ජීවිතය හරි තැනින් පටන් ගන්න හරි විදිහට හිතන්න ඕනේ

// // Leave a Comment
අවුරුද්දත් අවසන් වෙන්න තව තියන්නේ මාසයකුත් දින කිහිපයක් විතරයි අපි හැමෝම වගේ හිතන විදිහට ජනවාරි පළමුවෙනිදා අපි හිතනවා මේ අවුරුද්දේදි වත් ගොඩයන්න ඔනේ කියලා හැබැයි අපේ මතකය ආපස්සට අරන් ගියොත් අපි අවුරුදු කීයක් මේ විදිහට හිතුවද? ඒත් අපි හිතපු විදියට අපි ගොඩගියාද? එහෙමත් නැත්නම් අපි සාර්ථක වුනාද? නෑ අපි එහෙම වුනේ නෑ ඇයි ඒ අපි හිතන්නේ අවුරුද්දේ පළමු වැනි මාසේ පළමු දිනේදී විතරයි අපි ගොඩයන්න ඔනේ කියලා. ඒත් දෙවැනි තුන්වැනි දවස් වෙනකොට අපේ හිත් ඇතුලෙන් අපිට ඒක සිතුවිල්ලක් පමණකට සීමාවෙලා ඒ තමයි අපිට වැරදුන තැන හැමෝම කියන දේ තමයි ජීවිතය වරද්ද ගන්න එපා කියලා නමුත් අපි හැමෝටම පොදුවේ කොතනැකදී හෝ මොනම වෙලාවකදී හෝ අපි නොදැනුවත්වම අපිට වරදිනවා. මිනිසෙක්ට වරදිනවා කියන දේ සාමාණ්‍ය දෙයක්, නමුත් අපි අපේ ජීවිතයට මේ දේ කලොත් වරදිනවා කියලා අපි හිතලා වැරදි කරන්නේ නෑ.
     ඉතින් මම කියන්නේ අපිට වැරදුනු තැන කොතනද අපි එතැනින් ආරම්භය ගන්න ඔනේ ජීවිතය හරි තැනින් පටන්ගන්න නම් අපිට වැරදුනු තැනින් පටන්ගන්න ඔනේ මේ ජීවිතය හරියට ධාවන තරගයක් වගේ මේ ධාවන තරගයේදී නිවැරදි මංතීරුවේ අපි දිවුවොත් ජයග්‍රහණය ලබාගන්න පුළුවන් වගේම වැරදි මංතීරුවේ ගියොත් අපිට වරදිනවා හැමදේම අවුරුද්දේ පළමුවැන් මාසයේ පළමුවැනි දවසේ හිතලා දෙවැනි දිනෙන් අවසන් කරන දේ තමයි අපේ ජීවිත තරගයේ වැරදි මංතීරුව අපිට වරදින තැන එතැන, හැබැයි මොනම වෙලාවකදිවත් අපි එතැනින් ආරම්භය ගන්න හිතුවේ නෑ නේද? ජයග්‍රහණය වැඩි වැඩියෙන් ලඟා කරගන්න අපිට මේ ජීවිත තරගයේදි වැඩියෙන් දුවන්න වෙනවා.

     මේ අපේ තාරුණ්‍ය අපි තමයි අනාගතය අපි අසාර්ථක වුනොත් අපෙන් පස්සේ එන අපේ බාල පරපුරත් අසාර්ථක වෙන්න පුලුවන් මොකද ඔවුන්ට නිසි අවබෝදයක් උපදෙසක් දෙන්න අසාර්ථක වුනු අපිට නොහැකි නිසා ඒ වගේම තමයි ඔබ රැකියාවක් කරන තරුණයෙක් වෙන්න පුළුවන් තරුණියක් වෙන්න පුළුවන් තවම අධ්‍යාපනය හදාරණ පාසල් සිසුවෙක් සිසුවියක් වෙන්න පුලුවන් නමුත් අපි හැමෝටම පොදු අපේ ජීවිත සාර්ථක කරගන්න අපි උත්සාහ ගන්න ඔනේ නමුත් ඒකට අවුරුද්දේ පළමුවැනි දවස එන්නම අවශ්‍ය නෑ ඔබට මේ මොහොත මේ ලිපිය කියවන මොහොතෙදි වුණත් ඔබගේ ජීවිතයට සාර්ථකත්වය ලඟාකරන්න මූලික අඩිතාලම, අත්තිවාරම තබන්න පුලුවන් මතක තබා ගත යුතු කරුණ වන්නේ සාර්ථකත්වය අපිව හොයාගෙන එන්නේ නෑ අපි හොයාගෙන යන්න ඔනේ හරියට මිළ කල නොහැකි නිධානයක් ගන්න ඝන අඳුරින් පිරුණු ගල් ගුහාවක ඇතුලට යනවා වගේ ගමණක් මේක මේ යන ගමනෙදි විවිධ බාධක, හැලහැප්පීම්, තාඩන පීඩනයන්ට මුහුණ දීමට සිදුවෙනවා වගේම තමයි මේ සියල්ලක්ම මැඩගෙන අපි අපේ ගමන නිමකර නිධානය තමන් සතු කරගැනීම තුලින් තමයි අපි ඒ ගමනේ සාර්ථකත්වය දකින්නේ අපේ ජීවිත ගමනෙදිත් ඒ දේ සමානයි විවිධ බාධක එන්න පුලුවන් නමුත් බාදක ජයගෙන ඉදිරියට ගමන් කලොත් තරුණ අපිට අපේ සාර්ථකත්නයේ නිධානය ලඟා කරගන්න පුලුවන් ඉතිං අපි සාර්ථක වුනු දවසට තමයි අපිට වසන්තය උදාවෙන්නේ ඒ නිසා මතක තබා ගත යුතු දේ තමයි වසන්තය එන එක අපි සාර්ථක වුනොත් එදාට අපට %වසන්තය එනවා සත්තයි...^