සම්පන්දන්ගේ විපක්ෂනායකකම......

// // Leave a Comment

ශ්‍රි ලංකාවේ නව විපක්ෂ නායකවරයා ලෙස දෙමළ සන්ධානයේ නායක සම්පන්දන් තොරා ගත් පව කතානායකවරයා දැන්වූ පසු මුහුනු පොත තුල විවිධාකාර මතවාද ඉදිරිපත් කරනු ලැබු බව අප සැවොම දන්නා කරුණකි එහෙත් මේ පිලිබඳ පුලුල් කථිකාවතක් අවශ්‍ය ව ඇති අතර මේ ඒ සම්බන්දව මාගේ මතය ප්‍රකාශ කිරීමක් බව සිහිපත් කරමි.

  ජාතියක් ලෙස අපි සියල්ලෝම සිංහළය ආගම් නම් විවිධාකාරය එහෙත් අන්තවාදී වන්නට නොවිය යුතුය සම්පන්දන්ලා එකී අන්තවාදයට ගිය මිනිසුන්ය. එය තේරුම් නොගැනීම ගැන අපි කණගාටු විය යුතුය. මන්දය යත් පාර්ලිමේන්තුවේ තෙවැනි බලවේගය වන්නට අන්තවාදී නොවු පිරිසකට නොහැකීවිමය ජවිපෙට වැරදුන තැන් බොහෝමය. එහෙත් ජවිපේ කියන කතා අහන්නට මිනිසුන් පෙලබී ඇති නමුත් ඔවුන්ට ඡන්දය නෙදෙන මට්ටමට මිනිසුන්ගේ මානසිකතාවය දැන් වෙනස්ය. මේ අලුත් පාර්ලිමේන්තුවේ මොනවායින් මොනවා වේදැයි දැන්ම අපට අනාවැකි කිව නොහැකි නමුත් වෙනදේ බලාගෙන සිටින්නට අපට පුලුවන. එහෙත් රටට අහිතක් වන සිදුවීමකදී විරුද්ධවන්නට පාර්ලිමේන්තුවේ සිටින්නාවූ අයට හැකිදැයි නම් විමසිය යුතුමය.

දෙමල සන්දානය පක්ෂයක් වශයෙන් ගත් කල හොඳ පක්ෂයකි නමුත් අර්බුය ඇත්තේ පක්ෂයේ නොව එහි නියෝජනය කරන්නාවූ පිරිකගේ මතවාදය විපක්ෂනායකකම සම්පන්දන්ට දුන්නාට යූඑන්පී කාරයෙක් ලෙස මාද විරැද්ධවෙමි ඒ මට තිබෙන්නාවූ කොන්ද පණ ඇති කමේ ලක්ෂණයකි එහෙත් මා බුකියේ වීරයෙක් නොවෙමි ජනපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී විපක්ෂනායක පදවිය තොරන්නට මැදිහත් නොවන ලෙස ඉල්ලු වීරවංශලා දැන් බොරුවට කෑ ගැසීමේ ඇති පළක් නොමැත මන්ද යත් ජනපතිවරයාට විපක්ෂනායකකම තොරන්නට දුන්නා නම් මෙලහකට නිදහස් පක්ෂයේ අයෙකු ඒ පදවියට පත්වී හමාරය. එහෙත් එයට ඉඩ නොදී මාධ්‍ය සංදර්ෂන පැවැත්වූ විමල්ලාගෙන් දැන් ඇසිය යුත්තේ සනීපද කියා පමණකි. මෙය ගම්වල පැරැන්ණන්ගේ කියමන වන්නේ බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ යන කියමනය. එහෙත් විමල්ලාට අමතක වූ දෙයක් මතක් කරදීමට කැමැත්තෙමි මන්ද යත් සම්පන්දන් විපක්ෂනායක ලෙස පත්වීමෙදී විරුද්ධ වූ අය කරුණා අම්මාන් නිදහස් පක්ෂයේ උප සභාපති වරයා ලෙස පත් වීමේදී විරුද්ධ නොවුයේ මන්නද යන්නය. එදා මෙලෙස කෑ ගසන්නට කොන්ද පණ නොතිබූ පිරිසට දැන් කොණ්ද පණ එන්නට යහපාලනයක් ම පැමිණීමට සිදුවීම එක් අතකට සතුටට කරුණකි.

