රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජුන් තැනුවේම නැද්ද...?

// // Leave a Comment
පසුගිය දින කිහිපයේ වැඩියෙන්ම කතා බහට ලක්වුනේ රජයේ වෛද්‍ය සංගමයය. ඔවුන්ගේ සංගමය පුවත් මවනා කතාකාරයෝ වුවාය. තමන්ගේ අයිතිවාසීකම් කප්පාදු කරමින් කටයුතු කරන ආන්ඩුවට එරෙහිව වර්ජනය කරන්න පටන් ගත්තේ අයවැයෙන් වාහන බලපත්‍රය අහෝසි කරන්නට රජය ගත් තීන්දුවත් සමගින්ය. ඒ අතින් බලන කල දැන් වෛද්‍ය වෘත්තියට වර්තමානයේ පැමිණෙන්නේ රෝගින් සුවපත් කරන්නට නොව වාහන බලපත්‍ර ගැනීමට දැයි අසන තරමට වෛද්‍ය සංගමය පුවත් මැවුවේය. මේ අතරම දැන් වෛද්‍යවරන් කියන්නේ සීපා ගිවිසුමක් ගැනය. සීපා ගිවිසුම ක්‍රියාත්මක කරන්නට රජය වෙර දරනවා යැයි දැන් පවසන වෛද්‍ය සංගමයට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පිලිතුරු දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඉහළ පුටුවල ඉන්නා පිරිසක් බොරු කියමින් තමන්ගේ සාමාජිකත්වයත්, රටත් රැවටීමට උත්සාහ ගන්නේ ඔවුන් තවමත් රාජපක්ෂ රෙජීමයේ වහලුන් නිසා බව පැහැදිලියි. මේ වහල් භාවයේ තරම කොතරම් ද කියනාව නම්, ඔවුන් රාජපක්ෂ රෙජීමය සීපා ගිවිසුම සකක් කරද්දි මේ වගන්ති කිසිවකටවක් විරුද්ද වුණේ නෑ. වෘත්තීය සේවාවන් සඳහා ඉන්දීය ජාතිකයන්ට අවසර ලබාදීමේ වගන්ති ඉවත් කරන්න කියා ඉල්ලා සිටියේ නෑ. අරගල කළේ නෑ. වර්ජන කළේ නෑ -- අගමැති රනිල් වික්‍රමසිංහ--



කතාව ඇත්තය. ඒ දවස්වල විරුද්ද වන්නට ඔය කියනා වෛද්‍ය සංගමයට කොන්ද පණ තිබුනේ නැත. මන්ද වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය හිටියේ මහින්දගේ පැත්තේය. කඩේ ගියේ මහින්දටය. කියන්නේ මහින්ද ගැනමය කොහොම වෙතත් අගමැතිවරයාගේ මේ ප්‍රකාශයත් සමගින්ම රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ගිනි ගත්තේය. අගමැතිගේ ප්‍රකාශට විරුද්දව ජීනිවා යනවා කිවේය. දැවැන්ත වැඩවර්ජනයක් කරනවා කීවේය. අපි කාටවත් කඩේ යන්නේ නෑ කියා අතේ පැලවෙන බොරැ කිවේය. කෙසේ වෙතත් මාධ්‍ය හමුවක් පවත්වා වෛද්‍ය සංගමයේ ලේකම් ප්‍රකාශ කරමින් කියා සිටියේ කීවේ අපි මහින්දට කඩේ ගියෙත් නෑ, වික්‍රමසිංහලාට කඩේ යන්නෙත් නෑ කියාය සංගමයේ නිලධාරින් කඩේ නොගියාට සභාපති නම් මහින්දට ගෙඩි පිටින් කඩේ ගියේය. පසුගිය ජනපතිවරණයේදී මහින්දට සහය පල කරමින් වෛද්‍ය සංගම් එකමුතු හමුවකදී වෛද්‍ය පාදෙණිය කීවේ මෙහෙම කතාවකි.



දර්ෂනයක් ව්‍යර්ථ කරන්න කටයුතු කරන්නේ යම් කිසි විදිහකින් තමන්ට වෙච්ච
අඩුලුහුඬුකමක් හෝ එහෙමත් නැත්නම් වෛරයක් පිරිමහන්න කියන කාරණයේදී ඒක නිසා අපි හිතනවා වෛද්‍යවරු හැටියටත් රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත් පිරිසක් හැටියටත් දර්ෂණයක් තුලින් පමණයි රටක් ඉදිරියට යන්නට පුලුවන් වෙන්නේ ඒ නිසා අපි ඔබතුමාට (මහින්ද රාජපක්ෂ) සහය පළකරනවා       - අනුරුද්ද පාදේණිය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය--




ඒ අනුව නම් බලන කල රජයේ වෛද්‍ය නිදධාරින්ගේ සංගමය කෙසේ වෙතත් එහි සභාපතිවරයා නම් මහින්දට කඩේ ගිය අයෙක් බව මනාව පැහැදිලි වනවාය. රනිල් වික්‍රමසිංහට අනුව නම් වෛද්‍ය පාදෙණිය මහින්දට සුපර් මාකට් ගියේය. ඒ කෙසේ වෙතත් කාලයක් පාදෙණිය හිටියේ අරලියගහ මන්දිරේමය ඔහුගේ මිතුරන් ඔහුව හැඳින්වුයේ පොඩි මහින්දයනුවෙනි. ඒ තරම්ම මහින්දගේ කොපියක් බවට පත්වන්නට වෛද්‍ය පාදෙණිය සමත් වූවේය. කොහොම වෙතත් වෛද්‍ය පාදෙණියගේ මිතුරකු ඒ දවස්වල කීවේ මෙහෙම කතාවකි.

" ඕනේ නම් මිනිහගේ ඇඩ්‍රස් එක ඒ දවස් වල ලියන්න තිබ්බා පාදෙණිය, අරලිය ගහ , කොල්ලුපිටිය  කියලා."

මෙහෙම කතා තියෙද්දි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කීවේ අපි මහින්දට කඩේ ගියෙත් නෑ, වික්‍රමසිංහලාට කඩේ යන්නෙත් නෑ කියාය එහෙම වන්නට පුළුවන. කොහොම නමුත් අප දන්නා පරිදි දැන් වෛද්‍යවරුන් ඉස්සර වගේ නොවේය. ඉස්සර වෛද්‍යවරු දෙවිවරු කියා හැඳින්වුට දැන් එහෙම හඳුන්වන්නේ කවුරුන්ද යන්න ප්‍රශ්ණයකි. දැන් හැමදේම දේශපාලනික වී අවසානය. ඉදිරියට වන්නේද මෙයමය. රනිල් වික්‍රමසිංහට තියා මහින්ද රාජපක්ෂ වුවත් රට ගොඩගන්න බැරි වන්නේද මේ පිල් බෙදිල්ල නිසා වන්නට පුලුවන. පසුගියදා පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් පාර්ලිමේන්තුව අමතා කල ප්‍රකාශය නම් පට්ටය, පංකාදුය, එහෙත් ඒවා තේරැම් ගන්නට පිල් බෙදී ඉන්නා වෘත්තිය සමිතිවලට පුලුවන්දැයි ඇසිය යුත්තේද ඔවුන්ගෙන්මය.