Leave a Comment
ලකා සහ කෝසා එකම ඔපීසියේ වැඩකලද කෝසාට වඩා ලකා බෙහෙවින් ජනප්‍රිය වී තිබුණි. මන්ද ලකාගේ බොරුව සහ ලකාගේ ගැලවීයාමේ ලූලා නියාය හේතුවෙනි. ලකා ඉන්නා තැනක 2 පන්තියේ එවුන් පවා ලකා ගැන දන්නේය. 2 පන්තියේ එවුන් කීවාට ලකාගේ ගමේ මොන්ටිසෝරි යන ලදරුවා පවා අපට වඩා ලකාගේ කෙරුවාව දන්නේ අපිවද මවිත කරවමිනි.  කෙසේ නමුත් ලකාගේ කෙරුවාව නමින් මා ලකා ගේ බොරුව රටට හෙලි කලේය ඇත්තටම රටට හෙළිකලාට රටට මුලින්ම හෙලි කරන ලද්දේ ලකා විසින්ම බව ද අප තේරුම ගත යුතුය කෙසේ නමුත් ලකා මේ වන විට අතිශය ජනප්‍රිය තත්වයකට පත්ව ඇති අතර මේ දිනවල ලකාගේ ප්‍රධානම රැකියාව අනු රැකියාවක් කොට අනු රැකියාව ප්‍රධාන රැකියාව කරගෙන ඇත්තේය ඒ ලකා මේ දිනවල දක්ෂ ඡයාරූප ශිල්පියෙක් බවට පත්ව ඇති අතර එකට සිටි අපට පවා දැන් ලකාව සම්බන්ද කර ගැනීමට අතිෂය වෙහෙසක් දැරිය යුතුය.

 කෙසේ නමුත් ඉදිරියේදී ලකා සම්බන්ද කර ගැනීමට වඩා පහසුවෙන් රටේ ජනාධිපතිවරයා සම්බන්ද කල හැකි වීම නම් සත්‍යයකි කෙසේ නමුත් ලකාගේ ජනප්‍රියතාවට පහර පිට පහර ගසමින් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක නිරත වෙමින් කෝසා ලකාගේ ජනප්‍රියතාව උදුරා ගත්තේය ඒ අන් කිසිවකින් නොව තිසරගේ අඩවිය තුලින් මොවුන් දෙදෙනාගේ චරිතාපදානය එලි දැක්වූ මොහොතේ සිට කෝසාගේ ලැප් ගැනිල්ල අතිෂය ප්‍රේක්ෂක ප්‍රතිචාර මත පලමු ස්ථානය දක්වා ඉහලට ගෙන එන්නට කෝසා සමත් වී ඇති අතර ලකාගේ කෙරුවාව දෙවන ස්ථානය දක්වා පසු බැස ඇත මෙම ක්‍රියාවලිය පිටුපස මාගේ බ්ලොගේ රසික පිරිසට අමතරව කෝසා විසින් කුමණ්ත්‍රණකාරී ලෙස තමාව ජනප්‍රිය කරගැනීමට යෙදු උපක්‍රමයක් විය හැකි බව තතු දත් ආරංචි මාර්ග ඔස්සේ මට දැනගැනීමට හැකි විය.


කෝසා ගේ ජනප්‍රිය වීමේ සිහිනය කෙසේදයත් තමාගේ ඡයාරෑපයක් පල කරන ලෙස ඔහු විසින් කළ ඉල්ලීම මා විසින් චන්ද්‍රිකා මහින්දට නාමයෝජනා දෙනවාට විරුද්ධ වූවා මෙන් විරුද්ද වූයේය. ඒ කෙසේ නමුත් ලකා ඉහල ස්ථානයකට ගෙන එන්නට වෙර දරන වෑයම දිනෙන් දින කඩා වැටෙන්නේ කොසාගේ ලැප් ගැනිල්ල මුලු මහත් බ්ලොග් සහෘදයන් අතර ජනප්‍රිය වන්නට පත්වීමත් සමගය. කෙසේ නමුත් කොසා ලැපි ගැනිල්ල පිටුපස මෙරට සමාජයට මා විසින් අතිෂය වැදගත් පනිවුඩයක් දෙන්නට සමත් විය එනම් මුදල් එකතු කර මිතුරන් සමග විනෝද චාරිකා ගොස් නැවත පැමිණි පසු අනිවාර්යයෙන්ම අය - වැය වාර්ථාවක් සාදා ඉදිරිපත් කල යුතුය යන්නය. මන්ද කොසා ලැප් ගත්තා මෙන් මෙරට බහුතරයක් දෙනා තමන්ගේ අවශ්‍යතා සපුරා ගත් නිසාය කෙසේ නමුත් මෙම සිදුවීම පිටුපස සමාජයට එකී වැදගත් පණිවුඩයක් දීමට හැකිවීම පිළිබද මා අතිශයින් සතුටු වෙමි.

 කෙසේ නමුත් අපේ ලකාද මින් ඉහත කාලයකදී විනෝද චාරිකාවක් යනවා කියා අපෙන් රැපියල් 500 ක් එකතු කොට සිමින්ති මාසය අවසානයේ සිමින්ති කොට්ටයක් ගෙන ගිය අයුරුද සිහිපත් කරනු කැමැත්තෙමි නමුත් එයට අප විසින් විරුද්ද නොවුනේ ලකා තම නිවස හැදීම වැනි අත්‍යවශය කාරණයකට අප මුදල් වියදම් කිරීම අප විසින් පුණ්‍ය කර්මයක් කරගත්තා යැයි සිතා ගනිමිනි. කෙසේ නමුත් එකී කාරණාව මෙන්ම කොසා ලැප් ගැනිල්ල යන කාරණා දෙක සම්බන්ද කොට  සන්සන්දනය කිරීමේදී කොසා ගේ ලැප් ගැනිල්ල නම් අතිශයින්ම වැරදි දෙයක් වන නිසාය මන්ද යත් සිමින්ති කොට්යකට වඩා ලැපක වටිනාකම බෙහෙවින් වැඩි නිසාය. කෙසේ නමුත් ලකාගේ හා කොසාගේ කෙරුවාවන් පිළිබඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙලෙස ඉදිරිපත් කරමි. 

කෝසාගේ  ලැප් ගැනිල්ල දැනට 69 දෙනෙක් කියවා ඇති අතර ලකාගේ කෙරුවාව කියවා ඇතිතේ 53 දෙනෙකු පමණි