    මහින්ද රාජපක්ෂ පවා මෙම තීරණයට කිසිවක් පාර්ලිමේන්තුව තුළ හඬගා නොකීම අතිශයින්ම ශෝක ජනකය ඇත්තෙන්ම ඔහුට නැගීට මෙම තීරණයට විරුද්ධව කතා කරන්නට හෝ තිබුණි. එහෙත් ඔහු ඒ දේ කලේද නැත. ප්‍රශ්ණය ඇත්තේ එතැනය කුරූණැගලින් පාර්ලිමේන්තුවට පැමිණි හිටපු ජනපතිවරයාගේ නිහැඬියාව ඔහුට ජනවරම ලබාදුන් ජනතාවගේ අපේක්ෂාව නොවන බව ඔහු තේරුම් ගතයුතුව ඇත. නැතහොත් ඔහුට කවුරුන්හෝ එය තේරුම් කල යුතුව ඇත. විමල්ලාට නොතේරෙන යම් දෙයක් ඇත එනම් පාර්ලිමේන්තුව තුල බලය ඇත්තේ කථානායකවරයාටය. කථානායකවරයාට කිය යුතු දේ අගමැතිට හෝ ජනපතිට කියා විසඳිය නොහැකි බව ඔවුන් තේරුම්ගත යුතුව ඇත. තවද මේ රට පාලනය කරන්නේ අගමැති ජනාධිපති හා ඔවුන්ගේ ආණ්ඩුව මිසක් විපක්ෂනායක නොවන බව සෑම කෙනෙක්ම තේරුම්ගත යුතුව ඇත
.
         අපට වැරදුනු තැන් බොහෝමය ඉදිරියේදී වැරදෙන්නට තිබෙන තැන්ද බොහෝමය එයින් අපි දැනගත යුත්තේ ආරක්ෂිතව අපගේ වැරදි නිවැරදි කර ඉදිරියට යාටමට අදටත් පාර්ලිමේත්තුවේ සන්ධාන  මන්ත්‍රිවරුන් තමන් විපක්ෂව ස්වාදීනව කටයුතු කරන බව ප්‍රකාශ කර නොමැත මෙය සිදු කලා නම් මෙවැනි තත්වයක් උදා වන්නේද නැත එහෙත් ඔවුන්ට ඇත්තේ තනතුරු තාන්න මාන්න පිලිබඳ හීනයකි ඇමතිකමක් ලබා ගන්නේ කෙසේද යන්න ඔවුන්ගේ හීනයකි නැතහොත් මේ අවස්ථාවට විරුද්ධව විමල්ලාට පමණක් නොව විපක්ෂ හැම අයෙකුටම කෑ ගැසීමේ හැකියාව ඇත නමුත් සිදුවූ දෙය ඔබට පැහැදිලි වන්නේ නම් වරද සිදුව ඇත්තේ මෙතැන යැයි සැමට කිව හැක.

   කාලය සියල්ල විසඳන තෙන් බලා සිටින්නට නෙත් යොමා මේ සියල්ල දෙස සාදාරණව බැලිය යුතුව ඇත අවධිය දැන් උදාවන්නට පටන්ගෙන ඇත සිදුවන දේ අනුව ඉදිරිය ගැන අනාවැකි කිව නොහැකි නමුත් සිදුවන දේ අනුව ක්‍රියාත්මක වන්නට අපට ඇති හැකියාව ප්‍රයෝජනයට ගත යුතුව ඇත