මහින්ද බිල්ලට දී විමල්ලා අත පිහදා ගැනීම

// // Leave a Comment

මහින්ද නව පෙරමුණකින් ඉදිරි මැතිවරණයට

මේ පසුගිය දිනවල මාධ්‍ය විටින් විට රත්කරපු පුවතකි මහින්ද වෙනම පෙරමුණකින් ඉල්ලන බව ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් විටින් විට මාධ්‍ය මගින් අනාවරණය කළත් මහින්ද තවම ඔව් වෙනම පෙරමුණකින් ඉල්ලනවා කියා කියුවේ නැත

මහින්දට කොන්ද පණ නැද්ද වෙනම පෙරමුණකින් ඉල්ලනවාද නැද්ද කියන්න

මිනිසුන් මෙහෙම අහන්නේ මහින්ද වෙනම ඉල්ලනවාද කියා මහින්දගෙන් ඇසු විට පිළිතුරු නොදි මග අරින නිසාවෙනි. කොහොම නමුත් මහින්දට දැන් මේ වෙන්න යන්නේ උලත් නැතිවී පිළත් නැතිවෙන වැඩකි.
මන්ද විමල්ලා මේ හදන්නේ මහින්දගේ පිටින් ගොස් ජාමේ බේරා ගැනීමකි. විමල්ලාට මේ ආත්මෙකට ස්වාධීනව තනියම ඉල්ලා දිනන්නට බැරිය. මහා ලොකුවට කයිවාරු ගැහුවාට ගියවර චන්දේ ඉල්ලුවේද මෛත්‍රීගේ නායකත්වය තිබෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන්ය. තනියම පැවැත්මක් නැති විමල් ඇතුලු මන්ත්‍රීවරුන් දැන් මේ හදන්නේ මහින්ද පිටින් දමා වෙනම පෙරමුණක් නිර්මාණය කරමින් මහින්දව විකුණන් කන්නටය.
වෙනම පෙරමුණු හදන්නේ මොකටද දැන් ඒකාබදධ විපක්ෂය ඇතුලෙම පෙරමුණු කියක් තියෙනවාද ?

ඒක අහන්න වෙන්නේද විමල්ලාගෙන්මය විමල්, ගම්මන්පිල තවම හිතන්නේ මහින්ද පිටින් ගොස් වැඩකරගන්නටය. ඔවුන්ට අනුව ඒකාබද්ධ විපක්ෂයේ මාර්කට්කරන්න ඇත්තේද මහින්ද පමණි. ඇත්තටම දැන් වෙනම පෙරමුණු හැදීමේ වුවමනාව ඇත්තේද ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න අනෙකුත් පත්ෂ මන්ත්‍රීවරුන්ටය. දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණේය, විමල් ජාතික නිදහස් පෙරමුණේය, ගම්මන්පිල පිවිතුරු හෙළ උරැමයේය මොවුන් ගෙන් පිට ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට වෙනම පෙරමුණු හැදීමට වුවමනාවක් තිබෙනවා කියා හිතන්නටද බැරිය පසුගිය දිනක ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කුමාර වෙල්ගම කියුවේ එහෙම පක්ෂ හදන්නට වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවය.

විමල් මේ හදන්නේ වෙනම පෙරමුණක් හදලා එයාගේ පක්ෂයේ සාමාජිකයන් වැඩි කරගන්ද ?

ඉදිරියේදී මෙහෙම අහන්නට වේදැයි දැන්ම කියන්න හදිසි විය යුතු නැත කොහොම වෙතත් විමල්ලාට ගම්මන්පිලලාට මහින්ද කනේ පාරක් ගැහුවේ පසුගිය දිනකදී අභයාරාමේදී පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවකදීය එනම් මහින්ද මෛත්‍රී - රනිල්ගේ ව්‍යවස්ථාවට පූර්ණ සහය දෙන බව ප්‍රකාශ කිරීමත් සමගය. මන්ද ඒකාබද්ධ විපක්ෂය කියුවේ ආණ්ඩුව ව්‍යවස්ථා භූතයෙක් මවනවා යනුවෙනි එහෙත් මහින්ද කීවේ මේ ව්‍යවස්ථාවට අපි පූර්ණ සහය දිය යුතුයි යන්නය.

විමලුයි ගම්මන්පිලයි ව්‍යවස්ථාවට විරුද්ද වෙද්දි ඇයි මහින්ද ව්‍යවස්ථාවට කැමති ?


මෙහෙම අහන්නේ මහින්ද ගේ කතාවෙන් පසු රටේ මිනිස්සුය කොහොම නමුත් ව්‍යවස්ථාවට විරුද්ධ මන්ත්‍රීනට මහින්ද ගැසූ කනේ පහරේ තරම කොපමණදැයි ඉදිරියේදී බලා ගන්නට හැකිය කොහොම විමල් මහා ලොකු කතා කියුවාට මැතිවරණයට ස්වාධීනය ඉල්ලන්න බයය. ඒ නිසා හැමදාම වාගේම මහින්ද ඉන්නතාක් විමල්ලා මහින්දගේ කරපිටින් යමින් තමන්ගේ අරමුණු ඉටුකරගන්න එක නවත්තන්නේද නැත. මහින්දට මේවා තේරෙන්නේද නැත එහෙම තේරෙන කාලේකට අපට කියන්නට ඇත්තේ අශ්වයා ගිය පසු ඉස්තාලේ වසා වැඩක් නැතකියා පමණි.