අයවැයත් ඉවරයි දැන් ඇවෙන්ට්ගාඩ් ඉවර කරයිද ?

// // Leave a Comment
දැනට ගාල්ල වරායේ නැංගුරම් දමා ඇති ඇවෙන්ට්ගාඩ් නෞකාව


2010 ජනවාරි8 වෙනිදායින් ලැබු දේශපාලන කරණමත් සමග ඇතිවු ජාතික ආණ්ඩුවේ මංගල අයවැය ඊයේ දින (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණු ලැබුවේ මුදල් ඇමතිවරයා වූ රවී කරැණානායක විසිනි රවීගේ අයවැයට අනුව නම් අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා රැසක මිල ගණන් පහත වැටී තිබුණි. මීට පෙර ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා මධ්‍ය කාළීන ආර්ථික ප්‍රතිපත්ති නෙවැම්බර් 05 වැනිදා පාරිලිමේන්තුවට ඉදිරිපත් කලේය. කෙසේ වෙතත් බැලූ කල අයවැයනම් පට්ටය, පංකාදුය කෙසේ වෙතත් පසුව නම් කෙසේ වෙයිදැයි අප දන්නේ ද නැත මේ කෙහොම වෙතත් අයවැයෙන් පසු ජනතාවට ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය වනවානම් ආණ්ඩුවේ පැවැත්ම හොඳය.

   මේ අතරම ආණ්ඩුවේ ඇතුලත අර්බුද විටින් විට කරළියට පැමිණෙන්නේ ඇවෙන්ට් ගාඩ් නැව හරහාය පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අල්ලස් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සටහන් කරමින් මාධ්‍යට පැවසුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ඉතිහාසයේ ප්‍රථම වරට ඇවන්ට් ගාඩ් සුරකින බවය ඒ අනුව බලන කල නම් මන්ත්‍රීන්ටත් වැඩිය ලොක්කෙක් බවට පත්ව ඇත්තේ ඇවෙන්ට් ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිය. පැමිණිල්ල සටහන් කරමින් වැඩිදුරත් අදහස් දැක්වූ රන්ජන් රාමනායක පැවසුවේ සේනාධිපතිගේ සඟයා ගොඨාභය රාජපක්ෂ අවි ජාවාරම්වලට කප් ගහපු පොරක් මෙන්ම මිග් යානා ගනුදෙණුවෙන් කොටි ගණනින් මුදල් ඉපයු බවත් මේ සම්බන්ඳව ඔහුට ගල්කිස්ස 

ඇවන්ට්ගාඩ් අධිපති
නිශ්ශංක සේනාධිපති

උසාවියේ නඩුවක්ද ඇති බවත්ය. එහෙත් තවමත් මේ සම්න්දයෙන් ආණ්ඩුවට නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවේද යන්න ඇත්තේ විශාල ප්‍රශ්නයකි විජේදාස රාජපක්ෂ ඇවෙන්ට් ගාඩ් සුරකිද්දි රාජීත සේනාරත්න එය පතුරු ගැසුවේය රාජිතට මිලියන 500ක් දීමට සුදානම් වූ බවත් ඔහු එය ප්‍රතික්ශේප කල බවත් රාජිත සේනාරත්න පැවසු අතර එහි හඬපට මේ දිනවල අන්තර්ජාලයේද දක්නට ලැබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ අර්බුදය පැන නගින්නේ මේ හරහාය ඒ අනුව දැන් විජේදාස සහ රාජිත අතර ගැටුමක් නිර්මාණය වී ඇත.

 කෙසේ වෙතත් ගැටුම උත්සන්න වන විට ජනාධිපතිවරයා ඇවෙන්ට් ගාඩ් සම්බන්ද සියලු ගිවිසුම් අහෝසි කර ඇවෙන්ගාඩ් නාවික හමුදාවට පවරා ගන්නට කටයුතු කලේය. රටේ අගමැතිවරයා ජනාධිපතිවරයා ඇවෙන්ට්ගාඩ් නීතිවිරෝධි බව සඳහන් කලත් විජේදාස සහ තිලක් මාරපන ඇවෙන්ට්ගාඩ් හොදයි යන්න පැවසීම නම් සැකයකි. එසේ නම් සේනාධිපතිගෙන් මොවුන් දෙදෙනා මුදල් ලබා ගෙන ඇතද යනුවෙන් විමර්ෂනය කල යුතුය ඇවෙන්ට්ගාඩ් පරීක්ෂණ යට ගැසීමඋදෙසා ක්‍රියා කල ප්‍රධාන ඇමතිවරැන් දෙදෙනා ද වන මොවුන් පිළිබඳ ජනතාවට දැන් ඇත්තේ ද සැකයකි තිලක් මාරපන ඉල්ලා අස්වුනා මෙන් විජේදාසටද අස්වන ලෙස මේ වන විට ජනතා මතයක් නිර්මාණය වන්නට පටන් ගෙන ඇත අප ඇවෙන්ට්ගාඩ් නීති විරේධි කියන්නේද නැත නීත්‍යානූකූලද කියන්නේ නැත මෙරට ආන්ඩුවක්, ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක්, ජනාධිපති කොමිසමක්, පොලීසියක් නීතියක්, අධිකරණයක් ඇතුලු මේ සම්බන්දව පරීක්ෂන පැවැත්විය හැකි ආයතන සහ පිරිස් සිටියදී මේ සම්බන්දව අප අදහස් දැක්වීම නොකල යුතුය. මොනයම් හේතුවකින්හෝ ඇවෙනට්ගාඩ් හොඳවූව හොත් ඒ සම්බන්දව අදහස් දැක්වූ අප නරකය. ඒ ලංකාවේ හැටිය.