ආදරය කරන අපි ආදරයට ආදරය කරන්නවද ?

// // Leave a Comment


මේ ලොකේ හැම කෙනෙක්ම ඒ කියන්නේ සතා සිව්පාවා ඉඳලා මනුෂයා කියන බුද්ධිමතා වෙනකන් අපි හැමෝම ආදර කරනවා, ආදරය හොයනවා නමුත් අපි ආදරය කරන්නේ ඇත්තටම ආදරයටද කියන සැකය අද වෙනකෙට සමාජගත වෙලා ඉවරයි ඒ හේතුව දැන් තාරැණ්‍යයේ බොහෝ දෙනෙක් ආදර වෙනුවෙන් හොයාගෙන යන්නේ ආදරය වෙනුවෙන් බලාපොරොත්තු වන්නේ ලිංගිකත්වය මේ හේතුවෙන් බොහෝ දෙනෙක් අසරණ වෙනවා විශේෂයෙන් කාන්තා පාර්ෂවය නමුත් සැබැ ආදරය කවදාකවත් විවාහයක් සිදුවන තෙක් ඒ පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ නෑ. අද බස්එකේදී, සිනමාශාලාවදි, අපි එදිනෙදා දකින සිදුවීම් තුලින් මේ සමාජය මොනවගේද කියලා තේරුම්ගන්න බැරි තැනකට පත්වෙලා අද වන විට බොහෝ තරුණියන් තමන්ගේ පෙම්වතා අතින් අතවරයට පත්වෙලා. ඇයි මේ? තරැණියක් තරැණයෙක්ගෙන් බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව, ආදරය, රැකවරණය එහෙව් තරැණියකට ඒ දේ දෙන්න තරැණයෙක් විදියට ඔබට බැරි වුනොත් ඔබට එතැන විශාල ගැටළුවක් නිර්මාණය වෙනවා ඒ වගේම තරැණයන් බලාපොරොත්තු වන්නේ පිවිතුරු ආදරයක් ලබන්න. ඒ ආදරය තරැණියකට ලබා දෙන්න බැරිනම් එතැනත් මේ ගැටළුවම නිර්මාණය වෙනවා.   අපි හැමෝම කැමතියි ආදරය ලබන්න ආදර කරන්න ආදරය හරි පූජනීය ආදරයක් කිරීමේ වගකීම තිබෙන්නේ පෙම්වතුන් වන ඔබ දෙපලට ඔබගේ ආදරය පූජනීය වන ආදරයක් බවට පත් කරගන්න. ඇය ඔබට මවක් වගේම ඔහු ඔබට පියෙක්, ඔබ දෙපලගේ ආදරය ලස්සන ආදරයක් වන තරමට ඔබගේ ජීවිතය ලස්සන වෙනවා. අපි ආදරයට ආදරය කරන්න ඔනේ එතැනදි තමයි ඔබේ ආදරයේ වටිනාකම තිබෙන්නේ ඔබේ ආදරය ලස්සන පවුල් ජීවිතයක්. ඉතිං ඒ ලස්සන පවුල් ජීවිතය අවලස්සන කරගන්න එපා විශේෂයෙන්ම ඔබේ පෙම්වතියට අසාධාරණයක්, අයුක්තියක්, වෙන්න ඔබට ඉඩතියන්න බැහැ, ඇයගේ ජීවිතයම ඔබ වෙන්න පුලුවන් ඒවගේම තමයි තරුණයෙක්ට ඕනම දෙයක් කරලා පාඩුවේ ඉන්න පුලුවන් නමුත් ඒ සිදුවීමෙන් බැටකාපූ තරුණියට එහෙම ඉන්න පුලුවන් කමක් නෑ ඒ ඇයගේ ජීවිතය පිළිබඳ ගැටලුවක්.   ආදරය ලබද්දි ආදරය කරද්දි එය හරි පුදුමාකාර ලස්සනක් හිතට කියා ගන්න බැරි අමුතුම හැඟීමක් එන සිදුවීම් මාලාවක් ආදරය කරද්දි ආදරය ලබද්දි තියනවා ඒ වගේම තමයි ඔබේ ආදරය ඔබට අහිමි උනොත් ඔබට දැනෙන ඒ අමිහිරි හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරිතරම්, නමුත් අවංකවම ආදරය කරපු කෙනෙක් කවදාකවත් ඔබව හැරයන්නේ නෑ මම ඒ නිසා තමයි කලින්ම කියුවේ මේ ආදරය හරි පූජනීය දෙයක් කියන එක ඔබ කවදාකවත් තනිවෙන්නේ නෑ ඔබට ආදරය කරන ලස්සන, පිවිතුරු, ලෙංගතු, ඔබටම ගැලපෙන ආදරයක් ඔබව හොයාගෙන දවසක එනවා ඉදිරියේදි ආදරයක් වෙනුවෙන් වැළපුනු, තැවුනු, හැඬූ ඔබට ඔබේ සිතට පිහිටක් වෙන්න අපි එන්නම්. දැන් ආදරය ලබන ඔබ තමන්ගේ පෙම්වතා පෙම්වතිය ලස්සන ලෝකයක ජීවත්කරවන්න ඇය ලස්සන ලොකයක හීන දකින අතරම ඔහු ලස්සන මාලිගා තනන බවත් අමතක කරන්න එපා..